අදටත් අභිරහසක් වුනු මහාචාර්යවරුන් දෙදෙනාගේ මරණය

මිනීමරුම් කියන්නේ ඇඟ සලිත කරවන කාරණා. ඒ මිනීමැරුම් සාක්ශයක්වත්  හොයාගන්න බැරි තරමට අභිරහසක් වෙන එක ජීවත් වෙලා ඉන්න අයව කොයි තරමට නම් සලිත කරනවද ? 

අපි මේ කියන්න යන්නෙත් එහෙම කතාවක් ගැන.මේ කතාවට පාදක වෙන්නේ කැරොල් කියන කාන්තාව, තමන්ගේ මිතුරන් දෙදෙනෙක්ම නිවස තුළම අභිරහස් විදියට මරලා දාලා තියෙනවා හොයාගැනීමත් එක්ක. මේ සිද්දිය වෙන්නේ 2001 අවුරුද්දේ  කැනඩාවේ වර්මොන්ට් වල. අවාසනාවන්ත කාරණාව තමයි මේ මිනීමැරුමට ලක් වුණ පුද්ගලයන් දෙදෙනාම ප්‍රදේශයේ පිළිගත්තු ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් වුණ එක. ඒ වගේම බොහෝම සාමකාමී යුවලක් වුන එක.

 හාල්ෆ් සැන්ටොප් කියන හැට තුන් හැවිරිදි පෘථිවි විද්‍යාව පිළිබඳව වන මහාචාර්යවරයා ත්, සුසෑන් සැන්ටොප් කියන පනස් පස් හැවිරිදි ජර්මන් භාෂා අධ්‍යනාංශයේ ප්‍රධානියාත් මේ විදියට ලේ විලක් මැද වැටිලා ඉන්නකොට තමයි කැරොල්ට හමුවෙන්නේ. විශේෂත්වය වෙන්නේ මේ මිය ගියපු දෙන්නා ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව වීම. මරණ සිදු වුන තැනින් ලැබුණ එකම  භෞතික සාක්ශිය ආවරණය කරපු පිහියක් විතරයි.

ඔවුන්ගේ මරණයට හේතුව මහාචාර්යවරුන් නිසා ආතතියෙන් උන් සිසුන් ද?

එහෙම නැත්නම් ඔවුන් සමඟ පෞද්ගලික කෝන්තර තිබුණ අයවලුන් ද කියලා තීරණය කරන එක පොලිසියටවත් පහසු වුණේ නැහැ. තමන්ගේම නිවස ඇතුලේදී මේ යුවල අමානුෂික විදියට ඝාතනය කිරීම සැලසුම් සහගත ක්‍රියාවක් කියල තමයි පොලිසියේ සැකය වුණේ. ඒ නිසා ම පොලිසිය විශ්වාස කලා, ඝාතකයා නගරය හැර යා යුතු බව. ඒ නිසා නගරයෙන් පිට වෙන්න පුලුවන් සියලුම ගුවන්තොටුපළ, බස් නැවතුම්පල පරීක්ෂා කෙරුණා. 

එ අතරේ පොලිස් නිළධාරින් ට හමුවුණා කැබ් සේවා සපයන ආයතනයක්. ඒ ආයතනයෙන් අවසාන පැය කිහිපය තුළ නගරයෙන් පිටතට යන්නට වෙන් කිරීම් කරලා තිබුනේ කිහිප දෙනා අතරේ මැන්චෙස්ටර් ගුවන්තොටුපළ ට රියැදුරෙකු වෙන් කරවගෙන තිබුණ සරසවි සිසුවෙක් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු වුණා.  ඒත් ඔහු අවධාරනය කලා නිවසේ හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් තමයි මහ රෑ පිටව ගියේ කියලා. ඒ නිසා ඔහු ගැන විමසිල්ලෙන් ඉන්නවා මිසෙක; ඔහුව අත් අඩංගුවට ගන්නට නොහැකි වුණා. 

පොලිසිය එදා රැයේ කිසිම සාක්ශියක් තහවුරු කර නොගෙනයි පරීක්ෂණ කටයුතු මෙහෙයෙව්වේ. උදේ පත්තර වල සැන්ටොප් යුවලගේ මරණය විශාල අකුරින් වාර්තා කරලා තිබුණා. පරීක්ෂණ කණ්ඩායම් වලට තිබුණේ උපරිම පීඩනයක්.

ඒ අතරේ සැන්ටොප් යුවලගේ මරණ පරීක්ෂණ වාර්තා  ආවා. ඒ අනුව ඔවුන් මිය ගිහින් තිබුණේ පිහියකින් හිසට කරපු තුවාල නිසා.  හාල්ෆ් ට දොළොස් වතාවකුත්, සුසැන්ට දහ වතාවකුත් පිහියෙන් තුවාල කරලා බව සෞඛ්‍ය නිළධාරින් වාර්තා කරනවා. ඒ පිහි පහරවල් ශරීරයේ විවිධ තැන් වලට එල්ල කරලා තියෙනවා. දෙන්නාගෙ ගෙල කපලා. 

ඒ නිරීක්ෂණ වලට අනුව ප්‍රධාන පොලිස් පරීක්ශවරයා කියන්නේ මිනීමැරුම් කරන්නට ඇත්තේ ඔවුන්ට ඉතා සමීපයටම එන්න පුලුවන් කමක් තිබුණ කෙනෙක් කියලා. පිහියකින් තුවාල කරලා යම් අයෙක් ඝාතනය කරන්න නම්, ඔහුගේ පෞද්ගලික සීමාව තුලට ඝාතකයා පැමිණියම යුතු බව ඔහු අනාවැකි පල කරනවා. ඒ නිසා ඔවුන්ගේ අනාවැකිය වෙන්නේ ඝාතකයා සැන්ටොප් යුවම හොඳින්ම දන්න කෙනෙක් විය යුතුය බව.

ඒ අනාවැකිය තහවුරු කරගන්න ඔවුන් ආයෙම අපරධ ස්ථානයේ තිබිලා හොයාගත්ත පිහිය පරීක්ශා කරනවා.එතනදී ඔවුන්ට හැකියාව ලැබෙනවා යම් ඇඟිලි සලකුණක් සොයාගන්න. ඔවුන් ඒඇඟිලි සලකුණ ඔවුන්ගේ දත්ත පද්ධතියේ තිබුණ ඇඟිලි සලකුණු එක්කල සසඳනවා. ඒත් නිවැරදි ගැලපීමක් ලැබෙන්නෙ නැහැ. ඒ අනුව ඔවුන් නිගමන් කිහිපයකට එලඹෙනවා.

සැබෑ අපරාධකරුවා ඔවුන්ගේ දත්ත පද්ධතියේ නොමැති බව.

පිහියේ තිබී පිටපත් කරගත් ඇඟිලි සලකුණු වල යම් වෙනසක් සිදුව තිබූ බව.

අපරාධකරුවා මින් පෙරද,අත් අඩංගුවට පත් වි ඇති නමුත්, ඔහුගේ ඇඟිලි සලකුණු පද්ධතියට ඇතූලු කර ඇති බව.

ඒ නිසා ඒ සාක්ශිය සාර්ථක වෙන්නේ නෑ. ඊට පස්සේ පොලිසිය මිනීමැරුම් ස්ථානයේ තිබුණ  ලේ වලින් තිබුණ බූට් සලකුණක් ගැන අවධානය යොමු කරනවා. ඒ තැනට ආව ගිය දා හතර දෙනෙක්ගේ පාවහන් සලකුණු ලබාගන්නවා. ඒත් ඒ කිසිම සලකුණක්, අපරාධ ස්ථානයේ තිබුණ සලකුණට  සමාන වෙන්නේ නම් නැහැ. ඒ හින්දම පොලිසිය අනුමාන කරනවා ඒ බූට් සලකුණ ඝාතකයා ගේ වෙන්නම ඕනි කියලා. 

ඊටත් පස්සේ පොලිසිය බුට් සපත්තු ආකාර දාස් ගානක චායාරූප එක්ක   අර සලකුණ සසඳනවා. එතනදී සොයා ගැනෙනවා ඒ සලකුණ කඳු නඟින්න භාවිතා කරන බූට් සපත්තු වර්ගයක් කියලා.

ඒත් එතනින් එහාට පරීක්ෂණ මෙහෙයවන්න කිසිම සාක්ශියක් නැහැ.   සැක කරන්න පුලුවන් විදියේ කිසිම  කෙනෙක් ගැන ඉඟි ලැබෙන්නේ  නැහැ. විශේෂයෙන්ම සැන්ටොප් යුවලම ළමයි දහස් ගණනාවක්  ආශ්‍රය කරන අය.ඒ අය අතරින් කෙනෙක් ඝාතකයා නම්, ඒ කෙනා සෙවීම පොලිසියට අභියෝගයක්. පොලිසිය ඊට පස්සේ සැන්ටොප් යුවල සේවය කරපු විශ්ව විද්‍යාලයට ආයෙම යනවා. කරුණු එක් රැස් කරනවා. 

එතනදී ඉඟියක් ලැබෙනවා . ඒ පෘතුවි විද්‍යා පන්තියේ දී හාල්ෆ් මහාචාර්යවරයා සමඟ ගැටුමක් ඇති කරගත්ත ශිෂ්‍යයෙක් ගැන. ඔවුන් කතා කලේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිසා ඒ ගැන තමන්ට නොවැටහුණ බවත් කියනවා. පොලිසිය වහාම අදාල සිසුවාව ප්‍රශ්න කිරීම් වලට ගෙන්නගන්නවා. ඒ ප්‍රශ්න කිරීම් වලදී ඔහුට පෞද්ගලික පිහි එකතුවක් තිබුණ බවත් කියැවෙනවා. ඒත් සැන්ටොප් යුවල මිය ගිහින් තිබුණ වෙලාවේ ඔහු කල කී දේ වෙනුවෙන් ඔහුට බොහෝම පැහැදිලි සාක්ශි තියෙනවා.

ඊට පස්සේ පොලිසිය සැන්ටොප් යුවලගේ නෑදෑයක් පිටුපස හඹා යනවා. ඒත් ප්‍රශ්නය විසඳගන්න තරමේ සාක්ශි ලැබෙන්නේ නැහැ.

දැන් 2023 වෙනකල් කාලේ ගෙවිලා. දහස් ගණනක් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසුණ සැන්ටොප් යුවලගේ ජීවිත වලට තිත තිව්වේ කවුද කියලා තවම හෙළිදරව් වෙලා නැහැ. 

Related Articles

Don't Miss


Latest Articles