ඉර හැරෙන්නට ඇත්තේ හෝරා කිහිපයකි. හිස් අතින් නිවසට යන්නට නොහැකි නිසාම චතුර වැව් ඉවුරේ හිඳ ගත්තේය. අත් වාරු අසල තිබූ කුබුක් ගසට හේත්තු කලේය. පොඩි නංගීගේ කනට කරාබු දෙකක්වත් දාගන්නට ඇතිනම් කියා අම්මා හූල්ලන හඬ සවන් අස්සේ දෝංකාර දෙද්දී ඔහු වැව් දියට තද සුසුමක් පා කර හැරියේය.
ලොකු නංගී ජුකී මැශින් පාගා අතේ මිටිමොලවන මුදලින් අම්මා කරන්නේ සුලු පටු සුමයක් නොවේය. අප්පච්චි ගේ බෙහෙත්ද, අම්මගේ කොන්දේ අමාරුවේ තෙල් බෙහෙත්ද, පස් දෙනෙකුට කන්නට බොන්නට අඩුම කුඩුමද සැපිරෙන්නේ ඒ මුදලිනි.
රිය් අනතුරෙන් පාදයක් ඉවත් කරන්නට සිදුවීම චතුරගේ ජීවිතය කණපිට ගැසුවේය. රිය අනතුරේ වරද චතුරගේ බව ඔප්පු කෙරුනේ අනෙක් පාර්ශවයේ මොණර නෝට්ටු වල හය්යෙනි. අවසානයේ රුපියල් පනස්දහසක් චතුරගේ අතෙහි මිට මොලවා ඔවුහු යළි ඒ සුඛෝපභෝගී ජීවිත රේස් එකට වටහ.
ඒ පනස්දහසම වැය කරන්නට වූයේ චතුරගේ ප්‍රතිකාර වෙනුවෙන්ම ය. අවසානයේ දෙපයින් ඇවිදන් නගරයේ රැකියාවට ගිය චතුර, රැකියාවද අහිමිව, දකුණු පාදය දණහිස ළඟින්ම අහිමිවවද යලි ගමට පැමිනියේ පෙරේදාය.
රිය අනතුර සිදු වූ මෝටර් රියේ උන්නායයි දුටු තරුනියගේ බෝල ඇස් ඒ අල්ලපනල්ලේ චතුර ගේ ඇස් ඉස්සරහට පැමින්නියේය. ඒ ඇස් ඇයගේම වගේය. රෝහලේ සිටියදී පවා විටින් විට කිහිප වතාවක්ම ඒ ඇස් මැවෙමින් නැතිවූ බව චතුර ට සිහිපත් විය. අඩුම තරමේ තමා රෝහලට හෝ කැටුව යන්නට නොවී ඕ රියැදුරු අසුනේ උන් තරුණිය ද සමඟ මෝටර් රියට තුලම උන් වග සිහිවෙද්දී චතුරට දත් මිටි කැවුනේය.
උසාවියේදී පවා ඕ දැකගන්නට ලැබුනේ වරක් හෝ දෙවතාවකි. මුව වැසුම් පැලඳ, උන් නිසාවෙන් මතක ඇත්තේ බෝල ඇස්ම පමණි.
” *#& මාව කෑවා…”
ඒ බෝල ඇස් දිහාවට චතුර ගිණි පුපුරු විසි කලේය . සැනින් ඒ ඇස් අලුවී නොපෙනී ගියේය.
රුපියල් තුන්දාහක් වත් නැතිව කරාබු දෙකක් ගැනීම පහසු වන්නේ නැත. රුපියල් තුන්දාහක අත මාරුවක් කර ගැනීමට තරම් එකෙකු ගමේ ඇත්තේද නැත. කුඹුරු පාලුව නිසා සියල්ලෝම සිටින්නේ අතේ සතේ නැතුවය. තැපැල් මහත්තයා ගෙන් අතමාරුවක් කර ගත්තද යලි ණය පියවන මඟක් පෙනෙන්නේ හෝ නැත.
අප්පච්චි ගේ කුඹුරු කෑල්ල රාළහාමිට සින්න වී ගිය අවුරුද්දේ පටන් ජීවිතේ අමුතුම ගැට දමන්නට ගත් හැටි චතුර සිහි කලේ වැව් දියේම දෑස් ගිල්වමිනි.
අප්පච්චි ලෙඩ ඇඳට වැටුනේය. ලොකු නංගී සරසවි සිහිනය අතැර දමා යකඩ ගොඩක් හා ඔට්ටු වෙන්නට ගත්තේය. අම්මා ඉඩ ලැබෙන හැම විටකම කාගේ හෝ කුඹුරක අත් උදව්වට ගියාය.
ජීවිතේ වූ එකම හය්ය වූ මහීමා එක්වරම සියලු දෑ අතැර ගමෙන් පිටවූවාය. කිසිවක් දැනගන්නට හෝ ඉඩක් වූයේ නැත.
පසුව දැනගන්නට ලැබුනේ ඇය නුවර ගොස් ඇති වගය. ගමේ සියල්ල අතැරදා නුවර ගියේ ඇය සොයාගෙන්නටත් එක්කම බව චතුරට අමතක නැත. එහෙත් , සිදාදිය චතුරට සෑහෙන්නම නපුරු කම් කලේය. පලමු දෙවෙනි රැකියා නිසා ඉතුරු වූයේ ගතේ වෙහෙසත් පසුතැවීමත් වෛරයත් පමණි.
මරව මරවා වැඩ ගන්නට මිසක ඒ වෙහෙස වෙනුවෙන් සාධාරණ පියවීම් කරන්නට එකෙකු හෝ උන්නේ නැත. හෝටල් රැකියාව හමුවී සති දෙකකි. ගතේ වෙහෙස තරමට සාක්කුව පිරෙන සෙයක් විය. ඒ නැතත්, ඒ සා විසල් හෝටලයේ සේවය කිරීමම චතුරගේ ආත්ම ධෛර්යය පුබුදුවා තිබුණි.
එහෙත්, කොහෙදෝ සිට පැමිණි මන්තරකාරිය සියල්ල විනාශ කර දැමුවාය.
චතුර යලි නැගිට ගත්තේ නිවසට යන්නටය. හෙට දවස තුල කුමක් හෝ කරගනිමියි සිතාගෙනය.
“ලොකූ පරක්කු වෙද්දි මං පාරට එන්නද උන්නේ…”
හැඳ උන් කළු ගැහී ගිය චීත්තයෙන් දෑත් පිසිමින් අම්මා ඉදිරියට ආවේ තේ කෝප්පයක්ද සමඟය. චතුර අත් වාරු බිත්ති කණ්ඩියට හේත්තු කර එහිම හිඳ ගත්තේ කොප්පයද අතට ගනිමිනි.
“වැව ළඟ හිටියා අම්මේ… සනීපෙට හුළං…නැගිටින්න කම්මැලි හිතුනා…”
“නොවෙන්නම් ඉතින් …හවසට එතන හුළඟේ සනීපේ…”
“චූටි නංගී කාලද අම්මේ…?”
“වදෙන් පොරෙන් දවල් වැටකොළු ඩිංගක් එක්ක බත් දෙකටටක් කැව්වා… එයැයි හොයන්නේත් කටට රහට…”
“චූටිට වැව් මාලුවෙක්වත් නැතුව හුරුනෑනේ අම්මේ…”
“ඉස්සරහට වැවු මාලු තියා තුන් වේලට බත් කන්න පුලුවන් වේද කවුද දන්නේ ලොකූ… මේක අපේ අහේණි කාලේ… දෙවෙනි නැහෙන නැහිල්ල මට වාවන්නේ නෑ ලොකූ…උබ මෙහෙම හූල්ල හූල්ල ඉන්නවා බලාගෙන මට ඉහිළුම් නෑ…”
අම්මාගේ කඳුළු මෙච්චරක් බර බව චතුර ට දැනෙන්නේ දැන් ය. ම්හීමා හොයාගෙන යන්නට ගොසින් අම්මා මඟ හැර ගත් හැඟීම ව්ද දෙන්නේ දැන් ය
“අම්මා ඔය බර හිතට අරන් අසනීප නොවී ඉන්න… මම මොකක්ම හරි විදියක් හොයන්නම්… සමන්ලා කිව්වා වත්ත උදළු ගාලා කහ ඉඟුරු දාමු කියලා .. නංගිගේ වැඩේ ඉවර වුනම ඒක කරන්න ඉන්නේ…”
චතුර කීවේ එතරම් දිග සැලැස්මක් තිබුනාට නොවේය. එවෙලෙහි අම්මාට බලාපොරොත්තුවක් සදා හිත සනසන්නටය.
“කෙල්ලට කරාබු දෙකක්වත් දාගන්න අතේ පිච්චියක් නැති වුනානේ දෙය්යනේ…”
චතුර එයට කිසිත් කීවේ නැත. කිසිත් පවසන්නට තරම් ඔහුට වචන ගැලපුණේ නැත.
“දෙවෙනි ෆැක්ටේරියේ මහත්තයෙගෙන් ඉල්ලන්න හිතන් ඉඳලා තියෙන්නේ..පස්සේ අර කාන්ති කියලා ඒ සල්ලි ඉල්ලගත්තාම ණය එපා කියලා වෙන එව්වා ඉල්ලන් එන මහත්තුරුලු ඉන්නේ… මං දෙවෙනිට කිව්වා නොකා නොබී මැරුනත් ඔය ණය නම් ඉල්ලනේප කියලා ..”
චතුර මිටි මොලවා ගත් දෑත් වල මැද්දෑවේ කෝපය නවතාගත්තේය. මේ වැඩිමහල් සහෝදර කමෙන් ඇති පලක් නැතිවග යලි සිතුනේය.
“උඹ මෙහම හරි ඇස් මානේ ඉන්න එක මට සැනසීමයි ලොකූ… “
අම්මා එසේ කියමින් ඉස් තෝප්පුවෙන් එලියට බැස්සේ ඒ බරද චතුරගේ හිස මත තබමිනි.
පසුදා උදෑසන චතුර ඇහැරුනේ දෙවෙනිගේ හඬින් ය . එහෙමම හිඳගෙන ඔහු දෙවෙනි එතරම් කැ ගසන්නේ මන්දැයි අසමින් උන්නේය
“කවුරු හරි ගෙනල්ලා තිව්වේ නැත්නම්, මේ උදේ පාන්දර කොළ කෑල්ලක ඔතලාම කොහෙන්ද අම්මේ කරාබු…?”
වහා අත් වාරුවට බර වූ චතුර ඉස්තෝප්පුවට ගියේ ඒ ඇහෙන හරුපයේ පූර්වාපර ගලපා ගත නොහැකිවය.
“මොකද දෙවෙනි ?”
“මං මල් කඩන්න යද්දී එතන බිම තිබුණේ අය්යේ..මේහ්…කරාබු දෙකක්…”
“කොතන..?”
“මෙතන මේ..සේපාලිකා ගහ යට…”
“මෙහෙ ගේනවා..”
චතුර දෙවෙනිගේ එක් අතක වූ කරාබු ජෝඩුවද, අනෙක් අතේ වූ ඒ කරාබු ඔතා තිබූ කොල කැබැල්ල උදුරා ගත්තේ, හද ගැස්ම වේගයෙන් වද්දීය . ඒ කොළ කැබැල්ල අමතක වන්නේ නැත
~~~~~~~~~~~~~~~~~~~~~~
“සුදු මැණිකේ…”
“ම්ම්ම්….”
“ඔය මං තනියෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්තේ…”
කොල්ලා උජාරුවෙනනි. ඒ ඇස් දිලිසෙන්නේ ප්‍රේමය උතුරවමිනි. කෙල්ල උන්නේ තෙත්වූ දෑස් අලවා ගනිමිනි. මේ දයාර්ද්‍රම හැසිරීම් පපුවට බර වැඩිය
“ඔයාට පිස්සු අය්යේ… මෙච්චර වියදම් කලේ.. මං ඉල්ලුවේ ලේන්සුවක් නෙහ්…”
කෙල්ල කියන්නේ කරාබු ජෝඩුව අත්ලේ තද කරගෙනය.
“ඔය කිව්වට ලේන්සු දෙන්න හොඳ නෑ.. තරහ වෙනවා…අනෙක…#තෝඩු තෑගි දෙන්නේ උරුමක්කාරයෝ … ..”
විසි දෙහැවිරිදි තරුණයා කුඩා කොල්ලෙකු සේ කට උරුක් කල කීවේය.
“ඔයා ත් මන්දා.. වෙලාවකට අපේ පොඩ්ඩා පරාදයි ..”
ඒ කිව්වේ තවමත් දස වියැති කෙල්ලගේ මලණුවන් ගැනය.
“සුදු මැණිකේට කරාබු ගත්තා.. ලොකු නංගීට පොත් වගයක් ගත්තා..චූටිට බොනික්කෙක් ගත්තා.. අම්මාටයි අප්පච්චි ටයි ඇඳුමක් ගානේ ගත්තා… තව දෙදාහක් ඉතුරු… අපි ඒක පන්සලට පූජා කරමු…”
“එතකොට අය්යට??”
“ඊළඟ පාර මට ගන්න බැරියැ .”
“අනේ..ඒත්…”
“ඉතින් මූණ එල්ලගන්න එපා සුදු මැනිකේ … දැන් ඔය කරාබු දෙක කොහොමද පරෙස්සමින් තියාගන්නේ..?”
“දැන්ම කනේ දාගන්න බෑ කියලා අය්යට තේරෙනවානේ .. මං පරෙස්සමින් තියාගන්නම්…ඉස් ඉස්සෙල්ලාම කනේ කරාබු මට ඕනි තාලෙට දාන්න පුලුවන් වුන ගමන් මම මේක දාගන්නම්..ආයෙ කවදාවත් ගලවන්නේ නෑ…”
යුවතිය දෙන පොරොන්දු තරුණයාට බර වැඩිය
“ගලවන්නේම නෑ..?”
“ගලවනවා…මේ දෙක මං ළඟ තියෙනවට වඩා ඔයා ළඟ තියෙන එක වටිනවා කියලා හිතෙන දවසක…”
“මොන හරුපයක්ද මැණිකේ ඒ..?”
“දන් නෑ අය්යේ.. කටට ආවට කිව්වේ… මේ කරාබු දෙක ආයෙම ඔයා ළඟට ආවොත් , කොහොමම හරි එදාට ඔයා තේරුම්ගන්න මම මොකක් හරි පටලැවිල්ලක ඉන්නේ කියලා .. මොන ලෝකේ හිටියට් මාව හොයාගෙන මගේ ළඟට එන්න අය්යේ එදාට….”
යුවතිය කීවේ අනාගතය දැනෙන සෙයකිනි. තරුණයා එය අතරම් බරට නොගෙනම අතෑරියේය
.
.
.
චතුර වලව් වත්ත ට හැරෙන පාර වෙනතෙක් ඇවිද ගියේ ඉක්මන් ගමනිනි.අත් වාරුවට සිරවූ කිසිලි වේදන දෙද්දී පවා ඒ වේගය අඩු වූයේ නැත. එහෙත්, වලව්ව පෙනෙන මානයේදී වේගය ශූන්‍යම වී ගියේය.
කිසිවෙකු පැමින ඇති බවට සාක්ශි වලව්වේ දෙසින් පෙනෙද්දී, චතුර ගේට්ටුවෙන් ඇතුළු නොවීම ඉවසුවේය.
“කොල්ලෝ…..”
ඔහු තිගැස්සී ගියේ නුහුරු හඬකටය. ඇගේ බාප්පාය.
“පොඩි නිළමේ…”
“මොකෝ මේ පැත්තේ…”
“හන්දියට යන ගමන්..ගේට්ටු ඇරලා නිසා බැලුවේ…”
“එහෙමද, නැත්නම් අවුරුදු හතරක් මඟෑරුනු ප්‍රේමවන්ති හොයාගෙන ආවද..?’
චතුර ගේට්ටු පලුවට වාරු වූයේය. එය නොවන්නට ඔහු බිම ඇදගෙනම ම වැටෙන වගට සැක නැත
“මේ..පොඩි නිළමේ මොනවා කියනවද මන්දා ..”
“උඹ මට කොළේ වහන්න දෙයක් නෑ කොල්ලෝ.. මමයි පාන්දර උඹලෑ ගෙදර ට ඒ කරාබු දෙක ගෙනත් තිව්වේ…”
“ඒ..ඒ කියන්නේ…?”
“දෝණි කිව්වේ ඕක ගෙනිහින් තියන්න කියලා විතරයි ..”
“පොඩි නිළමේ…??”
“උඹේ ඔය කරාබු දෙක අය්යා ට අහු වුනා.. මීට අවුරුදු හතරකට කලින්… දෝනිට බොරුවක් කියාගන්න බැරුව ගියා…ඒක දුන්නේ උඹ කිව්වම කවදාවත් දෝනිට අත උස්සලා නැති අපේ අය්යා දෝණිට කොස්සක් කැඩෙනකල් ගැහුවා…ඒ ගහලා අත කැඩෙනකල් බිත්තියේ ගහගත්තා…පහුවෙනිදා පාන්දර දෝණියි අක්කයි නුවර යැව්වා.. “
චතුර අසල තිබූ සිමෙන්ති කැබැල්ල මත හිඳ ගත්තේය.
“දෝණි වෙනස් වුනා.. ගොලු වෙච්ච කිරිල්ලියෙක් වුනා.. අවුරුදු හතරකට පස්සේ දෝණි ආයෙම කතා කලේ උඹව එයාගේ කාර් එකට හැප්පුණු දවසේ.. නෑ…..උඹව දෝණිගේ යාලුවගේ කාර් එකට හැප්පුන්නු දවසේ.එදා දෝණි උඹව දැකලා කලබල කරන්න ගිය පාර තමයි අනෙක් ළමයා අතින් උඹව හැප්පුනේ…”
“ඒත්…”
“ඔව්..උඹව බලන්න ඕනිකමට උසාවි ආවා.. මම එක්ක ආවා.. ඇත්තම කතාව කිව්වම ඩොක්ටර් කිව්වේ එකම විසඳුම උඹ කියලා …”
“සු…දු…මැණි..කේ…කතා..කරන්නේ..නැද්ද…?”
“නෑ…ආයේ කතා කලේ නැ…”
“කෝ..කෝ දැන්…මැණි..කේ…?”
“වලව්වේ.. අය්යලාට වෙන විකල්පයක් නැතුව ගියා…ඒ නිසයි මේ ආවේ… උබ හිතන්න එපා ඒ ආවේ උඹේ අතේ එල්ලලා පෝරු නග්ගවන්න කියලා .මං දන්නවා අය්යලාව ..”
චතුර යන්තමින් සිනාසුනේය . දැන් ඇයට අවැසි වුවද එවැන්නක් තමා අතින් සිදුවන්නේ නැත
“මං දැන් කකුලක් නැති එකෙක් පොඩි නිළමේ… මගේ කරේ තියෙන බර මටම වැඩියි… වාවගන්න බැරුවට ආවා මිසක් මේක එන්න ඕනි ගමන්ක් නෙවෙයි …මං යන්නම්…”
“යන්නම් කියන්නේ..මොකක්ද උඹ…?”
“සුදු මැනිකේ සනීප වේවි..මං ඈතින් ඉඳන් ඇහැක් හැමදේම කරන්නම්…”
“පිස්සු නැතුව මෙන්න මෙහෙ වරෙන්… ඒකිනම් කිව්වේ, කරාබු දෙක ආයෙම යැව්වම උඹ ඇවිත් හැමදේම හරිගස්සවාවි කියලා …”
.
.
.
“මෙහෙම දවසක් ගැන එච්චරට බලාපොරොත්තු තියන් උන්නේ කොහොමද සුදු මැණිකේ…”
“දන් නෑ…”
“අවුරුදු හතරක් හොඳම දොස්තර මහත්තුරු පවා රැවටෙන්න කතා බෑ වගේ හැසිරුනේ කොහොමද සුදු මැණිකේ…?”
“දන් නෑ…”
“බැරි වෙලාවත් එදා මම වාහනේ හැප්පුනේ නැත්නම්, මේ විස්තර මෙහෙම ගොඩ ඇදෙන්නේ නෑනේ සුදු මැණිකේ…?”
“ඔයාට දැන් වැදගත් මං මෙතන ඔයා එක්ක ඉන්න එක නෙවෙයිද …?”
ඈ ගිනි ගන්නීය.
“මං විශ්වාස කලා… තෝඩු තෑගි දෙන්නේ උරුමක්කාරයෝ බව…”
ඈ යලි කීවේ චතුරගේ අතේ එල්ලීගෙනය
“මොකද්ද සුදු මැනිකේ තිබුණු සැලැස්ම …?”
“කිසිම සැලැස්මක් තිබුනේ නෑ අය්යේ.. දැනන් උන්නේ එකම දෙයයි…තෝඩු තෑගි දෙන්නේ උරුමක්කාරයෝ …”
ඈ චතුරගේ බාහුවේම එල්ලී ගත්තීය චතුර ඕ පසෙකට කලේ නිවස තුල බලමිනි.
“ඇයි එහෙම..?”
“සුදු මැණිකේ… මං දිහා බලන්න… කකුලක් නැති අබ්බගාතයෙක්… ඒ නිසා ඔය සැලසුම් වල මම ඉන්නේ නෑ..”
ඕ මහ හඬින් සිනාසුනාය .යලි යලි සිනාසෙද්දි නිවැසියන් පවා පැමින උන්නේ ඉස්තෝප්පුවටය. චතුර උන්නේ කුමක් කරන්නටදැයි සිතා ගත නොහැකිවය.
“සුදූ…”
සියල්ලෝම උන්නේ විමතියෙනි ..
“සුදූ…ඇයි..මේහ්…”
“අප්පච්චී…මෙයා මෙයා කියනවා මට පිස්සු නිසා මාව එපාලූ අප්පච්චි …මං ගොලු කෙල්ලෙක්ලූ….. බලන්නකෝ…”
චතුර පත් වූයේ කිසිත් කිය ගත නොහැකි තැනකටය. යුවතිය පොලු ගසන්නේ එල්ලය බලාය.
“අපි කතා කරමු සුදූ… “
ඒ අම්මා රවටන්නට චතුරට නොහැක.
“මම කිව්වේ වලව්වේ හාමිනේ, මං ..මං ..මෙහෙම….සදාකල් අබ්බගාතයෙක් මම…නිළමේ….”
“ආදරේ කලේ අතකට පයකට නෙවෙයි නෙහ්… මේකි මේ දරාගෙන කියාගෙන හිටියේ උඹ ඕනි නිසානේ… අපේ ආරෝවක් නෑ… උඹ තෝඩු , මාල දාලා කැන්දාන පලයං… අපි මඟුල් පෙරහැරේ එන්නම්….මෙයාට මෙච්චරට විශ්වාසයි කියන්නේ අපිට ආයේ මේවගේ දිග පලල මනින්න් ඕනි නෑ…මේ වතුපිටි බාර අරන්, ඔය හිත් සහසුද්දෙන්ම පිලිවෙල කරගනිල්ලා….
මං හාමිනේ එක්ක හවසට එහෙ එන්නම්.. එහෙ මඟුලට හදපු කැවුම් කිරිබත් කාල මේ කාරණාව ඒ මඟුල ඉස්සර කරන්ම කියලා යන්න…
දැන් ඉතින් සුදූ … ඔය උරුමක්කාරයා වාරු කරන් ජීවිතේ ඉස්සරහට යන්න….”
වලව් මාන්නයක් ගෑවි තිබුනා නම් අවසන් ඒ සියල්ලද ක්ශය විය
ඉතින් ,
ප්‍රේමය එබුණි.
සත්තය.
තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයෝ ය..
| අපේක්ෂා ගුණරත්න |