ගෙදරදීම රසට පාන් පීසා හදමු

පීසා කියන්නෙ අපි ගොඩක් දෙනෙක් කැමති කෑමක්නෙ. 

ඔන්න අද අපි කියල දෙන්නෙ පීසා රසටම ගොඩක් සමීප විදිහට ගෙදර තියෙන අමුද්‍රව්‍ය කීපයක් භාවිතා කරල ඉක්මනින් හදාගන්න පුළුවන් පාන් පීසා හදන්නෙ කොහොමද කියලයි. 

මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පෙති 02 ක් 
  • ලොකු ලූණු ගෙඩි ½ ක් 
  • කොළ පාට කැප්සිකම් ගෙඩි ½ ක් 
  • රතු පාට කැප්සිකම් ගෙඩි ½ ක් 
  • තම්බා තීරු ඉරා බැදගත් කුකුල් මස් 
  • කෑලි මිරිස්
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • පීසා සෝස් හෝ තක්කාලි සෝස්
  • බටර් හෝ මාගරින් 
  • මොසරැල්ලා චීස් හෝ ඔබ කැමති චීස් වර්ගයක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම, ලූණු සහ කැප්සිකම් කොටු හැඩයට කපාගන්න.

දැන් කපාගත් ලූණු සහ කැප්සිකම් කුඩා භාජනයකට දමා ඒවාට ඔබේ රස අනුව කෑලි මිරිස්, ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එක්කර හොඳින් කලවම් කරගන්න. 

දැන් බේකින් තැටියකට තෙල් කඩදාසියක් එලා සූදානම් කරගන්න. 

පාන් පෙති ගෙන එහි එක් පැත්තක බටර් හෝ මාජරින් ගා ගන්න. 

බටර් හෝ මාජරින් ගාගත් පැත්ත තෙල් කඩදාසිය මත සිටින සේ අතුරා ගන්න. 

පාන් පෙතිවල උඩ පැත්තේ පීසා සෝස් හෝ තක්කාලි සෝස් ගාගන්න. 

සාදාගත් ලූණු, කැප්සිකම් මිශ්‍රණය ඊට උඩින් දමාගන්න. 

දැන් බැදගත් කුකුල් මස් තීරු ඒ මත අතුරා ගන්න. 

ඊට උඩින් මොසරැල්ලා චීස් ඔබ කැමති ප්‍රමාණයක් එක්කර ගන්න. 

දැන් සෙන්ටිග්‍රේට් අංශක 180 ඌෂ්ණත්වයේ විනාඩි 15 ක් පමණ බේක්කරගන්න.

කැප්සිකම් සහ කුකුල් මස් වෙනුවට අමුමිරිස්, මාළු මිරිස්, සොසේජස්, ඉස්සන් වගේ ඔබ කැමති දෙයක් භාවිතා කරන්න පුළුවන්. 

අවන් එකක් නැතිනම් පැතලි තැටියක් ලිපතබා මේ විදිහටම පාන් පෙති ඒ මත අතුරා චීස් දියවනතුරු රත්කර ගන්නත් පුළුවන්. 

එහෙනම්, පිරිසිදුවට රසට වගේම ඉක්මනින් හදපු පාන් පීසා අද තේ වෙලාවට හදමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles