සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකක් කිරීමෙන් ලැබෙන වාසි…

ඔබේ සම නිරෝගීව සහ දීප්තිමත්ව තබා ගන්න ඔබට කරන්නට පුළුවන් හොඳම සත්කාරයක් තමයි ෆේෂල් කියන්නේ. මේ වෙනකොට ලෝකයේ බොහෝ ෆේෂල් වර්ග ජනප්‍රිය වෙමින් පවතිනවා. සාම්ප්‍රදායික සහ මූලික ෆේෂල් වර්ග, සමේ වර්ගය අනුව , සමේ විවිධ තත්වයන් අනුව සහ සම වඩාත් පැහැපත් කර ගැනීමට පවා ෆේෂල් වර්ග බොහෝ රූපලාවන්‍ය විශේෂඥයන් මගින් මේ වන විට හඳුන්වා දී තියෙනවා. ඒ වගේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්වෙලා තිබෙන Hydrafacial ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. සාමාන්‍ය ෆේශල් එකක් කරනවට වඩා Hydrafacial එකක් කරන එකෙන් ලැබෙන වාසි මොනවද කියලා ඔබට මේ ලිපියෙන් දැනගන්නට පුළුවන්.

සාමාන්‍ය ෆේශල් එකක් කියන්නෙ මොකද්ද ? 

සාමාන්‍ය ෆේෂල් එකක් යනු රූපලාවණ්‍යාගාරවල බහුලව සිදු කරන ෆේෂල් වර්ගයි. ඒවාට අදාළ නිෂ්පාදන මිලදී ගන්නවා නම් එවැනි ෆේෂල් එකක් නිවසේදීම ඔබටම කර ගැනීමේ හැකියාවද තිබෙනවා. මෙහිදී සම පැහැපත් වීම , දීප්තිමත් වීම සහ සමට හොඳ පෙනුමක් ලබාදීම සිදුවෙනවා.

සාමාන්‍ය ෆේෂල් එකකදී මුහුණ පිරිසිදු කිරීම , ස්ක්‍රබ් කිරීම , බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කිරීම , සමේ තත්වය සහ සමේ ගැටලු අනුව පැක් එකක් භාවිතා කිරීම වැනි පියවර සිදුකිරීම මඟින් සමට සත්කාරය සිදු කරනවා.

Hydrafacial එකක් කියන්නේ මොකද්ද ? 

නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සිදු කරන උසස් සත්කාරක ක්‍රමයක් ලෙස මේ hydrafacial හඳුන්වන්නට පුළුවන්.ඒ වගේම මෙය hydra dermabrasion ලෙසත් නම් කරනවා.මෙය සීරම් වර්ග මගින් සම exfoliate කිරීම සහ hydrate කිරීම වගේම සම ඇතුලත ස්ථර වල ඇති කුණු, දුහුවිලි සහ තෙල් ඉවත් කිරීමත් සිදු කරනවා. විශේෂයෙන්ම මෙවැනි ෆේෂල් එකක් සිදුකර අවසානයේදී ඔබට ක්ෂණික ප්‍රතිඵල දැකගත හැකි වනවා වගේම එම ප්‍රතිඵලය දිගු කාලීන වනවා.

Hydrafacial එකක් ක්‍රියා කරන්නෙ කොහොමද ? 

Hydrafacial එකක් සාමාන්‍යයෙන් ප්‍රධාන පියවරවල් තුනක් ඔස්සේ සිදු කරනවා. මුලින්ම  රූපලාවන්‍ය ශිල්පියා හෝ පුහුණුව ලත් චාර්බ රෝග විශේෂඥයා විසින් සම පිරිසිදු කර exfoliate කිරීම සිදු කර , chemical peeling එකක් සිදු කරනවා.

ඉන්පසුව ඔබේ සම පැහැපත් කරන , තෙතමනය ආරක්ෂා කරන සහ සම පෝෂණය කරන ගුණ ඇතුළත් සීරම් වර්ගයක් ඔබේ සමට ඇතුළත් කරනවා.

අවසාන පියවර ලෙස ඔබේ සමට නව ජීවයක් ලබා දෙමින් , සමට ඉතා පැහැදිලි වෙනසක් ලබා දෙන , සම ආරක්ෂා කරන සීරම් වර්ග ඇතුලත් කර ඇති උපාංගයක් මගින් සත්කාරය සිදු කරනවා. 

Hydrafacial එකකින් විසඳුම් ලැබෙන සම ආශ්‍රිත අනෙක් ගැටලු මොනවද ? 

සමේ වර්ණය වැඩි දියුණු වීම 

සම මත ඇති අඳුරු ලප ක්‍රමයෙන් ඉවත් වීම 

කුරුලෑ ආසාදන පාලනය වීම 

කුරුලෑ ඇතිවීම පාලනය වීම

සිහින් රේඛා සහ රැලි මැකී යාම 

ඇස්වටා ඇති අඳුරු කව පහව යාම 

සමෙහි ඇති අධික තෙල් සහිත බව ඉවත් වීම

සමෙහි වයස්ගත පෙනුම නැති වී නීරෝගී පෙනුමක් ලැබීම 

සාමාන්‍ය ෆේශල් එකකට වඩා Hydrafacial එකකින් ලැබෙන වාසි මොනවද ? 

Hydrafacial යනු සම ගැඹුරින් පිරිසිදු කිරීමට සහ ක්ෂණික දිදුලන සමක් ලබා දීමට නවීනතම උපකරණයක් භාවිතා කරන ප්‍රතිකාරයකි.සාමාන්‍ය ෆේශල් යනු සමේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා සමට ප්‍රතිකාර කිරීමේ සම්ප්‍රදායික ක්‍රමයයි. මේ ක්‍රම දෙකෙහි ප්‍රතිඵල ගැන සසඳා බලන විට Hydrafacial එකක ප්‍රතිඵල ක්ෂණික සහ දිගුකාලීන වනවා. නමුත් බොහෝවිට සාමාන්‍ය ෆේෂල් එකකදී ප්‍රතිඵල පවතින්නේ දිනක් හෝ දෙකක් පමණයි. ඒ වගේම විශේෂයෙන් Hydrafacial එකක් ඔබට ඇති විශේෂිත සම ගැටලු වලට අනුව වෙනස් කර ගත හැකි ආකාරයේ සත්කාරයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. 

සාමාන්‍ය ෆේෂල් එකක් සහ Hydrafacial එකක් අතර තියෙන වෙනස දැන් ඔබට වැටහෙනවා ඇති. ඔබේ කාලයත් මුදලුත් ආයෝජනය කිරීමට හොඳම ක්‍රමය කුමක්ද කියලා Smart කාන්තාවක් වන ඔබට දැන් ඔබට තීරණය කරන්නට පුළුවන්.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles