හැමදාමත් වරදින ජීවිතේ අද ඉදන් නිවැරැදි කරගන්න හරිම ක්‍රමයක්

මුහුණු පොතේ නිතරම වගේ අපිට දකින්න ලැබෙනවනෙ අපේ මිතුරු හවුලෙ ඉන්න අය ජීවිතේ විවිධ විවිධ දේවල් Achieve කරගන්නවා. අලුත් උපාධියක් කරලා, එහෙම නැත්තම් රස්සාවෙ Promote වෙලා, එහෙමත් නැත්තම් Car එකක් අරගෙන වගේ.

මෙහෙම දේවල් දකිද්දි “අනේ ඇයි මට මේ වගේ දේවල් නොලැබෙන්නෙ?” කියල හිතෙන එක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම හිත හිත ඉඳල විතරක් නම් අපිට ජීවිතේ දිනන්න ලේසි වෙන්නෙ නෑ.

ඇත්තටම කොහොමද මේ ජීවිතේ දිනන්නේ? එහෙම නැත්තම් මොකද්ද මේ ජීවිතේ දිනනව කියල අනිත් මිනිස්සු කරන්නෙ?

අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නෙ.

අපි හැමෝම මිනිස්සු උනාට අපි හැමෝගෙම ජීවිත ගෙවෙන්නේ එකම විදියට නෙවෙයිනෙ. එක එක අයගෙ ජීවිත වලට තියෙන ඔරලෝසු එක එක විදියයි. ඒ ඔරලෝසුව වැඩ කරන විදියටනෙ අපෙ ජීවිතේ ගෙවෙන්නෙ. හැබැයි එහෙමයි කියල මෙන්න මේ දේවල් නොකර හිටියොත් නම් ජීවිතේ ටිකක් ජයගන්න අපහසුයි.

1.පැහැදිලි, ශක්තිමත් අරමුණු තබාගන්න

ජීවිතේ දිනන මගට යන්න තියෙන අනිවාර්‍ය අංගයක් තමයි මේ පැහැදිලි සහ ශක්තිමත් අරමුණු තබාගන්න එක. අපිට ජීවිතේ කරන්න ඕන මොකද්ද, අපිට කවුද වෙන්න ඕන, තමන්ට Achieve කරගන්න ඕන මොනවද කියන දේ ගැන පැහැදිලි වගේම හිතිච්ච හිතිච්ච වෙලාවට වෙනස් නොකරන අන්දමේ අරමුණක් තියෙන එක හරිම වැදගත්. අරමුණ පැහැදිලි නම් ගමන යන්න පාර හදාගන්න එක පහසුයි. මොකද ඔයා දන්නවා Destination එක මොකද්ද කියන එක. ඔයා දන්නව ඒ Destination එකට යන්න ඔයා කරන්න ඕන දේවල් මොනවද සහ නොකල යුතු දේවල් මොනවද කියල

හිතන්නකො වැඩක් ආවම ඔයා කරන්න ඕන ඒ අදාල වැඩකටයුතු වල Urgency එක සහ Priority පිලිවෙල අනුව වැඩ බෙදාගන්න එක. එතකොට හරිම පහසුයි ඔයාට කලට වේලාවට වැඩ ටික ඉවර කරගන්න එක. ඒ වගේම තමයි මෙහෙම කරාම ඔයාගෙ මනසත් ඔයාට යන්න ඕන අරමුණ වෙනුවෙන් Focus වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අරමුණු තමයි ඔයාගෙ Commitment එකට සහ Passion එකට හේතුවක් වෙන්නෙ

2. Comfort Zone එකෙන් එලියට එන්න

Comfort Zone එකක වැඩ කරන එක පහසුයි. ඔයාගෙ මනස හරි නිදහස්. ඒ උනාට වතුර ටිකක් උනත් එකම තැන එකම විදියට තියෙද්දි පල් වෙන බව මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මනුස්සයෙක් උනත් එහෙමයි. හැමදාම හිතට සනීප, ලස්සන, Comfort දේවල් කරන එකෙන් වෙන්නෙ ඔයාගෙ මනස දරාගන්න තියෙන ශක්තිය අඩුවෙන එක. Experience එක අඩු වෙන එක. ඉතින් ජීවිතේ ඉස්සරහට යන්න, ජීවිතේ දිනන්න නම් ඔයාට මේ Comfort Zone එකෙන් එලියට එන්නම වෙනවා.

අමතක කරන්න එපා ඕනම අරමුණක් එන්නෙ ගැටලුවක් එක්ක. ඒ ගැටලුව විසඳගන්න මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඒ මහන්සි වීම අවසානයේ ඔයාගෙ අරමුණ ඉශ්ට වෙනවා.

ඉතින් ඒ වෙනුවෙන් Comfort Zone එකෙන් එලියට එන්න ඔයාට සිද්ද වෙනවා.

3. Bad Ideas උනත් හරි වැදගත්

එක පාර ඔයාගෙ අරමුණු වලට යන්න ඔයාට හරිම Idea එක ලයිට් එකක් පත්තු කරා වගේ එන්නෙ නෑ. මතකනෙ තෝමස් අල්වා එඩිසන්ටත් බල්බ් එක හොයාගන්න දහස් වතාවක් විතර මහන්සි වෙන්න උනා. හැබැයි මනුස්සය මගදි වැඩේ අතෑරියෙ නැති හන්ද අද මම මේ ඒ මනුස්සය හොයාගත්ත බල්බ් එක යට ඉඳගෙන ඔයාලට ඒ මනුස්සය ගැන කියනවා.

ඉතින් අරමුණ ජය ගන්න, ජීවිතේ ඉස්සරහට යන්න නම් Bad Ideas වලටත් පුරුදු වෙන්නවෙනවා. කිසිම අදහසකින් ඔයාට පාඩුවක් වෙන්නෙ නෑ. මොකද ඔයාගෙ අරමුණ නොයා යුතු පාරක් හෝ ක්‍රමයක් කියන දේ ඒ හැම Bad Idea එකකින්ම ඔයා ඉගෙන ගන්නවා. වරදින්න පුලුවන් පාරක් ගැන දැනගන්න එකම කොච්චර වටිනවද?

ජීවිතේ කියන්නෙ Number Game එකක්. ඉතින් මේ වගේ Chances ගන්න දෙපාරක් හිතන්න එපා. වැරදි වැරදි තමයි හරි දේ ඉගෙන ගන්නෙ

4. වැරදි කරමින් ඉගෙන ගන්න

වැරදෙන හැම පාරකින්ම ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්නවා කියන Concept එක ලෝකෙටවත් අපේ ජීවිතේටවත් අලුත් දෙයක් නෙවෙයිනෙ. ඒ උනාට අපි ඕක Exercise එකක් විදියට පුරුදු කරගන්නෙ නෑ. අපි හිතන්නෙ එක පාරක් වැරදුනොත් අපි දහ පාරක් කඩා වැටෙනව කියලනෙ.

වැරදි වලින් ඉගෙන ගන්න. වැරදි තමයි ඔයාලව හයිය කරන්නෙ ජීවිතේ ඉදිරියට එන්න තියෙන බාධක වලට මුණ දෙන්න. අමතක කරන්න එපා බුදු වෙන්න පෙරුම් පුරාගෙන ආව සිදුහත් කුමාරයත් බුදු වෙන්න කලින් අත්තකිලමතානු යෝගය වගේම කාමසුඛල්ලිකානු යෝගය කියන දෙවිදියම පුරුදු පුහුණු කරා. ඒ මාර්ග නෙවෙයි තමන්ව තමන්ගෙ අරමුණට අරගෙන යන්නෙ කියන එක උන්වහන්සේ තේරුම් ගත්තෙ පස්සෙ.

ඉතින් අපි ගැන කවර කතාද?

ඒ නිසා වැරදීම් උනාම ඒවයින් කඩා වැටෙන්න එපා. ඒවයින් ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න. ඒ පාඩම ඔයාට පොත පතින් ගන්න පුලුවන් පාඩමක් නෙවෙයි කියලත් මතක තියාගන්න

5. ඊයෙට වඩා අද වැඩ කරන්න

හෙට දවස හොඳට හදාගන්න නම් ඊයෙට වඩා අද මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.

මොකද ඊයෙ වෙච්ච වැරදීම් අද දවසේ ඔයාගෙ Learning එකක්. ඒ වැරදීම ඔයාට හරිගස්ස ගන්න පුලුවන් වෙන්නෙ අද දවසෙ. ඉතින් ඊයෙ දවසෙ වෙච්ච වැරදීම් ගැන පසුතැවෙන්නෙ නැතුව අද දවස ඔයා වෙන් කරන්න ඕන ඒ වරද හදාගන්න, ඒ වරද උනේ ඇයිද කියල තේරුම්ගන්න.

Adapt වීම කියල අපි කියන්නෙ අන්න ඒකට. ඒ Adapt වීම ජීවිතේ ජයගන්න ගමනෙදි හරියට වැදගත් වෙනවා.

හෙට දවසෙ හොඳට හදාගන්න අද දවසෙ ඔයාට සිදුවෙනව හොඳට හිතන්න, අභියෝග භාරගන්න, සහ Smart විදියට වැඩ කරන්න. ඉතින් ඒ හැමදේම සතුටින් භාරගන්න

6. අලුත් අදහස් – අලුත් අත්දැකීම් – අලුත් ගමනක්

ජීවිතේ ජයගන්න, දුර ගමනක් යන්න අලුත් අදහස්, අලුත් අත්දැකීම් වලට මුහුන දෙන්න ඔයාට සිදුවෙන බව අමතක කරන්න එපා.ඒ හැමදෙයක්ම සතුටෙන් භාරගන්න තරමට ඔයාගෙ ගමන සාර්තක වෙනව වගේම සුන්දර වෙනවා.

අලුත් දෙයක් ඉගෙනගන්න ඔයාට අලුත් අත්දැකීම්වලට මුහුන දෙන්නම වෙනවා. ඒවා අභියෝගාත්මක වෙන්න පුලුවන්. ඒ උනාට ඒ අභියෝග තමයි ගමන සුන්දර සහ ශක්තිමත් කරන්නෙ

ඉතින් මේ හැමදෙයක්ම සතුටෙන් භාරගන්න. නොපිරිහෙලා කරන්න.

ඔයාට ජීවිතේ ජයගන්න පුලුවන් බව සහතිකයි!

Related Articles

Don't Miss


Latest Articles