ඉතාලි කෑමක රස බලමු

විවේකි සවසක සති අන්තයක දී ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ඉතාමත්ම පහසුවෙන් සාදාගන්නට හැකි මේ සලාදය, ඔබේ නිවසට සතුටක් රැගෙන ඒවි. මතක තියාගන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ.

තක්කාලි සහ චීස් සලාදය

අවශ්‍ය දේ:

  • හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 2
  • මොසරල්ලා චීස් කුඩා කැබලිවලට කපාගත් ග්‍රෑම් 50
  • කපාගත් පාට 3 න් බෙල් පෙපර් ග්‍රෑම් 45

සාදා ගන්නා ආකාරය:

හොඳින් ඉදුණු තක්කාලිවල මදය ඉවත්කර කුඩා කැබලි වලට කපාගන්න. කපාගත් බෙල් පෙපර්, මොසරැල්ලා චීස් සහ තක්කාලි හොඳින් කලවම් කර dressing එකද එයට එකතු කරන්න. ඉන්පසු පිඟානක් ගෙන සාදාගත් සලාදය ඒ මත අතුරා පිළිගන්වන්න.

Dressing එකට අවශ්‍ය දේ:

  • බැසිල් කොළ ග්‍රෑම් 3
  • විනාකිරි මිලි ලීටර් 5
  • අඹරාගත් අබ ග්‍රෑම් 3
  • ඔලිව් තෙල් මිලි ලීටර් 5
  • ලුණු හා ගම්මිරිස් රස පදමට

සියලුම දේ එකට මිශ්‍ර කර සාදා ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles