කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති කඩකුත් තියෙනවා.
- සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාව ඇති කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය.
- නිරෝගී යෝනි ශ්‍රාවය අවර්ණයි.දියරමය ස්වභාවයකින් යුතුයි.
- නමුත් සමහර අවස්ථාවලදී මෙය වැඩිපුර පිටවන්නටත් ,සුදු පැහැයක් ගන්නත් හැකියාව තියෙනවා.
- දැඩි අවිවේකි දින චර්යාව සහ මානසික ආතතිය මීට හේතු විය හැකියි.
අසමාන්‍යතා
- ඝන සුදු පිටි තරලයක් ලෙස පිටවීම.
- කහ, කොළ, දුඹුරු ලෙස වර්ණ විපර්යාසයන් ඇති වීම.
- දුඟදක් හැමීම.
- නොනවත්වා ගැලීම.
- කැසීම, රතු වීම, වේදනාව.
- යටිබඩ, උදරය, කොන්දේ වේදනාව.
- ඉක්මන් කෝපය වැනි සංකුලතා මතු වීම.
විසඳුම්
- ක්ෂණික ආහාර අවම කරන්න.
- පෙර පිසූ ආහාර භාවිතයට නොගන්න.
- පිරිසුදු ජලය පානය කරන්න.
- උෂ්ණාධික ආහාර පාලනය කරන්න.
- කපු යට ඇඳුම් භාවිතා කරන්න.
- නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න.
- වෛද්‍ය සහාය ලබාගන්න.
– ඉරේෂා –