ඔන්ලයින් බිස්නස් වලින් අමාරුවේ වැටෙන්න කලින් මේ දේවල් දැනගන්න

Online business කියන්නෙ ඉතින් මේ වෙද්දි අපිට අමුතු දෙයක් නෙවෙයිනේ. 

බලන බලන අත Online business තියෙනව. 

තමන්ට තියෙන talent එකකින් ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න එක ඉතාම හොඳයි. 

ඉතින් අපි හිතුවා හතු පිපෙන්න වගේ හැදෙන මේ Online business ලෝකෙ ඇතුලෙ ඔයාගෙ Online Business එක establish කරගන්න ඔයා මොකද කරන්න ඕන කියල බලන්න 

 මොකද ඔය පේන තරම් Online business කරන එක ලේසි නෑ. අපිට නොපෙනුනට ඒක පිටිපස්සෙත් තියෙනවා ලොකුම ලොකු Process එකක් 

1. Product එක මොකද්ද? 

Online විකුණනව කියල ඉතින් පොල් විකුණන්නෙ නෑනෙ අපි. 

පොල් උනත් විකුණන්න පුලුවන් විකුණන්න හරි විදිය දැනගන්න ඕන. 

ඉතින් ඔයා කරන්න යන්නෙ මොන විදියෙ Online business එකක් උනත් විකුණන්න පුලුවන් Product එකක් වෙන්න එපැයි.

 අපි විකුණන දේම තවත් කෙනෙක් විකුණනව වෙන්න පුලුවන්. හැබැයි ඒක ඔයාට කඩා වැටෙන්න හේතුවක් වෙන්න බෑනෙ. 

ඉතින් ඔයා මොන විදියෙ Business එකක් කරන්න හිතුවත් ඉස්සර වෙලා හොඳට රිසර්ච් එකක් කරල බලන්න. ඔයා විකුණන්න බලාගෙන ඉන්න නිශ්පාදනය කොච්චර දුරට මිනිස්සුන්ට අවශ්‍ය ද කියන එක බලන්න. එකම නිශ්පාදනය උනත් Differentiate කරල විකුණන්නෙ කොහොමද කියල බලන්න 

2. විය හියදම් මොනවද? 

 Online business එකක් කරනව කියන එකේ අදහස කිසිම වියදමක් නැතෙයි කියන එක නම් නෙවෙයි. 

ඉතින් ඒ යන විය හියදම් මොනවද කියලත් බලන්න ඕන බව මතක තියාගන්න. ඔයා විකුණන්න ඉන්න නිශ්පාදනය වෙලඳපොලක් නැත්තම් පටන්ගත්ත තැනම බිස්නස් එක නතර කරන්න උනොත් ඒක හරිම අපරාදයක්. 

ඒ නිසා ඔයාගෙ බිස්නස් එක කරද්දි මෙන්න මේ මම පහල කියල තියෙන කරුණු වලට ලොකු අවදානයක් දෙන්න 

 1- ඔයාගෙ Product එක හෝ Service ඔයාගෙ customers ලගෙ තියෙන ප්‍රශ්නයක් විසඳනවද?

 2- ඔයාගෙ Product එකෙන් ඒකට ලාබදායි විසඳුමක් දෙනවද? 

 3- ඒ ගැටලුව විසඳගන්න ඔයාගෙ Product එක ගන්න සල්ලි වියදම් කරන්න මිනිස්සු ලෑස්තිද? 

 4-ඔයාගෙ Product එක ඕන කරන මිනිස්සු ලඟට යන්න ඔයාට කොච්චර වියදම් කරන්න වෙනවද? 

3.Business Expert 

 දැන් research එක කරල ඉවර වෙච්ච ගමන් බිස්නස් එක පටන් ගන්න පුලුවන් කමක් නැති බව මතක තියාගන්න. 

ඔයාට ඒකට ඔයාගෙ බිස්නස් එක ගැන පරතෙරටම දැනගන්න වෙනව. ඒ කිව්වෙ Expert කෙනෙක් වෙන්න වෙනවා. 

 ඔයාගෙ බිස්නස් එකට ඕන කරන බඩු ගන්නෙ කොහෙන්ද? 

ඒවයි quality එක ගැන එහෙම ලොකුවටම හිතන්න වෙනවා සහ දැනගන්න වෙනවා 

 ඉතින් ඒ Expert Knowledge එක උඩින් පහල වෙන්නෙ නෑනෙ. ඔයාට බිස්නස් කරලම තමයි ඒක දැනගන්න වෙන්නෙ. ඉතින් පොඩියට පටන් අරන් හිමින් හිමින් ඉස්සරහට යමු නේද?

4. Business plan එකක් 

 පොඩියට පටන් ගත්තත් ඔයාගෙ බිස්නස් එකට Business plan එකක් තියෙන්නනෝන කියල අමතක කරන්න එපා.

 ඉතින් ඔයා බිස්නස් එකට ඕන කරන සල්ලි ගන්නෙ කොහෙන්ද, අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද, ඒවට යන වියදම් පියවගන්නෙ කොහොමද සහ ලාබ පාඩු හැමදෙයක් ගැනම ඔයාට Plan එකක් හදල තියාගන්න වෙනව එතකොට වැඩේ ලේසියි. 

මුලින්ම ඔයාගෙ Business එක හොඳට Establishe කරගන්න මහන්සි වෙන්න. 

ඒ ඔස්සේ ඵලදායී සැලැස්මක් එක්ක Market එක අඳුන ගන්න. ඔයාගේ Goals Identify කරගන්න.

5.Business එකට නමක් 

 Business එකට නමක් තෝරගන්න එක හරි වැදගත්.

 පොඩියට පටන් ගත්තට කාලෙකින් ඔයා ලොකුම ලොකු Business person කෙනෙක් වෙන්න පුලුවන් නෙ. ඉතින් නම වැදගත්. 

 එහෙම නමක් තෝරගනිද්දි ගොඩක් අය කරන වැරදි දෙකක් තියෙනව. 

සමහරු දැනට ප්‍රසිද්ද Business name එකක් පොඩ්ඩක් වෙනස් කරල අරගන්නවා. සමහරු අරුම පුදුම වෙනස් නම් දාගන්නවා  

එහෙම නෙවෙයි ඔයා දාන නම මිනිස්සුන්ට කොච්චර ලඟද? කියවන්න ලියන්න පහසුද? Online type කරල සොයාගන්න කොයිතරම් ලේසිද? කියන දේවල් ගැන හිතන්න 

 නමක් හදාගත්තම Logo එකකුත් ඕනනෙ.

 මහ වියදම් කරන්නෙ නැතුව ලාබෙට ගන්න තියෙන එහෙම නැත්තම් නොමිලේ තියෙන Online tools use කරලා ඔයාට උනත් business logo එකක් හදාගන්න පුලුවන් 

 6. Publicity 

 Business එක ready කරගත්තට දැන් ඒකට Publicity හදාගන්නත් ඕනනෙ. 

 Online business එකකට ඉතින් හොඳටම Publicity එක ලැබෙන්නෙ Online මනේ. 

ඉතින් ඒ වැඩේට ඔයා මේ Online platforms හොඳට අඳුරගන්න ඕන ඔයා එන්න එන්න Grow වෙද්දි ඔයාගෙ Audience එකත් එන්න එන්න Grow වෙන බව මතක තියාගන්න. 

ඉතින් Facebook, Instagram, Tiktok business accounts හදාගෙන වැඩේට බහින්න ඔයාට පුලුවන්.

 Business එක ගැන විස්තර, products වල විස්තර සහ මිල ගණන් හරියට ලස්සනට පැහැදිලිව දාලා තියෙන page එකක් follow කරන්න වගේම විශ්වාස කරන්න තියෙන ඉඩ වැඩි වගේම ඒ විශ්වාසය රැකෙන විදියට වැඩ කරන්නත් අමතක කරන්න එපා 

 Online business කියල online ම විතරක් ඉන්න ඕන නෑ. පුලුවන් කමක් තියෙනම් පොඩි flyers වගේ හදල offline පැත්තෙනුත් publicity හදාගන්න 

 7. නීතිමය පැත්ත 

 Business එකක් කරනකොට මේ නීතිමය පැත්ත ගැනත් දැනුවත් වෙලා ඉන්න හරිම වැදගත්.

 ඒ කිව්වෙ business එක register කරන තැන ඉඳල නීතිමය පැත්ත ගැන ඔයා දැනුවත් වෙන්න.

 Online business ඒව register කරන ඒව වෙන්නෙ අඩුවෙන් උනාට අඩුමගානෙ ඔයාගෙ business name එකවත් register කරල තියාගන්න ඒ වගේම විකුණන්න ඉන්න නිශ්පාදන වල නීතිමය පැත්ත ගැනත් මතක ඇතුව බලන්න.

 නැත්තම් ඉතින් බඩු පැකට් තමයි!

 8.ඉල්ලුමට සැපයුම 

 මේක නම් හරිම වැදගත්. 

 මතක තියාගන්න කරන්න පුලුවන් තරමට පොරොන්දු වෙන්න. මහ ලොකු බිස්නස් කාරයෙක් වෙන්න කියල ඉල්ලන ප්‍රමාණෙට දෙන්න බැරි තරම් වැඩ භාරගන්න එපා. 

 උදාහරණයක් හැටියට ඔයා සාරි පේන්ට් කරන කෙනෙක් නම් එක සාරියක් පේන්ට් කරන්න ඔයාට කොච්චර කාලයක් යනවද කියල බලන්න. එහෙම නැතුව සාරි මහ තොගයක ඕඩර් අරගෙන අන්තිමේ සපයන්න බැරි උනොත් ප්‍රශ්නෙ ඔයාට කියල අමතක කරන්න එපා!

9. Customer Feedback 

 Customer feedback කියල හොඳ දේවල්ම බලාපොරොත්තු වෙන්න එපා. 

මොකද අපි නොහිතුවට කෙනෙක්ට අපෙ නිශ්පාදනයක වරදක් පේන්න පුලුවන්. 

ඉතින් එහෙම වෙලාවක තරහ අරගෙන වලි දාගන්නවත් ඒ මනුස්සය දාන කමෙන්ට් ඩිලීට් කරන්නවත් යන්න එපා එයා මොනව කිව්වත් හොඳින් කතාකරන්න. 

ප්‍රශ්න උන තැන අඳුරගන්න. ඒකට විසඳුම දෙන්න 

 ඒ වගේම නිතරම ඔයාගෙන් බඩු ගන්න අයට පොඩි rewards දෙන්න. 

හිතවත් customers ලට කතා කරල ඔයාගෙ business එකට පොඩි review එකක් දාගන්න 

 ඒ ඔස්සේ ඔයාට විශ්වාසයත් එක්ක දුර ගමනක් යන්න පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles