ලෝකේ ප්‍රසිද්ධම Youtube Cooking Channels

තාක්ෂණය නොදියුනු කාලෙ නම් අපි උයන්න ඉගෙන ගත්තෙ අපෙ අම්මල අත්තමල එහෙමත් නැත්තම් ගමේ ඉන්න කවුරුහරි උයන්න දක්ෂ නැන්ද කෙනෙක්ගෙන්. ඒත් දැන් ලෝකෙ ඕනම කෑමක් අපේ ගෙදරදිම හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් බලල දැනගන්න පුලුවන් තරමට ලෝකෙ දියුණු වෙලා.

ලංකාවෙත් අපි මොනතරම් නම් YouTube Chanels දකිනවද අපිට උයන්න කියල දෙන? පහුගිය කාලෙ ඉතින් ඔව්ව ගැන එක එක විදියෙ වාද විවාදත් මතු වුණා කට්ටියට මතක ඇතිනෙ.

හැබැයි අපි අද නම් කතාකරන්න යන්නේ අපේ රටෙන් මතුවෙච්ච, YouTube Cooking Chanels සහ තරු ගැන නෙවෙයි.

 YouTube Cooking Chanels නිසා ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච උයන්න පිහන්න දන්න තරු ගැන.

ඉතින් අපි මේ අරගෙන එන YouTube Chanels ඔයාලත් බලල තියෙනම්, එහෙම නැත්තම් බලනවනම් ඔන්න ආටිකල් එක කියවල ඉවර වෙලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා හොඳේ.

1.SortedFood

මේ Chanel එකේ නම SortedFood. මේක නම් ඔය අපේ වගේ පරිප්පු, බොංචි වගේ ජාති උයාගන්න කියල දෙන සම්ප්‍රදායික Coking Chanel එකක් නම් නෙවෙයි. ඊට වඩා වෙනස්, හරිම විනෝදයට බර එකක්.

මේක කරන්නෙ Professional Chef Ben තවත් තුන්දෙනෙක් එක්ක. දන්නවනෙ ඉතින් පිරිමි උදවිය උයන්න ආවම එතන කොහොමත් විනෝද සාගරේ වගේනෙ. මේකත් එහෙම චැනල් එකක්. හැබැයි ඒ විනෝදෙ අස්සෙන්ම Pro Cooking Tips අපිත් එක්ක බෙදාගන්නත් Chef Ben අමතක කරන්නෙ නෑ.

2.SamsEat

මේකත් මේ තරුණ පහේ හාදයෙක් කරන වැඩක්. මෙයා මුලින්ම ට්‍රෙන්ඩ් වෙන්න ගත්තෙ ටික්ටොක් එකේ. ටික්ටොක් එක ඇතුලෙත් තමන්ගෙ උයන පිහන හැකියාවලින් වැඩ පෙන්නපු මේ SamsEatගේ වීඩියෝ හැම එකකටම වගේ මිලියන ගණන් Views තියෙනව කියල තමයි අපිට ආරංචි උනේ.

ඉතින් ටික්ටොක් එකේ විතරක් වැඩ පෙන්නල හරියන්නෙ නෑ කියල හිතපු මේ හාදයා YouTube Cooking Chanel එකක් පටන්ගත්තමත් ඒ රසික ආදරේ නම් බිංදුවක්වත් අඩුවෙලා නෑ.

මහ ලොකු පැය ගණන් යන වීඩියෝ නොවුණට Sam ගේ Authentic Reviews එක්ක යන මේ YouTube Cooking Chanel එකත් බලන්න වටින එකක් බව කියන්නම ඕන.

3. Gordan Ramsay

මෙයාගේ ඉතින් නම ඇහුවම දැක්කම ලෝකෙම අඳුරන මනුස්සයෙක්නෙ. මෙයාගේ YouTube Cooking Videos නම් ඔයාලා අනිවාර්‍යෙන්ම බලල ඇති. ඉතින් එහෙව් මනුස්සයව කොහොමද මම මගේ ආටිකල් එකෙන් කතා නොකර ඉන්නෙ නේද?

Gordan Ramsay ව ලොකුවටම ප්‍රසිද්ධ වුණේ MasterChef, Hell’s Kitchen වගේ රූපවාහිනී වැඩසටහන් වලින් වගේම Gordan Ramsay එක එක මිනිස්සුන්ගේ Restaurant වලට ගිහිල්ල අමුතු අමුතු ඩාන්ස් දාන හාදයෙක් බවත් නොදන්නව නෙවෙයිනෙ.

හැබැයි මේ කතා හැම එකක්ම පැත්තකින් තිබ්බම Gordan Ramsay කියන්නෙ ඉවුම් පිහුම් කලාවෙ සුපිරි වැඩ්ඩෙක් කියන එක අපිට අමතක කරන්න බෑ. ඒ නිසාම ලෝකෙ වටෙන්ම මිලියන ගණන් මිනිස්සු Gordon Ramsay ගේ YouTube Chanel එක Follow කරනවා.

4.Pro Home Cooks

මේ තියෙන්නෙ ඔන්න උයන්න ඉගෙන ගන්න YouTube Cooking Chanels බලන අයට බලන්න පුලුවන් තවත් හොඳ Chanel එකක්.

ගෙදරදිම උයන්න පුරුදුවෙන Home Cook කෙනෙක් බලන්නම ඕන  Cooking Chanel එකක් තමයි මේක කියල තමයි අපිට ආරංචි වුනේ. මේ චැනල් එක කරන්නේ Mike G. එයා සතිපතා අරගෙන එන බොහොම සරල වීඩියෝ පට වලින් එයා අපිට කියල දෙනව අපි එදිනෙදා හදාගන්න කෑම ජාති, කෑම වෙලා පහසුවෙන් Upgrade කරගන්නෙ කොහොමද කියල.

5.  Rainbow Plan Life

මේක නම් ඉන්දියාවෙන් එන YouTube Cooking Chanel එකක් ගැන විස්තරයක්. මේ චැනල් එකේ තියෙන විශේශත්වය තමයි මෙයාලා කතාකරන්නෙ Vegetarian කෑම ගැන.

 Plant based lifestyle එකක් හදාගන්න ආසාවෙන් උන්නත් ඒක කරන්නෙ කොහොමද කියල ප්‍රශ්නයක් තියෙන අයට ඔන්න මේ Cooking Chanel එක බැලුවනම් පහසු, සරල උත්තර ගොඩක් හොයාගන්න පුලුවන්. කොහොමත් උඩින් කිව්ව යුරෝපීය Cooking Chanel වලට වඩා ඉතින් ඉන්දියාවෙ මිනිස්සු හදන කෑම බීම අපිට සමීප නිසා මේ චැනල් එක ඔයාලා ගොඩක් ආසාවෙන් බලන බව මට විශ්වාසයි.

සන්ජේ තම්මා කියන  Master Chef තමයි මේ චැනල් එක කරන්නේ.

6.  Townsends

Townsends කියන මේ YouTube Cooking Chanel එකෙන් පෙන්නන්නේ 18වන සියවසේ ඇමරිකාවෙ හදපු ස්ටයිල් එකේ කෑම බීම් හදන විදිය ගැන.

ඇමරිකාවටම ආවේණික  Travel Food වගේම, බාබකිව් දාන විදිය, ඇමරිකානු සොල්දාදුවන්ගේ කෑම බීම ගැන පවා කතා කරන මේ YouTube Chanel එක ඉතිහාසයයි, කෑම බීමවල රසයයි ඔක්කොම එක්කහු වෙච්ච එකක් නිසා ඒ එකතුවෙන් මැවෙන රස නම් හරිම අපූරුයි කියල කියන්නම ඕන.

නොදැකපු කාලය්ක් ගැන, ඒ කාලෙට ආවේණික ඇඳුම් පැලඳුම් වගේ දේවල් දකින්න ලැබෙන මේ YoutUBE Cooking Chanel එක ඔයාගේ ඇස් දෙකටත් Feast එකක් වගේ!

7.My Sri Lanka with Peter Kuruvita

වෙන වෙන රටවල එව්ව කතා කරන අස්සෙ අපෙ රටෙන් ජාත්‍යන්තරේට ගිය මනුස්සයෙක් ගැන කතා කරන්නෙ නැතුවම බෑනෙ.

ඉතින් මේ අපූරු මනුස්සය තමයි Peter Kuruvita කියන්නේ. Peter Kuruvita කියන්නෙ උයන්න පිහන්න දන්න මනුස්සයෙක් විතරක්ම නෙවෙයි. එයා Chef කෙනෙක්, රෙස්ටුරන්ට් එකක් හිමි අයෙක්, Author කෙනෙක් වගේම TV Presenter නඑනෙක්.

ඉතින් ඒ දක්ෂතා එක්කම තමන්ගෙ ඉවුම් පිහුම් දක්ෂතා ඔප්පු කරන Peter Kuruvita ට කෑම වීඩියෝ වල ගොඩක්ම තියෙන්නෙ ලංකාවේ කෑම බීම හදන විදිය ගැන. විශේෂත්වය වෙන්නෙ මේ වීඩියෝ කෑම ගැන විතරක්ම කතා කරන ඒව නෙවෙයි වීම.

ලංකාවේ සංස්කෘ තිය, පරිසරය ගැන වගේම රට තොට විත්ති එක්ක Peter Kuruvita එයාගෙම විදියට අරගෙන යන මේ ගමන ඇත්තටම Culinary Journey එකක් කියල කියන්න පුලුවන්.

ඉතින් මේ මම අරගෙන ආව වගේම ඔයාල බලන YouTube Cooking Chanel මොනවද කියලත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

ඒ වගේම අපේ රට ඇතුලෙ ප්‍රසිද්ධ වෙලා තියෙන ලංකාවේ අපේ YouTube Chanel පවා දවසක ලෝකෙ ජනප්‍රියම YouTube Cooking Chanel වේවා කියල පැතුමත් පතන්න ඔන්න අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles