පාන්පිටි කෝප්පයකින් ලේසි රස කෑම තුනක්

ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පිටි කෝප්පයක් උපයෝගී කරගෙන රසවත්ව හදාගන්න පුළුවන් කෑම වර්ග කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම් වෙන්නේ.

Peanut Butter Blossoms Cookie

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්ප 1
දිය කරගත් බටර් කෝප්ප 1/4
දුඹුරු සීනි කෝප්ප 1/4
බිත්තර 1
වැනිලා ස්වල්පයක්
රටකජු බටර් කෝප්ප 1
ලුණු ස්වල්පයක්
baking powder ස්වල්පයක්
චොකලට් චිප්ස් ( අවශ්‍ය නම් )

හදන්නේ මෙහෙමයි

මුලින්ම බටර් ,දුඹුරු සීනි , බිත්තර සහ වැනිලා හොඳින් බීට් කරගන්න

එය හොඳින් මිශ්‍ර වූ පසු එයට රට කජු බටර් එකතු කරන්න

ඉන්පසුව පිටි , ලුණු සහ බේකින් පවුඩර් හොඳින් හලා ගෙන සකස් කර ගත් මිශ්‍රණයට එකතු කර ඩෝ එක සකස් කරගන්න

ඩෝ එක ඔතාගෙන පැය තුනක් හතරක් හෝ එක රැයක් තිබෙන්නට හරින්න

ඉන්පසුව cookies හැඩයට සකස් කරගෙන අවශ්‍ය නම් චොකලට් චිප්ස් එකතු කරගන්න

අංශක 375 ක උෂ්ණත්වයක විනාඩි 10 සිට 12 දක්වා කුකීස් බේක් කර ගන්න

Vanilla cake

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්ප 1
කිරි කෝප්ප 1/4
baking powder තේ හැඳි 1/3
බටර් කෝප්ප 3/4
සීනි කෝප්ප 3/4
බිත්තර 2
වැනිලා ස්වල්පයක්
බේකින් සෝඩා තේ හැඳි 1/2
කජු ස්වල්පයක්
වියලි මිදි ස්වල්පයක්
ලුණු පින්ච් 1

හදන්නෙ මෙහෙමයි

භාජනයක් ගෙන පිටි , බේකින් සෝඩා , බේකිං පව්ඩර් , ලුණු හොඳින් හලාගෙන මිශ්‍ර කර පසෙකින් තබන්න

ඉන්පසුව තවත් භාජනයක් ගෙන බිත්තර හොඳින් බීට් කර ගන්න. එයටම සීනි එකතු කර නැවතත් බීට් කර ගන්න

දැන් එයට වැනිලා එකතු කරන්න

ඊළඟට පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු කිරි එකතු කර නැවතත් මිශ්‍ර කරන්න

තැටියකට බටර් තවරා මිශ්‍රණය එකතු කර ටැප් කරන්න

මිශ්‍රණයට උඩින් කජු සහ මුද්දරප්පලම් එකතු කරගන්න

ඉන්පසුව හොදින් බේක් කරගන්න

Banana bread

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 1
සම්පූර්ණ ධාන්‍ය තිරිඟු පිටි කෝප්ප 1
හොඳින් පොඩි කර ගත් කෙසෙල් කෝප්ප 2
එලවලු තෙල් තේ හැඳි 2
දුඹුරු සීනි කෝප්ප 1
බිත්තර 2
වැනිලා තේ හැඳි 1
බේකින් සෝඩා ස්වල්පයක්
බේකින් පවුඩර් ස්වල්පයක්
කුරුඳු කුඩු ස්වල්පයක්
ලුණු කුඩු ස්වල්පයක්
toast කළ කජු ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

මුලින්ම අවන් එක 350F preheat කර ගන්න. 9×5 තැටියකට බටර් ගා ගන්න

ඉන්පසුව භාජනයක් ගෙන එයට පොඩි කර ගත් කෙසෙල් , තෙල් , සීනි ,බිත්තර සහ වැනිලා එකතු කර හොඳින් කලවම් කරන්න

දැන් පිටි වර්ග දෙක, බේකින් සෝඩා සහ බේකින් පවුඩර් ,ලුණු සහ කුරුඳු කුඩු හොඳින් හලා ගෙන කෙසෙල් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

අවසානයට ටෝස්ට් කල කජු කුඩාවට කපාගෙන මිශ්‍රණයට එකතු කර මිශ්‍රණය කලින් සූදානම් කරගත් තැටියට දමා ටැප් කරගන්න

උෂ්ණත්වය 205°F පමණ හොදින් බේක් කරගන්න

Related Articles

Don't Miss


Latest Articles