ඉන්දියාවේ national crush එක වුණු රශ්මිකා මන්දනා

මේ නම අහපු නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම මේ සුන්දර නිලියට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. ඉතාම ලස්සන, ඒ වගේම දක්ෂ, ඒ තරම්ම නිහතමානී Rashmika Mandanna කියන්නෙ මෑත කාලීනව ප්‍රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කල නිලියක් කියල කියන එක ඉතින් බොරුවක් නම් නෙවෙයි.

ඉතින් එච්චර ජනප්‍රිය කෙල්ලෙක් ගැන ඇයි අපි කතා නොකර ඉන්නෙ කියල හිතුන හන්දම තමයි අපි අද ලිපියෙන් Rashmika Mandanna ගැන කතාකරන්න තීරණය කරේ.

1996 අප්‍රේල් මාසෙ පස්වෙනිද ඉපදිච්ච රශ්මිකා තෙලිඟු, කන්නඩ, දෙමල සහ හින්දි කියන භාශා හැම එකකින්ම වගේ තමන්ගෙ රංගන කුසලතාවය පෙන්නපු නිලියක්. කර්නාටක ප්‍රාන්තයේ කොඩගු දිස්ත්‍රික්කයේ විරාජ්පෙට් හි සුමන් සහ මදන් රශ්මිකාට දාව කොඩවා පවුලක උපත ලැබුව රශ්මිකා මුල් අධ්‍යාපනය කොඩගු හි කූර්ග් පොදු පාසලෙන් සම්පූර්ණ කළා. ඇය බැංගලෝරයේ එම්.එස්. රාමයියා කලා, විද්‍යා සහ වාණිජ විද්‍යාලයේ මනෝවිද්‍යාව, පුවත්පත් කලාව සහ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධියක් හදාරලා තමයි රශ්මිකා රඟපාන්න එන්නෙ.

රශ්මිකා කියන්නෙ ඉතාම පුංචි කාලයකින් හැමෝගෙම හිත්වල සිහින කුමරිය වෙන්න වාසනාවන්ත වෙච්ච නිලියක් කියල මෙතනදි මතක් කරන්නම ඕන.

රශ්මිකාව මේ දවස්වල පොඩ්ඩක් වයිරල් යන්න හේතුව උනේ රශ්මිකාගේ මූණ භාවිතා කරලා Deep Fake තාක්ෂණය යොදාගෙන සකසපු වීඩියෝ පටයක් වයිරල් වෙන්න පටන් ගත්ත නිසා. “හැමෝටම මෙහෙම දේවල් වෙනවනෙ” කියල හිතල කටවහගෙන ඉන්නෙ නැතුව තමන් වෙනුවෙන් කතා කරන්න සහ නඩු මගට බැස්ස රශ්මිකාගෙ තිබුණ නිර්භීතකම මම හිතන්නෙ ඒ වීඩියෝවටත් වඩා වයිරල් ගියා.

ට්විටර් එකේ මේ ගැන පෝස්ට් එකක් ලිව්ව රශ්මිකා මේ ගැන කතා කරේ මෙන්න මේ විදියට.

“මට ඇත්තටම හරි දුකයි මෙහෙම ලියන්න වෙච්ච එක ගැන. ඩීප් ෆේක් කියන දේ මොනතරම් නම් දියුණුද කියන එක අපි හැමෝම නොදන්න දෙයක් නෙවෙයි. මට විතරක්  නෙවෙයි වෙන කෙනෙක්ට වුනත් මේ වගේ දෙයක් නිසා මොනතරම් ලොකු බලපෑමක් ඇතිවෙනවද? ඒක දරාගන්න හරිම අපහසුයි.”

මේ දේ උනහම මම වෙනුවෙන් පෙනී උන්න හැමදෙනාටම මම ඉතාම ස්තුතිවන්ත වෙනව. මම ඉස්කෝලෙ යන කාලෙක මෙහෙම දෙයකට මූන දෙන්න උනානම් මොනවද කරන්නෙ කියන එක ගැන මට හිතාගන්නවත් බෑ”

මේ ඩීප් ෆේක් කතාව අමතක කලෝතින් රශ්මිකාව මෑත කාලයේ ගොඩක්ම කතාබහට ලක්වෙච්ච තවත් හේතුවක් තමයි එයා රන්බීර් කපූර් එක්ක කරන ඇනිමල් කියන ෆිල්ම් එක.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ Sandeep Reddy Vanga සහ Rashmika ට ලොකු ෆැන් බේස් එකක් තියෙන හන්දා තෙලිඟු ප්‍රාන්තවල මේ චිත්‍රපටය හොඳටම තිරගත වේවි කියන බලාපොරොත්තුව තමන්ට තියෙනව කියල තමයි නිශ්පාදකයන් නම් කියන්නෙ. මේ චිත්‍රපටයේ Promotions වලට රශ්මිකා රන්බීර්ට තෙලිඟු වචන උගන්නන වීඩියෝ එකකුත් පහුගිය කාලෙ අපිට දකින්න ලැබුනා.

පැපරාසියෙක් තෙළිඟු භාෂාවෙන් රශ්මිකාට ආචාර කරනව දකින රන්බීර් පැපරාසියාගෙන් අහනවා “ඔයා හයිද්‍රාබාද් වලින්ද?  තෙලිඟු දන්නෙ කොහොමද?” කියල.

ඒ තමන්ගෙ මව් භාශාව කියන පැපරාසියට උත්තර දෙන්න රන්බීර්ට තෙලිඟු වචන කීපයක් කියල දෙන්නේ රශ්මිකා.

2014 අවුරුද්දෙ Clean & Clear “Times Fresh Face” දිනල තමයි රශ්මිකා මුලින්ම මේ කැමරාවට නිරාවරණය වෙන්නෙ.ඒ වගේම දෙමල, කන්නඩ, තෙලිඟු, හින්දි භාශා ගොඩකින් චිත්‍රපට රැසකට දායක වෙලා තියෙන නිසා රශ්මිකාව  Pan India Actress කෙනෙක් කියලත් හඳුන්වනවා. ඊටත් වඩා රශ්මිකා ජනප්‍රිය වුනේ National Crush of India කියල හැඳින්වීමත් එක්කම.

මතක ඇතිනෙ ඉන්දියාවේ National Crush එක ලංකාවෙ කොල්ලන්වත් කොච්චර පිස්සු වැට්ටුවද කියල> පහුගිය කාලයක් පුරාවට රශ්මිකාගෙ ෆොටෝ ශෙයාර් කරල ෆේස්බුක් එකේ කොයිතරම් පිරිමි ලමයි තමන්ගෙ ආදරය වචන වලින් රශ්මිකාට පූජ කරාද?

රශ්මිකා 2016 කන්නඩ චිත්‍රපටය වන Kirik Party (2016) සමඟින් රංගනයට පිවිසියේ Rakshit Shetty එක්ක.

ඇය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශංසාවට ලක් වූ අතර ඇය ‘දකුණු ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලේ’ ‘හොඳම නවක නිළිය-කන්නඩ’ සම්මානය දිනා ගත්තා. ඇයගේ මංගල දර්ශනයෙන් පසුව, ඇය වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට දෙකක රඟපෑවා. ඒ තමයි Anjaniputra (2017) සහ Chamak (2017) .

‘අංජානි පුත්‍රා’ චිත්‍රපටයේ ඇයගේ රංගනය වෙනුවෙන් රශ්මිකා Zee Kannada Hemmeya Kannadathi සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තා. මේ ‘Pan-India නිළිය’  2018 Chalo (2018) නම් ආදර නාට්‍යය සමඟින් තෙළිඟු සිනමාවට පිවිසි අතර එම වසරේම ඇයගේ විශාලතම ජනප්‍රිය චිත්‍රපටයක් වන Geetha Govindam (2018) Vijay Deverakonda සමග රඟපෑවා .

 ‘ගීතා ගෝවින්දම්’ වෙනුවෙන් ඇය 2019 වසරේ Sri Kala Sudha Telugu Movie Awards, Zee Cine Awards (Telugu) සහ Filmfare Awards South ඇතුළු ‘හොඳම නිළිය’ සම්මාන කිහිපයක් දිනා ගත්තා. 2019 දී, Dear Comrade (2019) තෙළිඟු චිත්‍රපටයේ ඇයගේ සියුම් රංගනය සඳහා ඇය පුළුල් ලෙස ඇගයීමට ලක් වුනා වගේම  77 වැනි Behindwoods Gold Medals (2019) හිදී ඇය ‘හොඳම නළුවාගේ විචාරක තේරීම’ සම්මානයෙන් පිදුම් ලැබුවේ එම චිත්‍රපටය සඳහා.

2021 අවුරුද්දේ, රශ්මිකා හින්දි සංගීත වීඩියෝවක් වන උචනා අමිත් ෆීට් හි පෙනී සිටියා. ඒ රැප් ගායක බාද්ෂා , අමිත් උචනා , යුවන් ශංකර් රාජා සහ ජොනීටා ගාන්ධි සමගින්. එම වසරේම, රශ්මිකා කන්නඩ භාෂා චිත්‍රපටයක් වන පොගරු (2021) චිත්‍රපටයේ Dhruva Sarja සමඟින් ද රඟපෑ අතර කාර්ති සමඟින් ජනප්‍රිය වූ Sultan (2021) චිත්‍රපටය සමඟින් ඇයගේ දමිළ මංගල දර්ශනය ආරම්භ කළා.

 රශ්මිකා 2017 අවුරුද්දෙ විවාහ ගිවිස ගත්තෙත් සිනමා තිරයෙදි එයාට මුණ ගැහුණ රක්ශිත් ශෙට්ටි එක්ක. මේ දෙන්නගෙ සම්බන්ධෙ ඒ දවස්වල පවා ප්‍රේක්ෂක හිත් හොල්ලන්න හේතු වෙච්ච කාරණාවක් බව ප්‍රසිද්ධයි. ඒත් ඉතින් අපි බලාපොරොත්තු වන විදියටම හැමදේම වෙන්නෙ නෑ කියන්න වගේ තමයි මේ දෙන්න 2018 අවුරුද්දෙදි වෙන්වෙන්නෙ.

ඒකට හේතුව විදියට දෙන්නම පෙන්නල දුන්නෙ තම තමන්ගෙ තියෙන නොසලක හරින්න බැරි නොගැලපීම් කියල තමයි. මේක දෙන්නටම ආදරය කරපු සිනමා ලෝලීන්ගෙ හිත් රිදවන හේතුවක් වුනත් එකිනෙකාගෙ පෞද්ගලිකත්වයට ගරු කරමින් ඒ වෙන්වීම සුන්දරව හසුරගන්නත් රශ්මිකා සහ රක්ශිත්ට පුලුවන් කම ලැබුනා.

ඊටපස්සෙ රශ්මිකාගෙ නම ඈඳුණේ චිරංජිව් මක්වානා එක්ක. හැබැයි ඉතින් කටකතාවකට විතරක්ව වෙන්වුනේ රශ්මිකා රක්ශිත්ගෙන් වෙනු වුනයින් පසුව තමන්ගෙ පෞද්ගලික ජීවිතේ විස්තර එහෙමකට කියල මාධ්‍යයට නොකිව්ව හන්දා.

කොහොමහරි ඉතින් කතා හදන අය ඕවට සැලෙන්නෙ නෑනෙ. ඒ විදියට තමයි රශ්මිකාගෙ නම විජය දේවරකොන්ඩා එක්ක පටලවල කතාවක් පත්තුකරන්න කට්ටිය පටන්ගත්තෙ.

ඒකට ලොකුම හේතුව වෙලා තිබුනේ මේ දෙන්න ඩියර් කොම්‍රේඩ් චිත්‍රපටයේ එකට රඟපාපු එක. හැබැයි සමහරවිට ඒක එහෙමම නොවෙන්නත් පුලුවන්. ඉන්දියාවෙ වෙන ඒව ඉතින් ලංකාවෙ ඉන්න අපිට පේන්නෙ නෑනෙ.

ඉතින් තිරයේ රඟපාපු නලුවො එක්ක මොන විදියෙ කතා පැතිරුනත් රශ්මිකා නම් ඕවට නිශ්ශබ්දව ඉන්නව කියල තමයි අපිට ආරංචි උනේ!

Related Articles

Don't Miss


Latest Articles