2023 National Award සම්මාන දිනාගත් සුපිරි ඉන්දීය තරු

ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ නියැළෙන පුද්ගලයෙක්ට සිය ජීවිත කාලයේදී  කළාතුරකින් පිරිනැමෙන ඉතාම ගෞරවණීය සම්මානයක් ලෙස National Award සම්මානය හඳුන්වා දෙන්න පුළුවන්. 

ඉතිං 69 වැනි National Awards සම්මාන උළෙල ඉන්දීය ජනාධිපතිනිය වන , ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් 17 වෙනිදා පැවැත්වුණා. 

ඒ ඉන්දියාවේ නව දිල්ලිහි පිහිටි විග්යාන් භවන් හිදීයි. 

මේ සම්මාන උළෙලේදී ඉන්දීය සිනමාව වෙනුවෙන් වර්ෂ 2021 – 2022 අතර කාලයේදී දැක්වූ දායකත්වය වෙනුවෙන් සම්මාන පිරිනැමීම සිදුවුණා. 

මෙහිදී අපි කවුරුත් හොඳින් දන්න කියන ජනප්‍රිය සිනමා තරු කීපදෙනෙක්ම සම්මානයට පාත්‍ර වීම කැපී පෙණුනා. 

අපි බලමු මෙවර National Award සම්මාන දිනා ගැනීමට වාසනාවන්ත වූ ඒ සිනමා තාරකාවන් කවුද කියල 

හොඳම නළුවා / Best Actor

නළුවාට හිමි සම්මානය හිමි කරගැනීමට ජනප්‍රිය නළු අල්ලු අර්ජුන් සමත් වුනේ Pushpa : The rise part 1 චිත්‍රපටයේ Pushpa Raj ගේ චරිතය රඟ දැක්වීම වෙනුවෙනුයි. 

හොඳම නිළිය / Best Actress 

MIMI චිත්‍රපටයේ Mimi Rathore ගෙ චරිතය රඟ දැක්වීම වෙනුවෙන් කීර්ති සෝනන් සහ Gangubai Kathiawadi uචිත්‍රපටයේ Gangubai ගේ චරිතය රඟ දැක්වීම වෙනුවෙන් ආලියා බාත් හොඳම නිළියට හිමි සම්මානයේ සම අයිතිය ලබා ගත්තා. 

හොඳම සහය නළුවා / Best Supporting Actor

පන්කජ් ත්‍රිපාති national award සම්මාන උළෙලේ හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි කරගත්තෙ MIMI චිත්‍රපටයේ Bhanu Prathap Pan ගේ චරිතය රඟ දැක්වීම වෙනුවෙනුයි.

හොඳම සහය නිළිය / Best Supporting Actress

The Kashmir Files චිත්‍රපටයේ Radhika Menon ගෙ චරිතය රඟ දැක්වූ පල්ලවී ජෝසි හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තා. 

හොඳම පසුබිම් ගායනය – පිරිමි / Best Male Playback Singer 

RRR චිත්‍රපටයේ ඉතාම ජනප්‍රිය ගීතයක් වුණු naatu naatu ගීතය ගායනා කරපු එක් ගායකයෙක් වූ කාලා බයිරාවා හොඳම චිත්‍රපට පසුබිම් ගායකයාට හිමි සම්මානය දිනා ගත්තා.

හොඳම පසුබිම් ගායනය – කාන්තා / Best Female Playback Singer 

ජනප්‍රිය ගායිකා ශ්‍රියා ගෝෂාල් Iravin Nizhal චිත්‍රපටයේ Mayava Thooyawa ගීතය ගායනා කිරීම උදෙසා හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනාගන්න සමත් වුණා. 

හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය / Best Director 

2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී තිරගත කිරීම ආරම්භ කළ Godavari (ගෝදාවරී) චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිකිල් මහජාන් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා. 

හොඳම චිත්‍රපටය / Best Feature Film 

ආර්. මාධවන් අධ්‍යක්ෂණය කළ 2022 වසරේ තිරගත වූ Rocketry: The Nambi Effect චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි national සම්මානය දිනාගන්න සමත්වුණා.

ජනප්‍රියම චිත්‍රපටය / Popular Film 

2HF51T1 RRR 2021 de S.S. Rajamouli Prod DB © DVV Entertainment

2022 වසරේ තිරගත වූ එස්.එස්. රාඝමෞලි අධ්‍යක්ෂණය කළ RRR චිත්‍රපටය ජනප්‍රියම සම්මානය හිමි කරගත්ත.  

ඉන්දීය ජනාධිපතිවරයා අතින් සෑම වසරකදීම පිරිනැමෙන මේ සම්මානය මෙවර දිනාගත් සිනමා තරු ඒ වෙනුවෙන් ඔවුන්ගෙ සතුට තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර සිටියා. 

1954 වර්ෂයේ මුලින්ම පිරිනැමුණු National Award සම්මාන ඊළඟ වසරෙදි කවුරු දිනා ගනීවිද ? 

ඔබ මොකද හිතන්නෙ ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles