දෙවන එලිසබෙත් මහ රැජිණ ගැන ඔබ කිසිදා නොඇසූ අපූරු දේවල් 10 ක්

දෙවෙනි එළිසෙබෙත් රැජිඅන කියන්නේ එංගලන්තයේ මහ රැජිණ වුනාට ඇය ලෝකයේ රටවල් සෑහෙන්නම ප්‍රමාණයකින් ගරු බුහුමන් ලබන රැජිණක්. අද අපි ඔබ එක්ක බෙදාගන්නේ දෙවෙනි එළිසෙබෙත් රැජිණගේ ජීවිතේ ඔබ නොදන්න අපූරු රස කතන්දර කිහිපයක්

එක නම නෙවෙයි නම් ගොඩක්

දෙවෙනි එළිසෙබෙත් රැජිණ කිව්ව ගමන් ඇයව නොදන්න කෙනෙක් නැහැනේ හැබැයි ලිල්බත් කිව්වොතින් ඒ කවුද කියලා දන්නවාද? එහෙම නැත්නම් කැබේඑජ් කීවොත් ඒ කවුද කියලා මතක් වෙනවද? එහෙම නම් අද ඉඳන් මතක පොතට දාගන්න, ලිල්බත් කියන්නේත් කැබේජ් කියන්නේත් දෙවෙනි එළිසෙබෙත් මහ රැජිණටම බව. එළිසෙබෙත් රැජිණ කුඩා කාලෙදි ඇයට එළිසෙබෙත් කියන ගනම උච්ඡ්රණය කර ගැනීම අපහසු වුණ නිසා ඇය විසින්ම ඇගේ පහසුව උදෙසා යොදා ගත්ත නම තමයි ලිලිබත් කියන්නේ. කොහොම වුනත් ඒ නම පසුකාලීනව ඇගේ හිතවතුන් විසින් ඇය ආමන්ත්‍රණය කරන්න බභාවිතා කරපු බවත් කියැවෙනවා.  ඒ විතරක් නෙවෙයි එළිසෙබෙත් රජිණගේ ස්වාමිපුරුෂයා වුන පිලිප් කුමරු තමයි ඇයව  කැබේජ් කියන නමින් හඳුන්වලා තියෙන්නේ.

අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක්

සාමාන්‍යයෙන් කුඩා කාලයේ පටන්ම ධනයෙන් පරිපූර්ණ ජීවිත ලැබෙනකොට සමහර අයට අධ්‍යාපනයේ වටිනාකමක් නැතුව යනවනේ. ඒත් එළිසෙබෙත් නම් මුදල් සහ බල පුලුවන්කාරකම් වලින් අධ්‍යාපනය අඩු කරගත්ත කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම නීතිය සහ ව්‍යවස්තාමය ඉතිහාසය කියන විෂයන් ඇය ඉතාම ගැඹූරට ඉගෙන ගෙන තියෙනවා. මේ ඉගැන්වීමේ කටයුතු වලට බ්‍රිතාන්‍යයේ උන්න දක්ෂම ගුරුවරුන් දිනපතා මාලිගාවට පැමිණී බවත් සඳහන් වෙනවා . මේ ප්‍රධාන විෂයන් වලට අමතරව ඇය ආගම ඉගෙනගන්නත් කාලය වෙන් කරපු බව කියැවෙනවා. කොහොම වූනත් ඇගේ ජීවිතයට මෙම අධ්‍යායාපන කටයුතු වලින් ලැඹුණැ පිටිවහලත් අති මහත් බව නම් ලියලා  තියන්නම ඕනි

යුධ හමුදාවේත් අත්දැකීම්

දෙවෙනි ලෝක යුද්ධ සමය කියන්නේ ගිණි ඇවිලෙමින් තිබුණ කාලයක්. දෙවෙනි එලිසෙබෙත් රැජිණ ට්‍රක් රත රියැදුරුවරියක් සහ කාර්මික ශිල්පිනියක වෙලා බ්‍රිතාන්‍ය හමුදාවේත් සේවය කරලා තියෙනවා. ඒ නිසාම ඇයව හඳුන්වන්නේ ක්‍රියාකාරී  සාමාජිකාවක් වෙලා සේවය කරන්න සක්‍රීය හමුදා සේවයට බැඳුණු පලමු සාමාජිකාව විදියට.

භාෂා ඉගෙනගන්නත් හපන් තැනැත්තියක්

2014 දී පැවතුණු රාජ්‍ය භෝජන සංග්‍රහයේදී එළිසෙබෙත් රැජිණ කතා කරලා තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. පාසැල් කාලයේ පටන් ප්‍රංශ භාෂාව ඉගෙනගන්න එළිසෙබෙත්ට තිබිලා තියෙන්නේ සෑහෙන්නම උත්සාහයක්.  ඒ නිසාම ඇය ඉංග්‍රීසි භාෂාව තරමටම චතුරව ප්‍රංශ බසත් හසුරවලා තියෙනවා.

ගුවන් බලපත්‍ර නැති ගුවන් මගියෙක්

එංගලන්තෙන් අහසට පියාඹන එක අනෙක් අයට අමාරු වුනාට එළිසෙබෙත්ට නම් ඒක අමාරු නෑ. ඒ ඇයට ගුවන් ගමන් වල යෙදෙන්න ගුවන් ගමනක් බලපත්‍රයක් අවශ්‍ය නොවන නිසා. ඒ විතරක් නෙවෙයි, ඇයට බ්‍රිතාන්‍ය පුරා කොහේ ගමන්  කරන්නත් ගමන් බලපත්‍රයක් අවශ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි, රට තුල හා ඉන් පිටතට වන සියළු ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ ඇයගේ නාමයෙන් වීම. එහෙම වුණත් එළිසෙබෙත් රැජිණ 1945දී වලංගු ගමන් බලපත්‍රයක් නම් ලබාගෙන තියෙනවා.

ලංකාවෙනුත් ලියමන්

රැජිණැකට ලියුම් ලියන්න කවුද අමකමැති. ලංකාවේත් එහෙම ලියපු අය ඉඳලා තියෙනවා. ලංකාවෙන් ලියුම් යවපු අයටත් රැජිණගේම අත්සනින් යුත් පිළිතුරු ලිපි වාර්ෂිකවම ඇවිල්ලාත් තියෙනවා.ඒ වගේම  දවසකට රැජිණට ලිපි 200-300 අතර ප්‍රමාණයක් එන බව තමයි සදහන් වෙන්නේ. ඒ ලිපි  කියවලා පිළිතුරු සපයන්න වෙනමම කාර්‍යමණ්ඩලයක් පවා මාලිගාවේ වාසය කරනවා. දවසකට එන ලිපි වලින් කිහිපයක් රැජිණ විසින් පෞද්ගලිකවම කියවන බවත් සඳහන්. තෝරා ගැනෙන සුවිශේෂී ලිපි වලට පමණයි ඇගේ අත්සන තැබෙන්නේ. අනෙක් ලිපි තැපැල් කෙරෙන්නේ ඇගේ කාර්‍යමණ්ඩලයේ අත්සන් වලින්.

උපන්දින දෙකකටම කේක්

සාමාන්‍යෙන් අපි අවුරුද්දකට උපන්දින එකක්නේ සමරන්නේ. ඒත් රැජිණ උපන්දින දෙකකටම කේක් කපනවා. ඒ ඇගේ ඉපදුණු දවස වන 1926 අප්‍රේල් 21 වැනිදා සහ සෑම වසරකම ජුනි දෙවෙනි සෙනසුරාදා දවසේදි. මේ දවස් දෙකෙන් රැජිණගේ නිල උපන්දිනය විදියට සලකන්නේ ජුනි දෙවෙනි සෙනසුරාදා දවස බව තමයින් එංගලන්ත ආරංචි මාර්ග කියන්නේත්.

වයින් ශැම්පේන් සහ ජින්

දිවා ආහාරයට කලින් ලෙමන් කැබැල්ලක් සහ අයිස් කැට  දාපු ජින් පානය කරන දීර්ඝ කාලීන පුරුද්දක් රැජිණට තියෙන බව ඇගේ ඥාති සහෝදරියක් වරෙක සාකච්චාවකදී කියලා තියෙනවා. ඊට අමතරව දිවා ආහාරය ගන්න වෙලාවට ඇය අනිවාර්‍යෙන්ම වයින් බඳුනක් පානය කරන බවත් සඳහන්. සවස් කාලයේ ශැම්පේන් වීදුරුවක් එක්ක වයින් පානයත් ඇගේ නොවෙනස් ව තිබුන පුරුද්දක්. වෛද්‍ය උපදෙස් එක්ක කරගෙන ආව මේ පුරුදු ඇගේ නීරෝගී ජීවන ගමනට පිටුවහලක් වෙන්න ඇති කියලාත් විශ්වාස කරනවා.

අත් බෑගයෙන් දෙන සංඥා

අණ දෙනවා වෙනුවට සංඥා දෙන රැජිණක් ගැන අහලා තියෙනවද? එහෙම නම් දැනගන්න දෙවෙනි එළිසෙබෙත් රැජිණ එහෙම කෙනෙක්. ඇය මේ සංඥා වලට භාවිතා කරන්නේ ඇගේ අත් බෑගය. විශේෂයෙන්ම මාලිගාවෙන් පිටතට ගියාම කාර්‍යමණ්ඩලයේ අයට සංඥා දෙන්න අත් බෑගය භාවිතා කරනවා. උදාහරණයක් විදියට ඇය උකුල මත තියාගෙන ඉන්න අත් බෑගය මේසය මතින් තිව්වොත් කාර්‍යමණ්ඩල සගයන් තේරුම් ගන්නවා ඇය විනාඩි කිහිපයකින් එම ස්තානයෙන් පිටව යන්නට සූදානම් බව.

රැජිණටම වෙන්වුණු කවිකාරියක්

දෙවෙනි එළිසෙබෙත් රැජිණ සාහිත්‍යයට, කලාවටත් ඇල්මක්ල් දක්වපු කෙනෙක් බව සඳහන්. ඒ නිසාම ඇයට පෞද්ගලික කවිකාරියකුත් ඉඳලා තියෙනවා. පළමු වර්ට මේ පෞද්ගලික කවිකාරිය තනතුරට පත් වෙලා තියෙන්නේ කැරොල් ඩැෆී කියන තැනැත්තිය. ඒ 2009 අවුරුද්දේදී. ඇගේ රාජකාරිය වෙන්නේ රැජිණ ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන්ගේ විශේෂ අවස්තා සහ රජ පවුලේ විශේෂ අවස්තා සඳහාම ලියැවෙන කවි නිර්මාණය කරන එක එළිසෙබෙත් රැජිණගේ  60 වෙනි රාජාභිශේකය සහ විලියම් කේට් දෙපළගේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන් ඇය ලියූ කවි ලෝකයේ ප්‍රසිද්දියට පත් වෙලා තියෙනවා.

මේ වගේ දෙවෙනි එළිසෙබෙත් රැජිණගේ ජීවිතේ රස කතා ඔබත් දන්නවාද?

අපේක්ශා ගුණරත්න 

Related Articles

Don't Miss


Latest Articles