සුරූපි දීපිකාගේ හිතගත් ඇගේ පෙම්වතුන්

පසුගිය දවසක කරන් ජොහාර් මෙහෙයවන “koffee with karan” වැඩසටහනට ආව දීපිකා පදුකෝන් තමන්ගෙ සැමියා, රන්වීර්වත් ලඟින් තියාගෙන සමාජ මාධ්‍ය කළඹවපු ප්‍රකාශයක් කරා ඔබට මතක ඇතිනෙ.

“මට ටික කාලයක් තනිව ඉන්නයි අවශ්‍ය වුනේ, මොකද මම ඉතා අසීරු ප්‍රේම සබඳතා කීපයකින් ඉවත් වෙලයි හිටියෙ. මට නැවත වගකීමක්, බැඳීමක් හෝ අත්වැරැද්දක් වෙන්න අවශ්‍ය වුනේ නැහැ. අනික මගෙ වයස. මට අවශ්‍ය වුනේ විනෝදෙන් ඉන්න. 

ඊළඟට මට රන්වීර් මුණ ගැසුනා. අපි වෙන කවුරු ආශ්‍රය කරත් අවසානයේදී අපිව සොයාගෙන ආව. 

ඔහු මට විවාහ යෝජනාව ගෙන එන්න කලින් අපි ආශ්‍රය කරන කාලෙ මම ඔහු ඇර වෙනත් අයවත් ඇසුරු කරා. ඒත් ඔහුව තරම් මට දැනුනු කෙනෙක් හිටියෙ නෑ. මගෙ හිත අවසානයේදි හෙව්වෙ ඔහුව. මගෙ හිත හැමවෙලේම කීවෙ මම ඔහු ලඟට යනව කියලයි.”

රන්වීර් ලඟ තියාගෙනම දීපිකා මේ ප්‍රකාශය කරද්දි රන්වීර්ගෙ මුහුණෙන් නම් එච්චර හොඳ ප්‍රතිචාරයක් ඒ ගැන ලැබුණේ නෑ. ඒක සාධාරණ වෙන්න පුළුවන්නෙ. 

ඉතිං දීපිකාගෙ ප්‍රකාශය බොහෝ දෙනෙක් වැරදි විදිහට දැක්කත් සමහරු ඇගේ අවංක හැඟීම් ප්‍රකාශනය අගය කරලත් තිබ්බ. රන්වීර් එතනදී විහිලුවෙන්ම කීවෙ ඔයා ආශ්‍රය කරපු අය මම දන්නව කියලයි.

රන්වීර් ඒ කීවෙ කවුරු ගැන වුනත් මෙන්න මේ අය දීපිකාගේ පෙම්වතුන් වෙලා හිටිය ඔබ දැනන් හිටියද බලන්නකෝ. 

මුසම්මිල් ඊබ්‍රහීම් 

දීපිකා ආධුනික මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙලා හිටිය කාලෙ ඇය සහ කඩවසම් මෝස්තර නිරූපණ ශිල්පියෙක් වගේම පසුව නළුවෙක්ද වුන මුසම්මිල් ඊබ්‍රහීම් සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවතුණා.

මේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙන්න පැහැදිලි හේතුවක් ඔවුන් ප්‍රකාශ කරේ නැහැ. 

ඒත් දීපිකාට රංගන වරම් හිමිව තිබූ  “yeh jawaani hai deewani” චිත්‍රපටයේ රඟපෑම මුස්සම්මිල් ප්‍රතික්ෂේප කිරීම එයට හේතුවෙන්න ඇති බවට කටකතා නම් පැතිරුණා.

උපේන් පටෙල්

උපේන් පටෙල් කියන්නෙ දීපිකාගෙ හිටපු පෙම්වතුන්ගෙ ලැයිස්තුවෙ තවත් ප්‍රසිද්ධ නමක්.

මාධ්‍ය වාර්තා කරල තියන්නෙ ඔවුන් දෙදෙනාගෙ සම්බන්ධය පටන් ගත්තෙ සෑහෙන්න ජනප්‍රිය වුන ටිකක් සරාගී ජායාරූප ගත කිරීමකට පස්සෙ කියලයි. 

හැබැයි සමහරු මේම සම්බන්ධයක් ඔවුන් දෙදෙනා අතර නොතිබුණ බවත් එය ජායාරූප කීපයක් පමණක් බවයි පවසා සිටියේ. 

නිහාර් පාන්ඩ්‍යා

2005 අවුරුද්ද ආසන්නයේ දීපිකා මුම්බායි ජීවත් වෙන්න පටන් ගත්ත මුල් කාලෙ ඇය සහ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්ද වුණ නිහාර් පාන්ඩ්‍යා අතර සම්බන්ධය ආරම්භ වුණා. 

වසර තුනකට ආසන්න කාලයක් ගලාගිය මේ සම්බන්ධය 2008 දි බිඳ වැටුණා.

දීපිකා සමඟ සම්බන්ධයෙන් පස්සෙ ගායන ශිල්පිනියක් වෙන නීටා මෝහන් සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරපු නිහාර් අද වෙද්දී විවාහකයි.

මහේන්ද්‍ර සිං දෝණි

ඔව්! බොහෝදෙනෙක් විශ්වාස නොකරන නමුත්, ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි සමඟත් දීපිකාගෙ සම්බන්ධයක් තිබුන කියලයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නෙ. 

නමුත්, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් දීපිකාට කැමැත්තෙන් හිටිය නිසා ඔහු සමඟ හොඳ හිත පවත්ව ගන්න දෝණි දීපිකාගෙන් ඈත්ව ඉන්න තීරණය කරා කියලයි පැවසෙන්නෙ. 

මේ අනිත් ක්‍රීඩකය කවුරු කියලද ඔබට හිතෙන්නෙ?

යුවරාජ් සිං

දීපිකාගෙ සහ යුවරාජ් ගෙ සම්බන්ධය නම් මාධ්‍යට වසන් කරන්න ඔවුන් උත්සහ කරේ නෑ.

නමුත් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාව ඔවුන්ගේ සම්බන්ධයට බාධා ඇති කළා. 

“අපි එකිනෙකාගෙ කැමැත්තෙන් හිටිය. නමුත් අපි එකිනෙකාව තවත් තේරුම් ගන්නත් අවශ්‍ය වුණා. නමුත්, මේක දුර දිග ගෙනියන්න පුළුවන් සම්බන්ධයක්ද බලන්න තරම් අපිට එකිනෙකා සමඟ කාලය ගත කරන්න බැරිවුණා. ඒ නිසා ඇය මේ සම්බන්ධයෙන් ඉවත් වුණා. ඉතිං මමත් ඒ තීරණයම ගත්ත.” කියලයි යුවරාජ් ප්‍රකාශ කරේ.

සිද්ධාර්ත් මල්ල්‍යා

දීපිකාගෙ ඊළඟ පෙම්වතා වුනේ ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරික විජ්‍ය මල්ල්‍යා ගේ පුතු සිද්ධාර්ත් සමඟයි. 

2008 වසරේදී ඇරඹි ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය නිතරම මාධ්‍ය අවධානයට යොමුවුණා.

ඔහු ඇයව IPL තරඟයක් අතරතුරදී ප්‍රසිද්ධියේ සිප ගැනීම මේ අතර කැපීපෙනෙන සිදුවීමකුත් වුණා.

මේ සම්බන්ධය රැක ගැනීමට තමා දැඩිව උත්සහා කලත් සිද්ධාර්ත් ගේ නරක හැසීරිම සියල්ල අවසන් කළ බව පසුව දීපිකා ප්‍රකාශ කරා. 

රන්බීර් කපූර්

ජෝන් ඒබ්‍රහම් සහ බිපාෂා බාසු, අමිතාබ් භච්චන් සහ රේඛා වගේම අවධානයක් යොමුවුණු බොලිවුඩ් වල අතීත ආදර කතා අතරට රන්බීර් සහ දීපිකාගෙ ආදර සම්බන්ධයත් එකතු වෙනව. 

“Bachna Ae Haseeno” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී දීපිකා සිතාගත නොහැකි ලෙස රන්බීර්ට ආකර්ෂණය වෙන අතර ඔවුන්ගේ සම්බන්ධය ඇරඹුනේද ඉන් අනතුරුවයි. 

ඇය ඔහුට කොතරම් කැමැත්තෙන් සිටියාද කිවහොත් ඇගේ බෙල්ලේ පිටුපස රන්බීර්ගේ නම සඳහන් පච්චයක්ද කොටා තිබුණා. 

මේ සම්බන්ධය බිඳ වැටුනේ රන්බීර් දීපිකා සමඟ සමඟ සිටින අතරම කත්‍රිනා කයිෆ් සමඟත් ඇතිකරගෙන තිබූ සම්බන්ධය ගැන දීපිකා දැනුවත් වූ පසුයි. 

මේ නිසා දැඩි මානසික ආතතියට ලක්වූ දීපිකා ඒ සඳහා ප්‍රතිකාර සඳහා පවා යොමුවුනු බවයි සඳහන් වෙන්නෙ. 

කෝමවුනත් පසුව හොඳ මිතුරන් බවට පත්වූ ඔවුන් “Yeh Jawaani Hai Deewani” සහ “Tamasha” චිත්‍රපට වල එක්ව රංගනයට පවා සහභාගී වුණා. 

ඉතිං මේ ආදර සම්බන්ධතා කොහොම වුනත් ඇය අද රන්වීර් සමඟ තමන්ගෙ විවාහයේ පස්වන සංවත්සරය ආදරෙන් සමරනව.

මේ වෙද්දී අති දැවැන්ත සාර්ථකත්වයක් හිමිකරගෙන සිටින මේ සුන්දර නිළිය පිටුපස ආදරණීය ස්වාමි පුරුෂයෙක් ලෙස ඔහු සිටින බව ඇය නිරන්තරයෙන් මතක් කරනවා.

සුන්දර දීපිකාටත් ඇයට ගැළපෙනම ආදරය සොයාගන්න මෙතරම් කල් බලා හිඳින්න වුණා. ඒත් අවසානයේදී ඇය ඇයට ආදරය කරන, ගෞරව කරන, රැකබලා ගන්න කෙනෙක් සොයාගත්ත.

ඔබේ පතන ආදරයත් එලෙසම හිමිවේවා! 

Related Articles

Don't Miss


Latest Articles