ලොව සරාගීම නිළියන්

සරාගී බව ගැන අපි එකිනෙකාට තියෙන්නෙ වෙනස් අදහසක් වෙන්න පුළුවන්. 

ඒ කොහොම වුනත් වෙනදාට වඩා අද කෙනෙක්ගෙ සරාගී බව ගැන අදහස් ප්‍රකාශ කරන්න තරම් මිනිසුන් විවෘත වෙලා නම් තියන බව අපි දන්නවා. 

ඇත්තටම සරාගී බව කෙනෙක්ට ලැබෙන ප්‍රශංසාවක් ලෙස හඳුන්වන්නත් බොහෝ දෙනා පෙළඹිලා තියනව.

සරාගී කාන්තාවන් ගැන වගේම සරාගී පිරිමින් ගැනත් ලෝකයේ වැඩිපුර කතාවෙන කාලයක් තමයි මේක. 

ඉතිං අපි ඔබත් එක්ක අද බෙදාගන්න සූදානම් වෙන්නෙ IMDB වාර්තා අනුව 2022/2023 වර්ෂ වල ලොව සරාගීම නිළියන් ලෙස පිළිගැනුනේ කවුද කියලයි. 

බලන්න ඔබ ප්‍රියකරන නිළියන් මේ අතර ඉන්නවද කියල? 

ඒ වගේම මේ ලැයිතුවට තව එකතු වෙන්න ඕන කියල හිතෙන නිළියන් කවුද කියලත් අදහස් බෙදාගෙන යමු. 

Margot Robbie

2023 වර්ෂයේ නිකුත් වුන barbie චිත්‍රපටය නැරඹූ ඔබට Margot Robbie ගැන අපි අලුතින් කියන්න ඕන වෙන්නෙ නෑ. 

1990 ජූලි 02 ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වල උපත ලැබූ ඇයගෙ සම්පූර්ණ නම Margot Elise Robbie ලෙසයි සටහන් වෙන්නෙ. 

උස අඩි 5 යි අඟල් 6 ක් වෙන මේ සරාගී  කැපීපෙනෙන ලක්ෂණ ලෙස ඇගේ නිල්පැහැති දෑස් සහ පුළුල් සිනහව හඳුනාගන්න පුළුවන්. 

Barbie, Amsterdam, Birds of Prey සහ The wolf of wall street වැනි චිත්‍රපට ගණනකට රංගන දායකත්වය ලබා දී තිබෙන ඇය Barbie චිත්‍රපටයෙන් ලැබූ ආදායම ඩොලර් මිලියන 50 කට වඩා වැඩි බවයි සඳහන් වෙන්නෙ. 

Scarlett Johansson   

1984 නොවැම්බර් 22, ඇමරිකාවේ මැන්හැන්ටන් ප්‍රදේශයේ උපත ලැබූ ඇගේ සම්පූර්ණ නම Scarlett Ingrid Johansson බවයි සඳහන් වෙන්නේ.

අඩි 5 යි අඟල් 3 ක් උස ඇගේ පිරුණු තොල් සහ කොළ පැහැති දෑස්, ඇයටම අන්න්‍ය වූ කටහඬ සහ ඇයට වඩා අයසින් වැඩි චරිත රඟපෑම නිසාම ප්‍රේක්ෂකයන් තර ඉතා ජනප්‍රිය වුන චරිතයක්. 

Avengers චිත්‍රපට මාලාවෙන් රසිකයන් අතර වඩාත් අවධානයක් දිනා ගත් ඇය Iron man 2, Captain America : Civil war, Avengers සහ Black Widow වැනි චිත්‍රපට රාශියක කැපී පෙනෙන චරිත නිරූපණය කරා. 

ඇය Avengers End Game චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදීම වෙනුවෙන් ලැබූ අදායම ඩොලර් මිලියන 35 කට වඩා වැඩි බවයි සඳහන් වෙන්නෙ. 

Blake Lively

සිය සැමියා වන Ryan Ronalds සමඟ ඇති කරගන්නා twitter සංවාද නිසා ප්‍රේක්ෂකයන් අතර ආදරය සහ අවධානය නිරන්තරයෙන් හිමිකරගන්න උස අඩි 5 යි අඟල් 10 ක් වෙන මේ සුරූපී නිළිය 1987 අගෝස්තු 25 වෙනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි උපත ලැබුවා. 

ඇයගේ සම්පූර්ණ නම සඳහන් වෙන්නෙ නම් Blake Ellender Brown ලෙසයි.

ඇයටම අනන්‍ය වූ දකුණු ඇසට පහළින් ඇති සලකුණත්, රැලි සහිත හිසකෙස් වල වර්ණය සහ කටහඬ නිසත් ප්‍රේක්ෂක ආදරය හා ආකර්ෂණය දිනාගත් ඇය Gossip Girl සහ The Sisterhood of the Traveling Pants හි රංගන දායකත්වය ලබාදීම නිසා ජනප්‍රිය වූ ඇය 2007 වර්ෂයේ විකාශය වූ Gossip Girl හි එක් කොටසක් වෙනුවෙන් ලැබූ ආදායම ඩොලර් 60 000 වන බවයි සඳහන් වෙන්නේ. 

Laura Vandervoort

1984 සැප්තැම්බර් මස 22 වන දින කැනඩාවේ ටොරොන්ටෝහි උපත ලැබූ ඇගේ සම්පූර්ණ නම Laura Dianne Vandervoort බවයි සඳහන් වෙන්නේ. 

ඇගේ උස අඩි 5 යි අඟල් 6 ක් ලෙස සඳහන් වෙනවා.

තියුණු නිල් පැහැති දෑස් සහ හිසකෙස් වල වර්ණය නිසා ප්‍රේක්ෂක අවධානය දිනාගන්න සමත් වුන ඇය කරාටේ ක්‍රීඩාවෙන් කලු පටි හිමිකාරියක්ද වෙනවා. 

ඇය See For Me, Trigger Point, Coffee Shop, This means war සහ Ted වැනි චිත්‍රපටයන්ට රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

Megan Fox

ඇගේ දිදුළන නිල් පැහැති දෑස්, කටහඬ සහ ශරීරය පුරා ඇති පච්ච සලකුණු (tatto) නිසා කැපීපෙනෙන ඇය 1986 මැයි මස 16 වන දින ඇමරිකාවේදී උපත ලැබුවා.

උස අඩි 5 යි අඟල් 4 වන මේ සුරූපී නිළියගේ සම්පූර්ණ නම Megan Denise Fox ලෙසයි සඳහන් වෙන්නේ. 

Holiday in the sun, Transformers සහ Teenage Mutant Ninja Turtles යන චිත්‍රපට වලදී දැක්වූ රංගනයන්ගෙ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්වුනා.

සමහරවිට ඔබ හිතන සරාගී නිළියන්ගෙ ලැයිස්තුව මීට වඩා වෙනස්  ඇති. අපිත් එක්ක ඒ ගැනත් අදහස් බෙදාගන්න කියල ඔබට ආරාධනා කරන ගමන්ම තවත් මෙවැනි රසවත් ලිපියකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles