නොගැලපෙන afair එකකට තිත තියන්න හිත හදාගන්නේ කොහොමද ??

“අපි මේ සම්බන්ධෙ නවත්තමු”

කේසර පුදුම උනා අමා ගෙන එකපාර ඒ විදියෙ මැසේජ් එකක් ආවම. කේසරයි අමායි යාලුවෙලා මහ කාලයක් නෑ. තාම අවුරුද්දක්වත් නෑ. ඒ උනාට වත්කම්, උගත්කම් පෑහිච්ච හන්දා හිතවත්කම් දික් කරගන්න හිතන් උන්නු කේසරට අමාගෙන් මේ ගහෙන් ගෙඩි එන්න වගේ ආව පණිවිඩේ ඔලුව විකාර කරා කියන එක අහන්නත් දෙයක් නෙවෙයිනෙ.

“ඇයි අමා එහෙම කිව්වේ?”

කියල කේසර අමාට එහෙම උත්තරයක් යැව්වෙ කොච්චර කෝල් කරත් අමා ආන්ස්වර් කරේ නැති හන්දා. කෝල් වලට උත්තර නොදුන්නට අමා මැසේජ් එකටනම් රිප්ලයි කරා.

“අපි දෙන්න ගැලපෙන්නෙ නෑ. ඒ නිසා මේ අෆෙයාර් එක කරගෙන යන එක තේරුමක් නෑ”

එහෙම කිව්ව අමා කේසරට එයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් හැම විදියකින්ම එයාව බ්ලොක් කරා. පිස්සෙක් වගේ බීපු කේසරව රස්සාවෙනුත් අස් කරලා දැම්මා. නොගැලපෙන සම්බන්ධෙකින් අයින් වෙන්න තමන්ට අයිතියක් තියෙන බව අමා හිතුවට නොගැලපෙන සම්බන්දෙකින් ගැලවෙන්න ඕන හරි විදියකුත් තියෙන බව කවදාවත් තේරුම් ගත්තෙ නෑ.

ඇත්තටම අපි නොගැලපෙන සම්බන්ධෙකින් ඉවත් වෙන්නෙ කොහොමද?

1. එය දෙපැත්තෙන්ම වේදනාවක් ඇති කරන බව පිළිගන්න

නොගැලපෙන සබඳතාවයකින් අපි ඉවත් වෙන්නෙ ඒ සබඳතාවය අපට නොගැලපෙන නිසා සහ ඒ නොගැලපීම අපේ ජීවිතයට දුක සහ වේදනාව අරගෙන එන නිසා. ඒ බව දෙපාර්ශ්වයම තේරුම් ගන්න එක ඉතාම වැදගත්.

2. මුහුණට මුහුණ සංවාදයක් පවත්වන්න

කිසිම වෙලාවක කෝල් එකකින් හරි මැසේජ් එකකින් හරි බ්‍රේක් අප් වෙන්න හිතන්න එපා. අමතක කරන්න එපා ආදරයක් ඇරඹෙන්නත් ඕන අවසන් වෙන්නත් ඕන ගෞරවාන්විතව. ඒ නිසා මුහුනට මුහුන හමුවෙලා කතා බහල කරල සුහදව වෙන් වෙලා යන්න අමතක කරන්න එපා

3. අවංක වන්න, නමුත් ඕනෑවට වඩා විස්තර නොකරන්න

අවංක වෙන්න. ඒක අමතක කරන්න එපා. ඒ උනාට ඔයා එයාගෙන් අයින් වෙන්න ගත්ත තීරණයට බලපාපු හේතුවවත් පමණට වඩා තේරුම් කරන්න, විස්තර කරන්න යන්න උවමනා නැති බව තේරුම් ගන්න. මොකද ඕනවට වඩා කතා කරන්න ගියොත් ඔය සබඳතාවයෙන් මිදෙන්න ඔයාට කවදාවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

4. තර්කවලට පිළිතුරු දීමෙන් වළකින්න

කිසිම කෙනෙක් ඉතින් තර්ක නොකර තමන් අතේ තිබුන දේකට ගිලිහෙන්න දෙන්නෙ නෑනෙ. ඒක සාමාන්‍යයයි. හැබැයි ඒ තර්ක හැම එකටම උත්තර දෙන්න ඕන නෑ. නතර කරන්න ඕන කොතනින්ද කියල මතක තියාගෙන ඒ අවසන් කතා බහ පවත්වන්න

5. දුරස්ත බව ඇති කරගන්න පියවර ගන්න

ඒ වගේම තමයි සබඳතාවය අවසන් උනාමත් ඔය “ඔයාට කොහොමද?”, “ගුඩ් මෝනින්”, “කෑවද? මේව අහන්නෙ අර එකපාර අතාරින්න බැරි නිසා” වගේ දේවල් අහන්න කරන්න යන්න එපා. සබඳතාවය අවසන් බවත්, දැන් ඔය දෙන්න දුරස්ත බවත් එයාට තේරුම් කරවන්න කටයුතු කරන්න වගේම ඔයත් තේරුම් ගන්න. එයා එහෙම දේවල් අහගෙන ආවත් ඒවට උත්තර දෙන්න යන්න එපා

6. සානුකම්පිත වන්න

එයාව දුරස්ත කරන්න කටයුතු කරත් අමතක කරන්න එපා ඒ සබඳතාවය නිම වීම ඔයාට වගේම එයාටත් වේදනාවන් වෙන්න පුලුවන්. ඒ නිසා එයා දිහා සානුකම්පිතව බලන්න. එයා ඔයාට කතා කරල ඇඬුවොත් කිසිම වෙලාවක ඒක සමච්චලයට ලක් කරන්න එපා සහ වෙන මිනිස්සු එක්ක එයා ගැන කියල හිනාවෙන්න එහෙම එපා

7. අනෙක් පුද්ගලයාට ලැජ්ජාව හෝ දොස් නොකියන්න

කිසිම වෙලාවක සම්පූර්න වරද එයා මත දාන්න එපා. ඔය දෙන්නම මේ සබඳතාවය එකට කරගෙන ගියේ. තනි අතෙන් අප්පුඩි ගහන්න බෑනෙ. ඒ නිසා කිසිම වෙලාවක තැන තැන එයාට බැන බැන අපහාස කර කර යන්න එපා

8. සම්බන්ධතාවය ශෝක කිරීමට ඔබට ඉඩ දෙන්න

ඒ වගේම ඔයාට මේ සබඳතාවය අවසන් වීම දුකක් උනොත්, ඒ වෙනුවෙන් අඬන්න. බොරුවට හිත හයිය කරගන්නවත් දුර්වල වෙන්නවත් ඕන නෑ. අඬන්න, හිත හදාගන්න

Related Articles

Don't Miss


Latest Articles