තනිකමට පිළියමක්

ඇතැම් වෙලාවට අපිට තනිකමක් නැත්නම් කාංසියක් දැනෙනවා. තනිකම දැනුනු අවස්ථාවට යමක්කිරීම හරිම අපහසුයි වගේම මේ හැඟිම අපට කියන්නේ ජීවිතයට යම් වෙනසක් ඕන කරනවා කියන එක. ඉතිං තනිකමක් දැනුනම අපට ඉන් මිදෙන්න මෙන්න මේ වගේ ක්‍රම උපයෝගී කර ගන්න පුලුවන්.

කන්දක් තරණය කරන්න. මේක උස කන්දක් වෙන්න ඕන නෑ. නිවස අසළ තියෙන උස කැනක් නැත්නම් පුංචි කඳු ගැටයක් තරණය කරන්න. මුදුනට වෙලා හිටගෙන ඈත පෙනෙන දර්ෂණ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න. හිතේ තියෙන තනිකම කාංසිය මැකිලා යාවී.

හාස්‍යජනක වේදිකා නාට්‍යයක් නරඹන්න. හිතට සහැල්ලුවක් වගේම සතුටක් දැනේවී. තමන් අදහන ආමට අදාල ආගමික ස්ථානයකට යන්න. ආගමික වතාවත්වල යෙදෙන්න. සිතට නැවුම් බවක් දැනේවී.

මිතුරන් එක්ක සාදයක් දමන්න. මිතුරන් සමග හිඳින විට පාළුව තනිකම නිකම්ම නැති වේවි.

ඒ වගේම හොඳ සිනමා පටයක් නරඹන්න. ඒකත් සිතට සතුටක් ගෙන දෙන්න සමත් වේවී. ඒ වගේම තමයි නගරයේ තියෙන වෙනදට නොයන අවන්හලකට යන්න. මෙය අලුත් අත්දැකීමක් වගේම තනිකමට පිළිතුරක් වේවී.

නිවසේ අලුති වැඩියාවක් සිදු කරන්න. අළුක් වර්ණයක් අලේප කරන්න, මල් පාත්තියක් හදන්න, මිදුලේ තියෙන ක්‍රමය වෙනස් කරන්න, නිවස ඇතුගත තියෙන විදිහ වෙනස් කරන්න, මිදුලට අලුත් බංකුවක් හදන්න මේ වගේ දේවල් සිතට ගෙන එන්නේ නැවුම් බවක්.

මිතුරන් එක්ක නැතිනම් තනියම හරි චාරිකාවක යෙදෙන්න. මේ චාරිකාව දින ගණනාවක් දිග දුර යන ගමනක්ම වෙන්න ඕන නෑ. එක දවසේ චාරිකාවක් වුනත් කමක් නෑ. සිතට සතුට ගෙන දෙන දෙයක් තමයි වෙන්න ඕන.

– එරන්දතී –

Related Articles

Don't Miss


Latest Articles