ලොව පුරා තිබෙන නත්තල් සම්ප්‍රදායන්

නත්තල් කියන්නෙ කොහොමත් හරිම අපූරු වගේම වර්ණවත් ඒ වගේම ලෝකය පුරා බොහොමයක් දෙනා සමරන උත්සවයක්නේ. ඉතින් ලෝකය පුරා බොහෝ දෙනා සමරන මේ උත්සවයට විවිධ රටවල් විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවා.

ඉතින් අපි හිතුව අද අපි අරගෙන එන මේ ලිපියෙන් ලෝකය පුරා විවිධ රටවල මිනිස්සු, නත්තල සමරන්නෙ කොහොමද කියන එක ගැන ඔයාලත් එක්ක බෙදාගන්න

1.චීනයේ නත්තල් ඇපල්

චීනයේ මිනිස්සු නත්තල සමරන්නේ නත්තල් ඇපල් ප්‍රේමවන්තයින් සමග බෙදාගෙන කියල ආරංචියි. මේව නත්තල් ඇපල් කිව්වට මේව මේ වෙනත් දෙයක් නෙවෙයි. සෙලෝෆේන් කොලවල ඔතපු ඇපල් විතරමයි. හැබැයි ඉතින් බහුලවම හුවමාරු වෙන නිසා මිනිස්සු මේවට නත්තල් ඇපල් කියල කියනවා.

2. පිලිපීනයේ නත්තල් රාත්‍රී දිව්‍ය භෝජනය

පිලිපීනයේ මිනිස්සුත් නත්තල් සමරනවා. එයාලගෙ විශේෂ සම්ප්‍රදායන් අනුගමනය කරමින්. පිලිපීනය යනු ප්‍රධාන වශයෙන් කතෝලිකයින් සිටින එකම අග්නිදිග ආසියානු රටයි.එයාලගෙ තියෙන විශේෂ සම්ප්‍රදායක් වන්නේ දෙසැම්බර් 16 වෙනිදා ඉඳල දෙසැම්බර් 24 වෙනිදා වෙනකම් පැවැත්වෙන දින නවයේ රාත්‍රී භෝජනය. ලෝකය පුරා දීර්ඝතම නත්තල් සැමරුම තියෙන්නෙත් පිලිපීනෙ බව තමයි ආරංචි වෙන්නෙ.

සැප්තැම්බර් 01 වෙනිදා ආරම්භ වන ඒ උත්සවය තුන් රජවරුන්ගේ මංගල්‍යය අතරවාරයේ ජනවාරි මාසයේදි අවසන් වෙනවා.

3.කන්න පුලුවන් ලොග්ස් හදනවා නෝර්වේ වල

යූල් ලොග් කියන්නෙ නත්තල් කාලයේ අපිට දකින්න ලැබෙන රසකැවිලි වලින් එකක්නේ. ලංකාවෙත් අපිට ඒව දකින්න නොලැබෙනවා නොවෙයි. පැරණි නෝර්වේ සම්ප්‍රදායන්වලට අනුව මිනිස්සු සීත කාලයේදි ඒ සීතල නැතිකරගන්න ලොග්ස් පුච්චල දාන්න පුරුදු වෙලා තියෙනවා. සම්ප්‍රදායන් කාලය එක්ක ඉස්සරහට එද්දි වෙනස් වෙනවා වගේම ලොග්ස් පුච්චල දාන එක වෙනුවට නෝර්වේ මිනිස්සු මේ ලොග්ස් කන්න පුලුවන් විදියට හදන්න පටන් අරගෙන තියෙනවා.ලී කඳක හැඩේට ස්පොන්ජ් කේක් රෝල් කරල හදන මේ ලොග්ස් දැන් නම් ගොඩක් තැන්වල හරි ප්‍රසිද්ධ නත්තක් කෑමක්.

4.චිකන් පිහාටු නත්තල් ගස් හදන ඉන්දුනීසියාව

පොඩ්ඩක් අමුතුයි වගේ නේද නම කියවද්දි? මේ සම්ප්‍රදාය ආරංචි වෙන්නෙ ඉන්දුනීසියාවෙන්. වැඩි වශයෙන් මුස්ලිම් ජනතාවක් හිටියත් ඉන්දුනීසියාවෙත් නත්තල් සමරනවා. බාලිවල ඉන්න කිතුණු බැතිමතුන් තමයිලු මේ නත්තල් ගහ කුකුලු පිහාටුවලින් සරසන සම්ප්‍රදායක් අරගෙන ඇවිල්ල තියෙන්නෙ.

5.රෝලර් ස්කේට් වලින් පල්ලි යන වෙනිසියුලාව

කොහොමද ඒක? නත්තලට පල්ලි යන එක ඉතින් අමුතු දෙයක් නොවුනට රෝලර් ස්කේට් වලින් පල්ලි යන එක නම් පොඩ්ඩක් අමුතුයි. අපිට අමුතු වුනාට වෙනිසියුලාවෙ මිනිස්සුන්ට නම් ඒක අමුතු දෙයක් නෙවෙයිලු. කැරකස් අගනුවර මිනිස්සු නත්තලට පෙර දින රෝලර් ස්කේට්ස් පැළඳගෙන පල්ලි යන්න සහභාගි වෙනවලු. මේ රෝලර් ස්කේට් වලින් පල්ලි යන එක කොච්චර ජනප්‍රියද කියන්නේ ඒ දවසට මිනිස්සුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කැරකස් ප්‍රාදේශීය රජය ගමනාගමනය පාලනය කරන අතර මෝටර් රථ වීදිවලට ඇතුළු වීම වළක්වනවා කියල අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

6. ජපානයේ KFC නත්තල් රාත්‍රී භෝජනය

අපේ නම් නත්තල් උත්සව වලට ගෙවල් වල කෑම හදන එකනෙ කරන්නෙ. ඒ උනාට ජපානෙ මිනිස්සු නම් එහෙම නෑලු. එයාලා KFC එකෙන් අරගත්ත චිකන් බකට්ස් අරගෙන ගෙදර ගිහින් කන ගමන්ලු නත්තල් සමරන්නෙ. ඒකත් හොඳයි නේද වෙනසකටත් එක්ක?

මේ සම්ප්‍රදාය ක්‍රිස්තියානි වගේම නොවන මිනිස්සු අතරෙත් ප්‍රසිද්ධ බව තමයි ආරංචි වෙන්නෙ.මීට අමතරව ජපානෙ ඉන්න තරුණ ජෝඩු නත්තල් දවස තවත් එක වැලන්ටයින් දවසක් කියල විශ්වාස කරනවලු.  එදාට එයාලා තමන්ගෙ පාට්නර්ස්ලා එක්ක කාලෙ ගතකරන්න යොදාගන්නව කියල අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

7.සිරියාවේ නත්තල් ඔටුවන්

නත්තලට ඉතින් තෑගි ලැබෙන එක අමුතු දෙයක් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු දෙන තෑගිවලට අමතරව නත්තල් සීයා අරගෙන එන තෑගිත් තියෙන බව තමයි කියවෙන්නෙ. හැබැයි සිරියාවෙදි මේ තෑගි ගේන්නෙ ඔටුවොලු. ඒ අනුව ලමයි තමන්ගෙ සපත්තු පිදුරුවලින් පුරවලා තියෙනවලු ඔටුවන්ට තෑගි අරගෙන ආවම කන්න පුලුවන් විදියට.

8. කොලොම්බියාවේ ලිට්ල් කැන්ඩ්ල් දිනය

කොලොම්බියාව නත්තල සමරන්නෙ එයාලගෙ නිර්මල කන්සෙප්සියන් දවසට කලිනදෙසැම්බර් 7 වෙනිදා කරන කුඩා ඉටිපන්දම් පත්තු කිරීමේ උත්සවය සමය. මේ සම්ප්‍රදාය නිසා එදිනට මුලු කොලොම්බියාව පුදුම තරම් ලස්සන ඉටිපන්දම් එලියකින් දිලිසෙන බව තමයි ආරංචි වෙන්නෙ.මොකද හැම කෙනෙක්ම එදාට තමන්ගෙ ගෙවල්වල ජනෙල් කවුලු, බැල්කනි හැම එකකම වගේ මේ ඉටිපන්දම් පත්තු කරන නිසා.

9. මකුලු දැල් පුරවපු නත්තල් ගස් තියෙන යුක්‍රේනය

මේකත් තව වෙනස්ම විදියෙ නත්තල් සම්ප්‍රදායක්.  ලෝකෙ පුරාම ගොඩක් නත්තල් ගස් සරසන්නෙ දිලිසෙන විසිතුරු දේවල් වලින් උනාට මොකෝ යුක්‍රේන මිනිස්සු තමන්ගෙ නත්තල් ගහ සරසන්නෙ මකුලු දැල් වලින්. මේ සම්ප්‍රදාය පටන් ගන්න හේතුවක් උනේ දේශීය ජනකාතාවක් නිසාලු. නත්තල් ගහ සරසන්න විසිතුරු දේවල් සල්ලි දීල ගන්නබැරි වුන දුප්පත් ලමයි  ඉන්න වැන්දඹුවක් තමයිලු මේ සම්ප්‍රදාය පටන් ගත්තෙ. මකුලු දැන් ගෙදරට වාසනාව අරගෙන එන බව තමයි යුක්‍රේන මිනිස්සු විශ්වාස කරන්නේ.

10.ෆින්ලන්තයේ නත්තල් සෝනා

ෆින්ලන්ත මිනිස්සු නත්තල සමරන්නෙ පෞද්ගලික හෝ පොදු සෝනා වෙත යාමෙන්ලු. මේ සම්ප්‍රදාය ඉර බැහැල යන්න කලින් මනස සහ සිරුර පිරිසිඳු කරගැනීම අුරමුණු කරගත්ත එකක්. මොකද ෆින්ලන්ත මිනිස්සු විශ්වාස කරනවලු රාත්‍රිය එලඹීම එක්ක නපුරු ආත්ම තමන් කරා ඇදී එනවා කියල.

ඉතින් මෙන්න මේ විදියට තමයි ලෝකෙ පුරා එක එක රටවල නත්තල සමරන්නෙ. විවිධ සම්ප්‍රදායන්වලට අනුව එකම උත්සවයක් විව්ධාකාර විදියට සැරසීමත් හරිම අපූරුයි.

ඉතින් ඔයාලත් මේ වගේ දන්න වෙනස් ඒත් අපූරු නත්තල් සම්ප්‍රදායන් තියෙනවනම් ඒවත් අපිත් එක්ක බෙදාගන්නවද?

Related Articles

Don't Miss


Latest Articles