කාලය කියන්නෙ කලමනාකරනය කරගන්න අපහසු උනාට කරගන්න බැරි දෙයක් නෙවෙයිනෙ. දවසෙ වැඩ ටික හරියට ප්ලෑන් කරගන්න නම් ඔයා කාලය ගානට මැනේජ් කරගන්න ඕන. අපි අද කතාකරන්න යන්නෙ අපි අපේ දවසෙ අපිට ලැබෙන කාලය ගානට මිම්මට මැනේජ් කරගෙන ඒකෙන් උපරිම ප්රයෝජන ගන්නෙ කොහොමද කියල.
1 – ඉලක්ක වලින් ආරම්භ කරන්න
හැම දවසක්ම අවසානයේ අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙන වැඩ කන්දරාවක් තියෙනව. ඉතින් ඔයා මුලින්ම උදේ නැගිට්ට ගමන් කරන්න ඕන දේ තමයි ඔයාගෙ ඒ වැඩ වැදගත්කමේ අනුපිලිවෙල අනුව වර්ග කරගෙන පිලිවෙලට හදාගන්න එක.
ඊටපස්සෙ ඒ වැඩවලට එක එක විදියෙ ගෝල්ස් දෙන එක. ඒ ඉලක්ක තියාගන්න එකෙන් ඔයාට පහසුවක් වෙනව දවස අවසානයේ ඔයා ඉන්න ඕන කොතනද කියන එක ගැන.
හරියටම කිව්වොතින් ඉලක්ක කියන්නෙ සාර්තකත්වය ගැන ඔයාගෙම නිර්වචනයක් කියල කියන්න පුලුවන්. ඉතින් ඉලක්ක තියාගෙන විතරක් හරියන්නෙ නෑ. ඔයා ඒ ඉලක්ක සාක්ශත් කරගන්න මහන්සි වෙන්නත් ඕන
2- කාර්ය්යන් වර්ග දෙකක් තියෙනවා
වැඩවල වර්ග දෙකක් තියෙනව. එකක් තමයි ඉලක්කගත කාර්යයන් අනික් එක තමයි අනිත් වැඩ.
ඒ කිව්වෙ ඔය අතරින් පතර එන අලුත් වැඩ තියෙනවනෙ. අන්න ඒව. ඉලක්කගත කාර්යයන් කියන්නෙ ඔයා විසින්ම හදාගත්ත ඉලක්ක වෙත යන වැඩ කටයුතු.
අනෙක් වැඩ කියන්නෙ ඔය ඊමේල් වලට රිප්ලයි කරන ඒව, කෝල් ගන්න ඒවා වගේ දේවල්. ඒව අපිට ඉලක්කගත වැඩ තරම් ඉම්පෝටන්ට් නොවුනට නොකර ඉන්න බැරි වර්ගෙ වැඩ.
ගොඩක් අයට තියෙන ප්රශ්නෙ තමයි මේ ඉලක්කගත වැඩ වලට දෙන්න ඕන වෙලාවයි ෆෝකස් එකයි එයාලා වැඩිපුර දෙන්නෙ අනිත් වැඩවලට වීම. ඒකෙන් වෙන්නෙ උදේට කොච්චර ටාගට් තියාගෙන හිටියත් දවස ඉවර වෙද්දි ඒ ටාගට් කවර් කරගන්න බැරි වෙන එක.
ඒකට හේතුව තමයි ඔය අනිත් වැඩ අපි හදිසියි කියල හිතන එක. අතරින් පතර එහෙම හදිසි වැඩ එකක් දෙකක් එන්න පුලුවන්. හැබැයි කිසිම වෙලාවක ඔයාගෙ ඉලක්කගත වැඩ වලට ඒවයින් බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා.
ඒ නිසාම තමයි ඔයාට හොඳ සැලැස්මක් උවමනා වෙන්නෙ.
3- ඉලක්කගත වැඩ ඉවර වෙනකම් වෙන කිසි දෙයක් කරන්න එපා
ඉලක්කයක් තියාගත්ත නම් ඒ ඉලක්කය වෙත යා යුතු බව හැමතිස්සෙම මතකෙ තියාගන්න. ඒ අතරමැද ඔයාගෙ ගෝල් එක ටාගට් එක අමතක කරල වෙන වෙන දේවල් කරන්න යන එකෙන් ඔයාගෙ ප්රඩක්ටිවිටි එක තමයි අමතක වෙන්නෙ.
ගොඩක් වෙලාවට අපි පුටුවෙ වාඩිවෙන්නෙ ආහ් මම අද මේ ප්ලෑන් එක හදල ඉවර කරනව කියල හිතාගෙන උනාට වාඩිඋනාට පස්සෙ හිතෙනව පොඩ්ඩක්ෆෝන් එක බැලුවනම් හොඳයි කියල.
අන්තිමේ වැඩේ කරන්න යන වෙලාවෙන් ඔයා ගොඩක්ම වෙලාව නාස්ති කරල තියෙන්නෙ ෆෝන් එක බලන්න.
4- හැම වැඩකටම නියමිත කාලයක් දෙන්න
ඕනම වැඩක් කරන්න යන නිශ්චිත කාලයක් තියෙනවනෙ. අන්න ඒ වෙලාවෙන් උපරිම ප්රයෝජන අරගන්න ඔයා දැනගන්න ඕන.
උදේම ඔයාගෙ එදිනෙදා දවසෙ වැඩකටයුතු ටික ප්ලෑන් කරද්දිම ඒ වැඩ කරන්න යන වෙලාවක් කීයද කියලත් නෝට් එකක් දාගන්න අමතක කරන්න එපා. එහෙම කරාම ඔයාට පුලුවන් ඔයාගෙ ප්රඩක්ටිවිටි එක වැඩි කරගෙන වැඩ ටික හරියට වෙලාවට ඉවර කරල දාන්න.
ලොකු වැඩකට අඩු වෙලාවක් වත් විනාඩි පහේ වැඩේට පැයක්වත් ඇලොකේට් කරන්න එපා. ඔයාගෙ කැපෑසිටි එකත් ඔයාට මේකෙන්ම අඳුනගන්න පුලුවන්
5- හෙට කරන්න ඕන වැඩ අද ප්ලෑන් කරන්න
නින්දට යන්න කලියෙන් හෙට දවසේ ඔයා විසින් කරන්න ඕන වැඩ වල ලිස්ට් එක හදාගන්න පුලුවන් නම් ඔන්න වඩා හොඳයි.
එතකොට උදේ නැගිට්ටම ඔයාට කරන්න තියෙන්නෙ ඒ ඒ වැඩ අනුපිලිවෙල අනුව වැඩ ටික පටන් අරගන්න විතරයි.
ඒ වගේම වැඩ ප්ලෑන් කරන එක කලබලේ කරන්න තීරණය කරන්න එපා. නිවිහැනහිල්ලෙ වෙලාව අරගෙන ඒක කරන්න.
ඒ වගේම එහෙම කරන එකෙන් ඔයාට උදේ පාන්දර ඔලුවට දැනෙන බර වලින් කොටසක් ඉවත් කරගන්නත් උදව් වෙනව. මොකද ඔයා උදේ නැගිටිද්දිම ඔයාගෙ දවස ප්ලෑන් වෙලා තියෙන්නෙ.
ඉතින් මේ විදියට දවසක් දෙකක් කරල මදි. කැපවීමෙන් දිගටම ඔයාගෙ දවස ප්ලෑන් කරගන්න එක කරන්න. මුල් කාලෙ ටිකක් අමාරුයි වගේ හිතුනට කාලයක් යද්දි ඔයාටම හිතේවි මේ වගේ වැඩ ටික ප්ලෑන් කරගත්තම දවස වගේම ජීවිතෙත් කොච්චර පහසු වෙනවද සහ ප්රඩක්ටිව් වෙනවද කියල!