පිරිමි ළමයින්ගේ අවධානය ලැබෙන ස්මාර්ට් යුවතියක් වෙන්නේ මෙහෙමයි

දැන් ඉතින් ඔන්න මාතෘකාව දැක්ක ගමන් “මේ කෙල්ලන්ට තියෙන්නෙ පුදුම අමාරුවක් නේ” කියල හිතන්න එපා අපි හැමෝම ආසයිනේ ඉතින් කෙනෙකුගේ ආකර්ශනය දිනාගන්න.

 අපි අඳින්නෙ පලඳින්නෙ, හැඩවෙන්නෙ ඉතින් කොහොමත් දකින අයගෙ ආකර්ශනය දිනාගන්නනෙ.

 ඉතින් තරුණ ගෑණු ළමෙක් උනාම කොහොමත් පිරිමි ළමයි ඉතින් තමන් දිහා බලනවට ආසයිනේ 

 ඉතින් කොහොමද මේ ඇත්‍තටම Smart Girl කෙනෙක් විදියට ඔයාගෙ එයාගේ ආකර්ශණය දිනාගන්න විදියට හැසිරෙන්නෙ? 

1. ආලවන්ත කාන්තාවක් වෙන්න 

 ආදරෙන් බැඳෙන්න හිතෙන්නෙ ආදරේ හිතෙනන්කෙනෙක්ටනෙ. ඉතින් ආදරේ හිතෙන විදියට හැසිරෙන්න. 

ලස්සනට අඳින්න, කාරුණික මනුස්සයෙක් වෙන්න, ලස්සනට හැසිරෙන්න. කතා බහ කරද්දිත් ලස්සනට කතා කරන්න. 

 2.ගැහැණියෙක් වෙන්න 

 දැන් මේක බැලුවම හිතෙන්න පුලුවන් මොකද්ද මේ කියන්නෙ, අපි ඉතින් ගෑණු තමයිනෙ කියල. 

එහෙම නෙවෙයි. 

පිරිමි හරිම ආසයි අර ගැහැණු ගතිය වෑහෙන කෙල්ලන්ට. ඒ කිව්වෙ මේ ලඳ බොලඳ මල් පෙත්තක් වෙන්න කියල නෙවෙයි. මලක් වගේ සුවඳ වෙන්න. හුලඟක් වගේ සිහිල දෙන්න. පුලුන් වගේ සනීප වෙන්න. ඕනවට වඩා දරදඬු කෙනෙක් වෙන්න එපා 

3.ඕනවට වඩා සීමා මායිම් එපා 

 ඕනවට වඩා සීමාවන් දාන කෙනෙක්ට අපි ආකර්ශනය වෙන්නෙ නෑනෙ. 

කවුද කැමති කූඩුවක ඉන්න නේද? 

හැමෝම ආස නිදහසේ ඉන්නනෙ. ඉතින් ඕනවට වඩා සීමා දාන කෙනෙක් වෙන්න එපා. යාලුවො එක්ක එලියට යන්න දෙන්න. පොඩ්ඩක් බොන කෙනෙක් නම් ඉතින් ඔන්න බොන්න දෙන්න. 

හැමදාම බේබද්ද වගේ බීගෙන එනවනම් ඔන්න සීමාවන් දැම්මට කමක් නෑ.

 4. විශ්වාසය 

 විශ්වාසය නැතුව කොහොමත් හොඳ සබඳතාවයක් අපිට මේන්ටේන් කරගෙන යන්න බෑනෙ. 

ඉතින් එයාව විශ්වාස කරන්න ඔයාට වෙනවා.

 පෙර වැරදි නැත්තම්, සැක කටයුතු හැසිරීම් නැත්තම් ඉතින් එයාව අවිශ්වාස කරන්න එපා කරන්නං වාලෙ 

 අනික ඔයාට හොඳ සබඳතාවයක් තියෙනව “ඔක්කොම පිරිමි එකයි. අපිව රවට්ටන්න තමයි බලන්නෙ” වගේ ගතානුගතික අදහස් වල එල්ලිල ඉන්නත් එපා 

 5. Adapt වෙන්න 

 එයා එක්ක පාටි වලට යන්න, පන්සල් යන්න, ට්‍රිප් යන්න මේ වගේ හැම සිටුවේශන් එකකටම සෙට් වෙන කෙනෙක් වෙන්න.

 ඔයා අකමැති දේවල් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නෙ එයාට කිසිම තැනක තනිකමක් දැනෙන්න ඉඩ දෙන්න එපා. 

ඔයත් එයාගෙ ගමනෙ කොටසක් බව එයාට තේරෙන්න ඉඩ දෙන්න. එයා ලඟින් ඔයා ඉන්න බව තේරුම් ගන්න දෙන්න. 

 එයා මැච් එක බලද්දි ඔයා මැච් බලන්න අකමැති නම් ලඟට වෙලා පොතක් කියවන්න. එහෙම නැත්තම් එයාගෙ උකුලෙන් ඔලුව තියන් නිදාගන්න 

6. ඔයාට එයාව ඕන බව අඟවන්න 

 සමහර ගෑණු ලමයි ඉතින් strong independent women ලනෙ. 

අනේ ඉතින් එහෙම නම් ඇයි බැන්දෙ එහෙම නැත්තම් ඇයි අෆෙයාර් එකකට යන්නෙ? 

 දෙන්නෙක් එකතුවෙන්නෙ දෙන්නට දෙන්න ඕන නිසානෙ.

 ඉතින් ඔයාටත් එයාව ඕන බව අඟවන්න. ඔය ගෙදර පොඩි වැඩවලට එයාගෙ උදව් ගන්න. 

බෝතලේක මූඩිය ඇරගන්න හරි කමක් නෑ. එයා නැතුව කරන්න බෑ කියල පෙන්නන්න. එහෙම නැතුව “අපේ තාත්තගෙ නෑයෙක් තමයි මද්දුම බණ්ඩාර, ඉතින් මට බැරිද මේ වහලෙ උලු මාරු කරන්න” වගේ සුපර් මෑන් වැඩ කරන්න යන්න එපා. 

7.විනෝදෙන් ඉන්න 

 හැම තිස්සෙම නිකන් මූඩ් ගහපු කෙනෙක් වගේ ඉන්න එපා.

සන්තෝසෙන් ඉන්න. ජොලියෙන් ඉන්න. ප්‍රශ්නයක් තියෙන වෙලාවක උනත් හිත නිවන විදියට හැසිරෙන්න ඔෆිස් එකේ ප්‍රශ්න ඔයාලා දෙන්න අතරට ගේන්න එපා. පිට කරදර ගෙට ගේන්න එපා. 

ඔයාලාගෙ ජීවිතේ සතුටෙන් ගෙවන්න. කරදර කාල එනවා. ඒ කාලවලටත් එකතු වෙලා මූණ දෙන්න 

8. මොලේ තියෙනව හැබැයි ගාණට

ඕනවට වඩා බක පණ්ඩිත උනාමත් ඉතින් එපා වෙනවනෙ. 

එහෙමයි කියල මැට්ටා වගේ ඉන්න එපා. 

ප්‍රශ්නයක් ආවම එහෙම නැත්තම් Conversation එකකදි ඔයාගෙ මතය ඉදිරිපත් කරන්න. බුද්දිමත් බව පෙන්නන්න. 

හැබැයි ” අනේ මේ තමුන් දන්නෙ මොනවද මං නෙ දන්නෙ ” වගේ ලයින් දාලා ඒ මනුස්සයට ඔයාව එපා කරවන්න එපා 

මැට්ට වගේ අයට වගේම බක පණ්ඩිත කෙල්ලන්ටත් කොල්ලො ආස නෑ අප්පා 

ඉතින් ඔන්න මේ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔයාලට පුලුවන් ඔයාගෙ එයාගෙ හිත දිනාගත්‍ත ආකර්ශණීය කෙල්ලෙක් වෙන්න  

Try එකක් දීල බලන්නකෝ!

Related Articles

Don't Miss


Latest Articles