දඩිබිඩිගාලා හදන පෝෂණීය සැන්ඩ්විචස් රෙසිපි 03ක්

සැන්ඩ්විචස් කියන්නේ අපි හැමෝම කන්න කැමති ඉක්මනින් ම හදාගන්න පුලුවන් ආහාරයක්. ගෙදර තියෙන දේවල් වලින් දඩිබිඩි ගාලා හදාගන්න පුලුවන් සැන්ඩ්විචස් රෙසිපි කිහිපයක් තමයි මේ. අමුද්‍රව්‍ය ඉතාම අඩු ප්‍රමාණයක් වුණත් හරිම රසවත් රෙසිපි ටිකක් අද අපි අරන් එනවා.

වෙජිටබල් සැන්ඩ්විචස්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පෙති
බටර් ස්වල්පයක්
පිපිඥ්ඥා පෙති කිහිපයක්
තක්කාලි පෙති කිහිපයක්
සලාද කොළ කිහිපයක්
ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

බටර් වලට ගම්මිරිස් සහ ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් එය පාන්පෙති වල තවරන්න. ඉන්පසු තක්කාලි සහ පිපිඥ්ඥා පෙති කිහිපයක් අතුරන්න. අනෙක් පාන්පෙත්තෙන් වසා ගෙන රස බලන්නයි තියෙන්නේ.

බිත්තර සැන්ඩ්විචස්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති
බිත්තර දෙකක්
තක්කාලි පෙති කිහිපයක්
බටර් ටිකක්
ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

බිත්තවලට ලුණු ගම්මිරිස් දමා පෑන් එකක තුනියට බැදගන්න. දැන් පාන්පෙතිවල බටර් ගාගන්න. ඉන්පසු බැදගත් බිත්තර පාන්පෙති ප්‍රමාණයට කපා ගෙන ඒවා අතුරගන්න. දැන් ඒ උඩින් තක්කාලි පෙති දෙකක් තබා අනෙක් පාන් පෙත්තෙන් වසා ආහාරයට ගන්න.

මයෝ සැන්ඩ්විචස්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පෙති
සිහින්ව ගා ගත් කැරට්
තම්බා පොඩි කරගත් බිත්තරයක්
මයොනීස් මේස හැඳි දෙකක්
ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

පාන්පෙති හැර ඉතිරි සියල්ල මිශ්‍ර කරන්න. දැන් ඒ පේස්ට් එක පාන්පෙති වල හොඳින් තවරා ගන්න. අනෙක් පාන් පෙත්තෙන් වසා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles