බැදපු කසාඳ හොඳ මදිවුනු බොලිවුඩ් විවාහකයෝ

බොලිවුඩය එහෙමත් නැත්නම් උතුරු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය කියන්නෙ දවසින් දවස අලුත් වෙන ප්‍රවෘත්ති මවන තැනක්නෙ. 

ඒ අතර බොලිවුඩ් ආදර කතා කියන්නෙ බොහොම උණුසුම් මාතෘකාවක්. සෝඩා බෝතලේ කැඩුව වගේ මේ තිබිල මේ නැතිවෙන ආදර කතා වගේම සාර්ථක විවාහ දක්වාම ගිය ආදර කතාත් බොහොමයක් බොලිවුඩ් සිනමා තරු වල නම් ඉදිරියේ ලියවිලා තියනව. 

මේ අතරම බොලිවුඩ් සිනමාව ගිනි තිබ්බ ආදර කතාත් ඉඳල හිටල අහන්න ලැබෙනව. 

අන්න ඒ විදිහට තමන්ගෙ විවාහ ජීවිත පවත්වාගෙන යන අතරතුර විවාහයට පිටින් පවත්වාගෙන ගිය බොලිවුඩ් සිනමාව කළඹපු අනියම් සබඳතා ගැන තමයි අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නෙ. 

රාජ් කුන්ද්‍රා – ශිල්පා ශෙට්ටි

ප්‍රසිද්ධ ව්‍යාපාරියෙක් වන රාජ් කුන්ද්‍රා තමන්ගෙ පළමු බිරිඳ වන කවිතාව දික්කසාද කරේ ශිල්පා ශෙට්ටිව විවාහ කරගන්නයි. 

රාජ්ගෙ පළමු බිරිඳ මාධ්‍ය ඔස්සෙ දිගින් දිගටම ප්‍රසිද්ධියෙ ශිල්පා ශෙට්ටිට තමන්ගෙ කසාදෙ කැඩුව කියන චෝදනාව එල්ල කරන්න පසුබට වුණේ නෑ. 

අජේ දේව්ගන් – කන්ගනා රනව්ත් 

විවාහක පිරිමින් සමඟම සම්බන්ධතා ගොඩනඟා ගන්නවා කියන චෝදනාව නිතරම කන්ගනාට එල්ල වෙන චෝදනාවක්. කොහොම වුනත් මේ චෝදනාව ඇයට මුලින්ම එල්ල වුණේ අජේ දේව්ගන් සමඟ ඇය ඇති කරගත් සම්බඳතාව නිසයි. 

මේ ගැන දැනගත්ත කාජල් ටික කලක් වෙනම ජීවත් වුනත් පසුව තමන්ගෙ විවාහය ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාව මත අජේට සමාව දෙන්න තීරණය කරා. 

එයින් පසුව ආදිත්‍ය පන්චෝලි සමඟත් රිතික් රෝෂන් සමඟත් පෙම් සමඟත් ඇති කන්ගනාගේ ආදර කතා ගැන ප්‍රවෘත්ති මාධ්‍ය වාර්තා කරා. ආදිත්‍ය සිය බිරිඳව දික්කසාද කර කන්ගනා සමඟ විවාහ වෙන්න උත්සහ කරත් ඒ සම්බන්ධය විවාහයක් දක්වා දුර ගියේ නෑ.

රිතික් රෝෂන් සහ කන්ගනාගෙ සම්බන්ධය කෙළවර වුනේ ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සෙ එකිනෙකාගෙ චෝදනා කරගනිමිනුයි. 

ප්‍රියංකා චොප්‍රා – ෂාරුක් ඛාන්

බොහොම ආදර්ශමත් විවාහයක් ගත කරන හින්දි සිනමාවෙ රජු එහෙමත් නැත්නම් ෂාරුක් ඛාන් තමන්ගෙ නම ඉදිරියෙන් කළු පැල්ලමක් සටහන් කරගත්තෙ ඔහු ප්‍රියංකා චොප්‍රා සමඟ ඇතිකරගත් සබඳතාව නිසයි. 

මේ සම්බන්ධතාව දැනගත් ගෞරි ඛාන් වහාම ප්‍රියංකා සමඟ රඟපෑම ෂාරුක්ට තහනම් කරා වගේම තමන්ගෙ මිත්‍රයා වන කරන් ජොහාර් සමඟ එක්වෙලා ප්‍රියංකාගෙ සිනමා ගමනට විවිධ බාධාවන් ඇති කරා කියලත් බොහෝදෙනෙක් චෝදනා කරනවා. 

ෂාරුක් ඛාන් වගේම අක්ෂේ කුමාරුත් ප්‍රියංකා සමඟ ඇතිකරගත් සම්බන්ධය දැනගත් ඔහුගෙ බිරිඳ ටුවින්කල් ඛන්නා සිය සැමියාට ඇය අසලට යාම පවා තහනම් කරා. 

අමීර් ඛාන් – කිරන් රාවෝ

කිරන් රාවෝ සමඟ පෙම් සබඳතාවක් ඇති කරගන්න කලින් සිය බිරිඳ රීනා සමඟ හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න අමීර් ඛාන් සමත් වුණා. 

රීනාව දික්කසාද කළ ඔහු කිරන්ව විවාහ කරගත්තා. 

සිය ජීවිතය සහ කසාඳ ජීවිතයේ සියලු සතුට උඳුරා ගැනීම වෙනුවෙන් අමීර් ඛාන්ට සහ කිරන්ට දිගින් දිගටම ප්‍රසිද්ධියේ චෝදනා කරන්න රීනා කටයුතු කළා.

ආදිත්‍ය චොප්‍රා – රාණි මුඛර්ජි

සිය විවාහක බිරිඳ වන පායල් ඛන්නාව දික්කසාද කළ ආදිත්‍ය චොප්‍රා රාණි මුඛර්ජි සමඟ විවාහ වුණා. 

රාණි තමන්ගෙ ජීවිත වලට පැමිණෙන තුරු ආදිත්‍ය සමඟ තමන්ගෙ විවාහ ජීවිතය ඉතා සාමාන්‍ය පරිදි ගතවුණු බවත්, ඉන්පසුව සියල්ල අවසන් වුණ බවත් පායල් පවසනවා. 

අමිතාබ් බච්චන් – රේඛා

ඔවුනොවුන් අතර ඇති පෙම් සබඳතාව ප්‍රයෝජනයට ගනිමින් රේඛා කීපවරක්ම අමිතාබ් සහ ජායාගෙ විවාහ ජීවිතය බිඳ දමන්න උත්සහ කරා. 

සමහර ප්‍රවෘත්ති වලින් කියවුනේ ජායා සමඟ විවාහ වී සිටින අතරම රහසේ රේඛාවද විවාහ කරගත් බවයි. 

නමුත් ජායා බච්චන් සෑම විටම සිය පවුලේ සතුට වෙනුවෙන් අමිතාබ් සහ ඇයගෙ විවාහය ආරක්ෂා කරගැනීමට කටයුතු කරගත් අතර සෑම විටම රේඛා සහ බච්චන් පවුල අතර දුරස්ථබාවය පවත්වා ගන්නත් සියුම් උපක්‍රම යෙදුවා. 

විවාහකයන් සමඟ මේ සබඳතා ඇතිකරගත් බවට බොහෝවිට මේ ප්‍රසිද්ධ නිළියන්ට චෝදනා නැගුනත් සබඳතාවක් ඇති කරගන්න දෙපාර්ශවයක් සිටීම අනිවාර්යයි. 

ඒ නිසා මේ සිදුවීම් වලට එක් පාර්ශවයකට වරද පටවන්න හෝ චෝදනා කරන්න කිසිවෙකුට නොහැකි වන්නෙ ඒ නිසයි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles