Perfume වෙනුවට 24 hours සුවඳවත් වීමේ රහස්

සුවඳ විලවුන් කියන්නෙ ඉතින් කාන්තා පිරිමි වෙනසක් නැතුව භාවිතා කරන්න ආස දෙයක්නේ. ඒ උනාට ඉතින් සමහර වෙලාවට හිතට අල්ලන, හොඳට සුවඳ Perfume එකක් හොයාගන්න රටේ නැති නැටුම් නටන්න ඕන. ඉතින් ඔය Perfume හොයන නැටුමෙන් පොඩ්ඩක් ඔයාලව බේරගන්නත් එක්ක අපි හිතුවා Perfume වෙනුවට ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්.

1.Essential Oils සහ Body Oils

ඔයාලට Perfume වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් තව දෙයක් තමයි මේ Essential Oil සහ Body Oil කියන්නෙ. මේවා සාමාන්‍යයෙන් සුපිරි වෙළඳ සැල්වලත් තියෙනව. එහෙම නැත්තම් Spa Ceylon වගේ තැන්වලිනුත් අරගන්න පුලුවන්. Oil එකක් කිව්වට මේක අර පොල් තෙල් වගේ ගෑවට එහෙම ඇලි ඇලි තියෙන එකක් නෙවෙයි. ගොඩක් වෙලාට ඝනත්වයෙන් අඩු සුවඳවත් තෙලක්.

ඒ වගේම සුවඳ වර්ග රැසකින් මේ Essential Oils සහ Body Oils එනවා.

2.Body Spray

Body Spray කියන්නෙත් Perfume වෙනුවට අපිට පාවිච්චි කරන්න පුලුවන් ඉතාම සුවඳවත් දෙයක්. Body Spray නම් ඔයාල දැනටමත් භාවිතා කරනවා හෝ අහල තියෙන්න පුලුවන්.

ඔයා කැමති සුවඳකින් යුතු Body Sprays ඔයාට Cosmetic Shops වලින් වගේම Online Order කරල අරගන්නත් පුලුවන් කම තියෙනවා.

3. Body Lotion and Butter

Body Lotion and Butter කියන්නෙත් Perfume වෙනුවට භාවිතා කරන්න පුලුවන් තවත් දෙයක්. Perfume එකකින් වෙන්නෙ සුවඳක් දෙන එක විතරක් වුනාට Body Lotion එකක් හෝ Body Butter එකක් ඔයාගෙ සමට Moisture එකත් දෙනවා.

ඔයා කැමතිම සුවඳකින් එන Body Butter එකක් හෝ Body Lotion එකක් ඔයා ආසම Brand එකකින් අරගන්න ඔයාට පුලුවන්

4. Body Mist

Body Mist එකක් කියන්නෙත් එක්තරා විදියක Body Spray එකක්. හැබැයි Body Spray එකකදි තියෙන්නෙ අර වායු ධාරාවක් වගේ එකක් ඇවිල්ලා ඔයාව සුවඳ කරන එකනේ. Body Mist එකක් ඊට වඩා Light සහ Less Fragrant Option එකක්.

වැඩි සැර සුවඳවල් නැතුව, ඒත් Pleasant, delightful සුවඳක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට නම් Body Mist එකක් කියන්නෙ හොඳම Option එකක්.

5. Shower Gels

Shower Gels කියන්නෙත් Perfume වෙනුවට භාවිතා කරන්න පුලුවන් Option එකක්. ඉතාම සුවඳවත් Shower Gels තියෙන නිසා ඔයාට Perfume වෙනුවට මේ Option එකට යන්න පුලුවන්. ඔයා උදේට හරි රෑට හරි Wash දාද්දි මේ වගේ සුවඳ පිරිච්ච Shower Gel එකක් පාවිච්චි කරොත් Perfume එකක් නැතුවත් සුවඳට ඉන්න පුලුවන්. ඒ වගේම ඇඟටත් හරිම Cool, Refresh ගතියක් තමයි දැනෙන්නෙ.

6.Deodrants

Deodorants කියන්නෙ දාඩිය දාන එකට එහෙම නැත්තම් දාඩිය ගඳ නවත්තන්න පාවිච්චි කරන Product එකක් කියල අපි හිතුවට Perfume වෙනුවටත් ඔයාට Deodorant එකක් පාවිච්චි කරන්න පුලුවන්.

කොහොමත් අපි  Perfume එකක් පාවිච්චි කරන්නෙත් අපේ ශරීරයේ තියෙන දහඩිය ගඳ වගේ දේවල් මග ඇරල අපෙන් ප්‍රසන්න සුවඳක් ලබා දෙන්නනෙ. ඉතින් Deodorant එකකිනුත් ඒ දේම සිදු කරනවා.

7. DIY perfume

Chemical Perfume පාවිච්චි කරන්න අකමැති කෙනෙක්ට නම් ඔන්න මේ DIY Perfume Try කරන්න පුලුවන්. Jojoba, sweet almond oil, lavender වගේ ඔයා ආසම සූවඳක් තියෙන Carrier Oil එකක් Use කරලා ඔයාටම  කියල Perfume එකක් හදාගන්න ඔයාලට පුලුවන්.

ඔයාගෙ හිතට හොඳටම සෙට් වෙන සුවඳ ලැබෙනකම් ඉතින් ට්‍රයි කර කර බලන්න.

8. Perfume Balms

Perfume Spray වෙනුවට ඔයාලට පුලුවන් Perfume Balms හෝ Perfumes සබන් වගේ දේවල් පාවිච්චි කරන්න. මේව මේ ගොඩ්ක මිලයි කියල හිතුවට මේ වගේ Perfumed සබන් නම් ඔයාලට ගෙදරදිම උනත් හදාගන්න පුලුවන්. Lux කියන්නෙත් මෙන්න මේ වගේ Perfumed Soap එකක්.

ඉතින් වෙනසකටත් එක්ක Perfume වෙනුවට මේ Options වලින් එකක් Try කරල බලන්න. සමහර වෙලාවට Perfume වලට වඩා ලාබ සහ ඔයාගෙ හිතට අල්ලන Option එකක් සෙට් වෙන්නත් පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles