“පාරාවෝගේ නිදහසට බාධා කරන අයට සාප වේවා! මේ සොහොන් ගැබේ මුද්‍රාව කඩන කෙනාට, කිසිම දොස්තර කෙනෙක්ට හොයන්න බැරි ලෙඩකින් මරණය හිමිවෙයි.”
ඕක තමයි අතීත ඊජිප්තු ලේඛනයක් කියලා ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ වුණු වාක්‍යය.
ඕක ඩොකියුමන්ටරි, නවකතා, නිවුස් හෙඩ්ලයින්ස්වල විතරක් නෙවෙයි, යූටියුබ් වීඩියෝවල පවා ඕන තරම් තියෙනවා ඔයා දැකලා ඇති. හැබැයි තියෙන එකම ප්රශ්නය තුතන්කාමන්ගේ සොහොන් ගැබෙන් කිසිම දවසක මෙහෙම ලියවිල්ලක් හම්බෙලා නැහැ කියන එක.
ඒත් ඉතින්, තුතන්කාමන් රජුගේ සොහොන් ගැබ ඇරලා අවුරුදු සියයකටත් වඩා වැඩි කාලයක් ගිහින් තිබුණත්, මිලියන ගණන් මිනිස්සු තාමත් මේ බය හිතෙන පාරාවෝගේ සාපය විශ්වාස කරනවා.
එතකොට කොහෙන්ද මේ බය හිතෙන කතාව ආවේ?
ලෝකයම හොල්මන් කරවපු ඒ සොයාගැනීම
1922 නොවැම්බර් මාසයේදී හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් වුණු හොවාර්ඩ් කාටර් ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයෙන් අවුරුදු 3,000කටත් වඩා වැඩි කාලයක් හැංගිලා තිබුණු, කිසිම හානියක් වෙලා නොතිබුණු තරුණ තුතන්කාමන් පාරාවෝ රජ්ජුරුවන්ගේ සොහොන් ගැබ හොයාගත්තා. ඒක ඇතුළේ අද ලෝකප්‍රකට රත්තරන් මරණීය මුහුණුවර (Golden Mask) ඇතුළුව, මිල කරන්න බැරි තරම් වටිනා භාණ්ඩ 5,000කටත් වඩා තිබුණා.
මේ සොයාගැනීම ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් බවට පත් වුණා.
ලෝකය පුරාම තිබුණු පත්තරවලට මේ නිවුස් එක දාන එක නවත්තගන්නම බැරි වුණා.
මිනිස්සුන්ට ඕන වුණේ රත්තරන් සහ මැණික් ගැන නිවුස් විතරක් නෙවෙයි ඊට වඩා එහා ගිය අභිරහස්, බය හිතෙන අනතුරු සහ අතීතයේ පාරාවෝලාගේ පලිගැනීම් ගැන කතා අහන්න.
අන්න ඒ වෙලාවේ තමයි මේ කතාව එළියට ආවෙ.
කතාවේ ආරම්භය සනිටුහන් කරපු ඒ මරණය
සොහොන් ගැබ ඇරලා මාස කිහිපයකට පස්සේ, කාටර්ගේ මේ කැණීම් වැඩේට සල්ලි වියදම් කරපු සල්ලි කාර බ්‍රිතාන්‍ය ජාතික ලෝඩ් කානාවන් (Lord Carnarvon) හදිසියේම මියගියා.
එයා මැරුණේ ෂේව් කරද්දී, එයාගේ ඇඟේ හිටපු මදුරුවෙක් කාපු තැනක් කැපිලා, ඒක ඉන්ෆෙක්ට් වෙලා ලේ විෂ වීමෙන්.
හැබැයි පත්තරකාරයන්ට එළියට දාගන්න ඕන වුණේ ඊට වඩා අමුතු කතාවක්.
රැයක් එළිවෙද්දී පත්තර කිව්වෙ පාරාවෝ රජ්ජුරුවෝ එයාගේ පළිගැනීම ගත්තා කියලා.
කානාවන් මැරුණ තත්පරයේදී අද්භූත දේවල් සිද්ධ වුණා කියලා කතා ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියා. සමහර පත්තර කිව්වා ඒ වෙලාවෙම කයිරෝ නගරයේ ලයිට් ඔක්කොම එකපාරටම නිවුණා කියලා. තවත් අය කිව්වේ එංගලන්තයේ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් හිටපු එයාගේ බලු පැටියා එකපාරටම හූ තියලා මැරිලා වැටුණා කියලා.
මේ කතාවලින් පත්තරවල හෙඩ්ලයින්ස් පිරුණා.
හැබැයි ඒ කතා ඇත්තටම සිද්ධ වුණාද නැද්ද කියන එක වෙනම කතාවක්.
කිසිදාක නොතිබුණු ඒ සාපය
මිනිස්සුන්ගේ කුතුහලය සහ ආකර්ෂණය වැඩි වෙන්න වැඩි වෙන්න, පත්තරකාරයෝ තුතන්කාමන්ගේ සොහොන් ගැබ ඇතුළෙන් හම්බවුණා යැයි කියන බය හිතෙන ලියවිලි පත්තරවල උපුටා දක්වන්න පටන් ගත්තා.
එක ජනප්‍රිය වුණු ලියවිල්ලක මෙහෙම සටහන් වෙලා තිබුණා:
“රජුගේ නිදහසට බාධා කරන තැනැත්තා වෙත මරණය ඉතා වේගවත්ව පැමිණෙනු ඇත.”
ඒක අතීත ඊජිප්තු ලියවිල්ලක් වගේම දැනුණා. ඒක ඇත්තටම තිබ්බ එකක් වගේම පෙනුණා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම හදපු කතාවක් කියලා කවුරුවත් දැනගෙන උන්නෙ නෑ.
සොහොනේ කිසිම බිත්තියක මෙහෙම අනතුරු ඇඟවීමක් තිබුණේ නැහැ. සොහොන් ගැබ ඇතුළේ තිබ්බ කිසිම භාණ්ඩයකවත් මෙහෙම සටහනක් තිබුණේ නැහැ.
සමහර අවස්ථාවලදී, ජනමාධ්‍යවේදීන් කළේ සොහොන් ගැබේ තිබුණු සාමාන්‍ය ආගමික පාඨ අරගෙන, ඒවා මාරාන්තික සාපයන් බවට වෙනස් කරපු එක.
ඇත්තටම එතන තිබුණු එක පූජනීය සටහනක සරලවම තිබුණේ, එක්තරා දෙවියෙක් විසින් මේ පූජනීය කාමරය ආරක්ෂා කරනවා කියන එක විතරයි.
හැබැයි පත්තරකාරයෝ ඒක ලියලා තිබ්බේ මෙන්න මෙහෙමයි:
“මෙම සීමාව පසු කරගෙන එන සියලු දෙනාම මම මරා දමමි.”
මුල් ඊජිප්තු ලේඛනයේ කිසිම වෙලාවක ඔය වගේ දේවල් ලියවිලා තිබුණේ නැහැ.
හැබැයි ඉතින්, ඒ කාලේ හීරෝග්ලිෆික්ස් කියවන්න පුළුවන් මිනිස්සු ලෝකෙටම හිටියේ කීපදෙනයි නේ. ඉතින් පත්තරවල ගිය ඔය පරිවර්තනය අභියෝගයට ලක් කරන්න තරම් අනිත් පාඨකයන්ට හැකියාවක් තිබුණේ නැහැ.
මාධ්‍ය විසින්ම නිර්මාණය කරපු කතා
ලෝඩ් කානාවන් අරගෙන තිබුණ අමුතු තීරණයක් නිසා නොහිතපු විදියට මේ සාපය පිළිබඳ මිත්‍යාව හිතුවට වඩා දුර දිග ගියා.
එයා මේ සොයාගැනීම ගැන නිවුස් ලියන්න සම්පූර්ණ අයිතිය දුන්නේ ලන්ඩන්වල The Times පත්තරේට විතරයි.
ඒ කියන්නේ මේ සියවසේ දැවැන්තම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ගැන ලියන්න, ලෝකයේ අනිත් කිසිම පත්තරයකට ඉඩක් ලැබුණේ නැහැ.
නිවුස් නැතුව අසරණ වුණු අනිත් පත්තරකාරයන්ට එළියට දාන්න මොනවා හරි කතා ඕන වුණා.
කාටර්ව හරි එයාගේ කැණීම් කණ්ඩායමව හරි හම්බවෙන්න ක්‍රමයක් නැති වුණාම, කටකතා සහ ගොසිප් පත්තරවල ප්‍රධාන පුවත් බවට පත් වුණා.
නමක් ගමක් නැති අයිතිකාරයෝ නැති ආරංචි, එක එක අයගේ අනුමාන කිරීම් සහ අතින් දාලා හදපු බය හිතෙන පරිවර්තන ලෝකය පුරාම තිබ්බ පත්තරවල පිරෙන්න ගත්තා.
ඊටපස්සේ, තුතන්කාමන්ගේ කතාවට චුට්ටක් හරි ගෑවිලා හිටපු කෙනෙක්ගේ මරණයක්, සාපයේ තවත් ගොදුරක් විදියට පත්තරකාරයෝ ලෝකෙට පෙන්නුවා.
සොහොන බලන්න ආපු වයසක කෙනෙක් මැරුණා.
කාලයක ඉඳන් ලෙඩින් හිටපු ඊජිප්තු විද්‍යාඥයෙක් මැරුණා.
අවුරුදු ගණනාවකට පස්සේ මියුසියම් එකක වැඩ කරපු කෙනෙක් මැරුණා.
අන්තිමේදී, මේ සොහොන් ගැබ ඇතුළට අඩියක්වත් තියලා නැති මිනිස්සු පවා මේ සාපයේ ගොදුරු බවට පත් වුණා කියලා පත්තරවලින් කිව්වා.
අන්තිමේදී, මේ සාපයේ කතාව තනියම පෝෂණය වෙවී ඉස්සරහට යන බය හිතෙන කතන්දරයක් බවට පත් වුණා.
හොවාර්ඩ් කාටර් ඒ කියන්නේ ඇත්තටම ඒ සොහොන් ගැබ ඇරපු, ඒක ඇතුළටම ගිය මනුස්සයා නම් කිසිම අද්භූත විදියකට මැරුණේ නැහැ.
තුතන්කාමන්ගේ සොහොන් ගැබ හොයාගත්තට පස්සෙත් එයා තව අවුරුදු 17ක් ජීවත් වුණා. එයා 1939දී වයස අවුරුදු 64දී සාමාන්‍ය විදියට ස්වාභාවික හේතුවකින් තමයි මියගියේ.
ඒ විතරක් නෙවෙයි, අවුරුදු ගණනාවක් තිස්සේ ඒ සොහොන ඇතුළේ වැඩ කරපු වැඩකාරයෝ සහ කැණීම් කණ්ඩායමේ බහුතරයක් දෙනාත් ගොඩක් කාලයක් ජීවත් වුණා.
විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙන්න පුළුවන්ද?
නූතන පර්යේෂකයෝ පැරණි සොහොන් ගැබ් එක්ක සම්බන්ධ වුණු සෑම අද්භූත ලෙඩක්ම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නෙ නෑ. සමහර විද්‍යාඥයෝ පෙන්වා දෙනවා වසර සිය ගණනක් තිස්සේ සීල් කරලා තිබුණු සොහොන් ගැබ් ඇතුළේ අක්‍රියව පැවැති භයානක පුස්, දිලීර හෝ බැක්ටීරියා තියෙන්න පුළුවන් කියලා.
මෙහෙම වහලා තිබුණු තැනක් ඇරපු ගමන්, විශේෂයෙන්ම ශරීරයේ ප්රතිශක්තීකරණය අඩු පුද්ගලයන්ට දරුණු ශ්වසන ආබාධ ඇති කරන්න පුළුවන්.
මේ තියරිය අර අද්භූත පළිගැනීමේ කතාවට වඩා ගොඩක් දුරට පිළිගන්න පුළුවන් එකක්.
හැබැයි මේ පැහැදිලි කිරීමටත් සීමාවන් තියෙනවා.
ඇත්තටම මාරාන්තික ක්ෂුද්‍ර ජීවීන් ඕකට වගකියන්න ඕන නම්, අවුරුදු ගණනාවක් ඒක ඇතුළේ ලැගගෙන හිටපු හොවාර්ඩ් කාටර් ඊට පස්සෙත් තව අවුරුදු විස්සකට ආසන්න කාලයක් පණපිටින් හිටියේ කොහොමද? ඒ වගේම ඒක ඇතුළේ වැඩ කරපු අනිත් පුරාවිද්‍යාඥයෝ, සංරක්ෂකයෝ සහ ඊජිප්තු කම්කරුවෝ මෙච්චර නීරෝගීව හිටියේ කොහොමද?
ඊජිප්තු වැසියෝ ඇත්තටම සාපයන් ලියලා තියෙනවා
වඩාත්ම පුදුමය හිතෙන දේ තමයි, අතීත ඊජිප්තු වැසියෝ ඇත්තටම සාපයන් පාවිච්චි කරලා තියෙන එක.
හැබැයි හොලිවුඩ් ෆිල්ම්වල පෙන්නන විදියට නෙවෙයි.
ගොඩක් ඊජිප්තු සාපයන් ලියවුණේ පාරාවෝ රජවරුන් වෙනුවෙන් නෙවෙයි. ඊට වෙනස්ව, ඒවා ලියවුණේ සොහොන් හොරුන්ව බය කරලා පන්නන්න ඕන වුණු සාමාන්‍ය නිලධාරීන්ගේ සොහොන් ගැබ්වල.
හොල්මන් ඇවිත් පළිගන්නවා කියනවාට වඩා, මේ ලියවිලිවලින් තර්ජනය කළේ ප්‍රායෝගික සහ ආගමික බලපෑම්වලින්.
සමහර ඒවයින් අනතුරු ඇඟෙව්වා සොහොනට හානි කරන ඕනෑම කෙනෙකුට දෙවියන්ගේ ආරක්ෂාව නැති වෙනවා කියලා. තවත් ඒවයින් කිව්වා වැරදිකරුවන්ට ගෞරවණීය මිහිදන් කිරීමක් අහිමි වෙනවා, කරදරවලට මුහුණ දෙන්න වෙනවා, නැත්නම් දෙවියන්ගේ කෝපයට ලක් වෙනවා කියලා.
හපුගේ පුත් අමෙන්හොටෙප් වෙනුවෙන් කැප කරපු දේවාලයක තිබුණු එක මාරම නාට්‍යමය ලියවිල්ලක, ඇතුළු වෙන අයට ගින්නෙන්, සාගින්නෙන්, ලෙඩ රෝගවලින්, ලැජ්ජාවෙන් කරදර කරන බවට තර්ජනය කරලා තිබුණා හැබැයි අද්භූත ආත්මවලින් නෙවෙයි, දේව තීන්දුවලින්.
ඇයි අපි තාමත් මේවා විශ්වාස කරන්නේ?
පාරාවෝගේ සාපය තාමත් ජීවත් වෙන්නේ, ඒක මිනිස්සුන්ගෙ කුතුහලයට පාරක් එල්ල කරන නිසා.
තහනම් කරපු දෙයක් අස්සේ තියෙන කතාවක් ගැන අහද්දී මාරම කික් එකක් දැනෙනවා. නොපෙනෙන බලවේගවලින් ආරක්ෂා වුණු පැරණි සොහොන් ගැබ් තවත් අභිරහස් විදියට පෙනෙනවා. සාමාන්‍ය විෂබීජයක් හින්දා හැදෙන ලෙඩක් ලේසියෙන්ම අමතක වෙනවා. හැබැයි පළිගැනීමේ සාපයක් කවදාවත් අමතක වෙන්නේ නැහැ.
තුතන්කාමන් රජ්ජුරුවන්ගේ සාපය පිටිපස්සේ තියෙන ඇත්තම කතාව, අද්භූත බලවේග ගැන එකක් නෙවෙයි.
ඒක, ඇත්තට වඩා වේගයෙන් බොරුව පැතිරෙන්නේ කොහොමද, පත්තර හෙඩ්ලයින්ස් ඉතිහාසය වෙනස් කරන දෙයක් බවට පත් වෙන්නේ කොහොමද, සහ එක බොරු හදපු කතාවකට පරම්පරා ගණනාවක් තිස්සේ ඇත්ත යටපත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියන එක ගැන කතාවක්.
අන්තිමේදී, ලොකුම සාපය ඊජිප්තු පූජකයෙක් විසින් හදපු එකක් නොවනවා වෙන්න පුළුවන්.
ඒක, මිනිස්සුන්ගේ කුතුහලය පෝෂණය කරන්න මාධ්‍ය විසින් හදපු එකක් වෙන්න පුළුවන්.
එහෙම බැලුවම අපි අදටත් ඉන්නේ ඒ සාපයට අහුවෙලා!











