තමන්ට වඩා වසර 13ක් බාල තරුණියකට ප්‍රේම කරන බොලිවුඩ් තරුව

ශාහිඩ් කපූර් කියන්නෙ කාලයක් හින්දි චිත්‍රපට ප්‍රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කල සොඳුරු නලුවෙක් කිව්වොත් හරියටම හරි. වෙලාවකට හරිම අහිංසක, තව වෙලාවකට හරිම දඩබ්බර පෙම්වතාගේ චරිත වලින් අපි අතරට ආව ශහිඩ් කපූර් කාලයක් යාලුවෙලා හිටියෙ ගින්දර වගේ ලස්සන කරීනා කපූර්ව කියන එකත් නොදන්න කෙනෙක් නෑනෙ.

ඒත් ඉතින් බොලිවුඩ් ප්‍රේම කතා චිත්‍රපටවල පෙන්නන තරම්ම ලස්සන ඒව නෙවෙයිනෙ. ඉතින් ශාහිඩ් – කරීනා ආදර කතාව බිඳිල ගියයින් පස්සෙ ශාහිඩ් විවාහ උනේ ඇත්තටම හරිම ලස්සන, නිලියක් වගේ කියල කියන්න පුලුවන් මීරා රාජ්පුත් එක්ක.

ඉතින් අපි හිතුව අද අපේ ලිපියෙන් මේ ශාහිඩ් – මීරා ආදර කතාව ගැන ඔයාලත් එක්ක විස්තර බෙදාගන්නව කියල.

ෂාහිඩ් කපූර් සහ මීරා රාජ්පුත් මුණගැසුණේ ඇය වයස අවුරුදු 20 දී සහ තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන විට වන අතර, ඔහු 34 හැවිරිදි වියේ පසුවූ චිත්‍රපටවල සුපිරි තරුවක්ව ඉන්නකොට.

යෝජිත විවාහයක් හේතුවෙන් මේ දෙන්න මුලින්ම මුණ ගැහිල තියෙන්නෙ දිල්ලියෙදි. ෂාහිඩ් නම් මුලින් ටිකක් ලැජ්ජ උනාලු මේ වැඩේට. ඒ වුණාට ටිකකින් මිනිහටම තේරිල තියෙනව තමන් මේ මහ ලොකු තරුවක් කියල හිතාගෙන හිටියට මීරාට නම් ඒක එච්චර ලොකුවට බලපාලා නැති බව.

සමහරවිට ඉතින් මීරටත් ලැජ්ජ හිතෙන්න ඇති. ඒ උනාට කෙල්ල ඉතින් ඒක හංගන් ඉඳිය වෙන්නත් පුලුවන්. හා නැද්ද?

මිඩ්-ඩේ සමඟ මේ මෑතකදි කරපු සම්මුඛ සාකච්ඡාවකදී, ෂාහිඩ් මීරව මුලින්ම හමුවෙච්ච මේ අවස්තාව ගැන කතා කරා.

 “මම සහ ඇය මුණගැසුණු විට මම මිරා ගැන දුටු පළමු දෙය, ඇයට වයස අවුරුදු 20 යි, මට වයස අවුරුදු 34 යි, මම ටිකක් ලැජ්ජාවට පත් වුණා. මම ‘හරි, ඇය ඇත්තටම තරුණයි’ කියල හිතුනෙ ඕනෑම කෙනෙකු හමුවීමට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මට ඇයව මුණගැසෙන විට, මම නළුවෙකු වීම ඇයට කිසිසේත් බලපෑවේ නැත.ඒකමතමයි මට ඇයව තෝරගන්න හේතුවක් උනේ”

“එයා මෙච්චර තරුණ කෙල්ලෙක් වෙලත් එයා මං ගාව හිටියෙ හරිම සාමාන්‍ය විදියට. මට ඇත්තටම ඒක හිතාගන්න බැරිඋනා. මොකද වෙන කෙනෙක් උනානම් අනේ මේ ෂහිඩ් කපූර් කියල වත් හිතල වෙනස් හැසිරීමක් පෙන්නන්න හදනවනෙ” කියලත් ෂහිඩ් මේ සම්මුඛ සාකච්චාවෙදි කියනවා.

මීට පෙර හියුමන්ස් ඔෆ් බොම්බේ සමඟ සංවාදයකදී ෂාහිඩ් මීරා හමුවූ විට ඔහු ජීවත් වූ “භින්නෝන්මාද යථාර්ථය” ගැන කතා කරා.

“මට ලඟ නතර විය හැකි කෙනෙකු හමුවෙනකම් තමයි මම බලාගෙන හිටියෙ. මගේ ලොකුම කනස්සල්ල වූයේ මට ඉතා භින්නෝන්මාද යථාර්ථයක් තිබීමයි – එක් පැත්තක් අධ්‍යාත්මික, භාවනාව ගැන වගේම, අනෙක් පැත්ත මගේ රංගනය සහ ආකර්ෂණීය බව එක්ක කෙනෙක් මට කැමතිවෙයිද කියන කතාව මම ගොඩක් හිතල තිබුනා ඉතින් මම හිතුවා කෙල්ලට මේ දෙකෙන් එකක් තේරෙයි කියලා. එදා තමයි මට මීරාව මුණගැහුණේ”

එම සම්මුඛ සාකච්ඡාවේදීම ෂාහිඩ් කියනව මීරාට “ශක්තිමත් පුද්ගල පෞරුෂයක්”තියෙන බවත් ඔහු නළුවෙකු බව ඇය ගණන් නොගත් බවත්.

“එය ඇයට ප්‍රධාන සාධකයක් නොවූ අතර මම සිතන්නේ එය මා ආශා කළ බවයි. මම සාමාන්‍ය තත්වයට ආශා කරමි. මොකද මගේ ලඟින්ම ඉන්න අය මම තරුවක් කියල හිතද්දි ඒක මට සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න අපහසු වන නිසා” කියලත් ෂාහිඩ් මේ සම්මුඛ සාකච්චාවෙදි මීරාව අගය කරමින් කතා කරනවා.

ෂාහිඩ් සහ මීරා දෙන්න විවාහ උනේ 2015 දී. දැන් නම් දෙන්නටම දරුවො දෙන්නෙකුත් ඉන්නව.

කටකතා දාහක් මැද්දෙ මේ දෙන්න විවාහ උනේ පවුලේ සමීපතම නෑයො එක්ක ගත්ත පුංචි උත්සවයකින්. ඊටපස්සෙ තිබුන උත්සවයකින් තමයි ෂහිඩ් තමන්ගෙ මනමාලියව තමන්ගෙ සිනමා පවුලට මුලින්ම හඳුන්වා දුන්නෙ. ෂහිඩ් මුල ඉඳලම මේ සම්බන්ධෙ රහසිගතව තියාගන්න උත්සහ කරා කියලත් කට්ටිය කියනව.

අනිත් ඕනම සාමාන්‍ය ජෝඩුවක් වගේම ඉතින් මේ දෙන්න අතරෙත් රණ්ඩු සරුවල් වෙලා නැතුව නෙවෙයි. ෂහිඩ් ඒ ගැනත් මාධ්‍යයට කියල තියෙනව. වතාවත් මේ දෙන්න දවස් පහලවක් රණ්ඩු වෙලා තියෙනව. “අපි දෙන්න අතර රණ්ඩු උනාම මම හරියට කලබල වෙනවා. අපි නිතරම රණ්ඩු වෙන්නෙ නෑ. ඒ උනාට රණ්ඩු උනාම දවස් ගණන් අපි තරහ වෙලා ඉන්නවා. මම තමයි ඇත්තටම ඉක්මනට කලබල වෙන්නෙ ඒවයින්. පස්සෙ ඉතින් අපි දෙන්නා කතා කරලා යාලුත් වෙනවා”

මීරාව අපිට සිනමාව තුල දකින්න උනේ නැති උනාට වතාවක් මේ වගේ මාධ්‍ය හමුවකදි නිවේදකයා මීරගෙන් අහනව මේ දෙන්නගෙ Sex Life එක මොන වගේද කියල. අන්න එතනදි නම් අපිට දකින්න ලැබෙනව මේ මීරගේ Playful පත්ත. මීරාට අනුව නම් ෂහිඩ් කියන්නෙ දෙන්නගෙ නිදන කාමරයට ආවම Control Freak කෙනෙක්.

ෂහිඩ් නම් ඒ කතාවෙදි මූනත් රතු කරගෙන ලැජ්ජාවෙන්ලු ඉඳියෙ.

මේ ඒ දෙන්න එයාලගෙ පෞද්ගලික ජීවිතේ ගැන මාධ්‍යයක කතා කල පලවෙනි වතාව නෙවෙයි. කරන් ජොහාර් එක්ක කරපු වැඩසටහනකදිත් මේ දෙන්න ඔය වගේ මාතෘකා ගැන ඕනතරම් කතා බහ කරල තියෙනවා.

විවාහයෙන් අවුරුද්දකට පස්සෙ තමයි මේ දෙන්න මව් පියන් වෙන්නෙ. ඒ පුංචි මීශාට උපත දෙමින්. ෂහිඩ් ඉස්පිරිතාලෙට යනකනුත්, ඒ ගිහිල්ලත් මීර ලඟටම වෙලා ඉඳියලු. දූ හම්බුවෙච්ච ගමන්ම ෂහිඩ් ට්විටර් පණිවිඩයකුත් දාලා තිබුන කට්ටියට මතක ඇති.

“එයා ආව. අපිට පුදුමාකාර සන්තෝසයක් තමයි දැනෙන්නෙ. හැමෝටම බොහොම ස්තුතියි” කියල කියමින්.

මේ දෙන්න හරි ආසලු එකට නිවාඩු ගත කරන්න යන්න. එහෙම බැලුවම ඉතින් ආයෙ නලුවො කියල වෙනසක් නෑ. අපි වගේම තමයි.

දෙන්න අතරෙ අවුරුදු 13 ගැප් එකක් තිබුනට දෙන්නගෙ ආදරේටනම් ඒක ප්‍රශ්නයක් වෙලා නෑ කියල තමයි මේ දෙන්නම මාධ්‍යයට කියල තියෙන්නෙ. මීරා නම් කියන්නෙ ෂහිඩ් මේ ලෝකෙ තමන්ට වඩා අවුරුදු ගාණක් වැඩිපුර ජීවත්වෙලා තියෙන නිසා තමන් දෙයක් අහගෙන, දැනගෙන හැමතිස්සෙම කරනව සහ ඒ ගැප් එකට තමා ගෞරව කරනවා කියල.

දියණිය මීෂා ලැබි වසරකට පස්සෙෂාහිඩ් කපූර් ඔහු සහ බිරිඳ මීරා රාජ්පුත් ඔවුන්ගේ දෙවන දරුවා අපේක්ෂා කරන බව මාධ්‍යයට කිව්වා. මෙය සිදු වූයේ කපූර් මහතාට සහ එම මහත්මියට මඟදී තවත් දරුවෙකු සිටින බවට අනුමාන කිරීම් දකින්න තියෙද්දි. ෂාහිඩ් Instagram හි හුරුබුහුටි ඡායාරූපයක් බෙදාගෙන, ඔහුගේ දියණිය මීෂා Big Sister’ කියල ලියල තියෙන බැලුන් සහ වචන සහිත පෝස්ටරයක් අල්ලගෙන ඉන්නව දැකපු නිසා තමයි මාධ්‍ය මේ ගැන සැක පහල කරල තිබුනේ.

ඒ විදියට තමයි පුතා සයින් මේ ලෝකෙට එන්නෙ.

ඉතින් මීරා සහ ෂහිඩ් කියන්නෙ ඇත්තටම අපි හරිම ආදරය කරන ජෝඩුවක්. මොනතරම් වයස් පරතරයක් තිබුනත් දෙන්න දෙන්නව තේරුම් අරගෙන, එකිනෙකාගෙ ගැලපීම් නොගැලපීම් ඇඩ්‍රස් කරගෙන යන මේ ගමන ඇත්තටම අදහන්න වටිනව.

ඉතින් බොලිවුඩ් සිනමාවෙ අපි ඕනතරම් ලස්සන ආදර කතා දකිද්දි ඒ විදියෙම ආදර කතාවක් අපිට ඇත්තටම දකින්න සලස්වපු ෂහිඩ් සහ මීරා ජෝඩුවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන.

හැබෑ ජීවිතෙත් ඇත්ත ආදරේට ඉඩක් තියෙනව කියල පෙන්නල දීපු එක ගැන.

මිරා රාජ්පුත් ලඟදිම සිනමාවට එනව කියල කතා ඕනතරම් බොලිවුඩයේ පැතිරෙනව. මීරා කියන්නේ ඒක කරන්න නුසුදුසු කෙනෙකුත් නෙවෙයි.

ඉස්සරහට ඒකත් වෙයිද කියල අපි බලාගෙන ඉමු නේද? ඇත්ත ජීවිතේ ආදරණීය කපල් එකක් සිනමා තිරය මතත් කොච්චර ලස්සන ජෝඩුවක් වෙනවද කියල අපිට එතකොට බලාගන්න පුලුවන් වෙයි.

Related Articles

Don't Miss


Latest Articles