බ්ලෙන්ඩරය දිගු කලක් භාවිතා කරන්නට නම් මතක තබා ගත යුත දෑ

බ්ලෙන්ඩරය (Food Blender) හෙවත් ඇඹරුම් යන්ත්‍රය ගෘහණියට මුළුතැන්ගෙය තුළදී වැඩ කටයුතු පහසු කර භාවිතයට ගන්නා වැදගත් උපකරණයක්. නමුත් බ්ලෙන්ඩරය නිසි ලෙස නඩත්තු නොකළහොත් භාවිතයට ගැනීමේදී විදුලිය වැඩිපුර වැය වන්නට ඉඩ ඇත. එනිසා බ්ලෙන්ඩරය කාර්යක්ෂමව භාවිතයට ගන්නට මෙන්න මේ කරුණු උපකාරී වනු ඇත.

  1. බ්ලෙන්ඩරය නිවැරදිව එකලස් (assemble) කරන්න.
  2. බ්ලෙන්ඩරය භාවිතයේදී සෑම විටකම උපරිම ධාරිතාවට අමුද්‍රව්‍ය දැමිය යුතු අතතර එමෙන්ම උපරිම ධාරිතාව ඉක්මවා අමුද්‍රව්‍ය දැමීමෙන් වැළකිය යුතුය
  3. සුදුසු ආහාර ද්‍රව්‍ය පමණක් මිශ්‍ර කරන්න. විශාල ආහාර කෑලි වලට කපා මිශ්‍ර කරන්න.
  4. බ්ලෙන්ඩරය නිසි ලෙස පණගන්වා අදියරයෙන් අදියරය වේගය වැඩි කල යුතු වේ.
  5. කාර්මික දෝෂ ඇති වූ අවස්ථාවලදී බ්ලෙන්ඩරය අලුත්වැඩියා කරගැනීමට මැළි නොවන්න.
  6. එක දිගටම බ්ලෙන්ඩරය ක්‍රියාකරවීමෙන් මෝටරයට හානි සිදු විය හැකි නිසා තත්පර තිහකට වරක් ක්‍රියා විරහිත කරමින් බ්ලෙන්ඩරය භාවිතයට ගැනීම උචිත වේ.
  7. භාවිතයෙන් පසු බ්ලෙන්ඩරය සෝදා පිරිසුදු කර නිසි ලෙස ගබඩා කර තබන්න.

ඔබගේ බ්ලෙන්ඩරයේ ආකෘතිය, වර්ගය සහ උපාංග පමණක් නොව ඔබ එය නඩත්තු කරන අයයුරු මත රඳා පවතින බව අමතක නොකරන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles