හත්මාලු ව්‍යංජනය නිතර ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

අවුරුදු කෑම මේසයට ගොඩක් දෙනා හදන කෑමක් තමයි හත්මාලුව කියන්නේ.ඒත් හත්මාලුව කියන්නේ අවුරුදු කෑම මේසයට විතරක්ම සීමා වෙන්න ඕන කෑමක් නෙමෙයි.ඒකට හේතුව මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්.

මොකද්ද මේ හත්මාලුව කියන්නේ ?

හත්මාලුව කියන්නෙ එළවලු වර්ග හතකින් සකස් කරන සාම්ප්‍රදායික සිංහල ආහාරයක්.ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි අමුද්‍රව්‍ය වෙනස් උනත් එළවලු ,ධාන්‍ය සහ කොළ එළවලු මෙහි අඩංගු වෙනවා.ඒ වගේම මිහිරි රසය ,කටුක රසය ,ඇඹුල් රසය ,ලුණු රසය ,තද රසය සහ කහට රසයෙන් පරිපූර්ණ මේ හත්මාලුවේ කාබෝහයිඩ්‍රේට් ,ප්‍රෝටීන් ,මේදය ,විටමින් සහ ඛනිජත් ඇතුලත් වෙනවා

සාමාන්‍යයෙන් හත්මාලුව සකස් කරන යොදාගන්න අමුද්‍රව්‍ය මොනවද ?

  • කජු
  • කොස් ඇට
  • වම්බටු
  • කොල්ලු
  • මුං ඇට
  • දඹල
  • මෑ කරල්
  • රාජ අල
  • තිබ්බොටු

නිවසේදීම සකස් කරගන්න කුලු බඩු වර්ග වගේම උකු පොල් කිරිත් මේ හත්මාලුව සකස් කරන්න යොදාගන්නවා.

හත්මාලුව අවුරුදු කෑම මේසයට සීමා නොවිය යුත්තේ ඇයි ?

අධික මේදය සහ අධික සීනි භාවිතා කරන්න වර්තමානයේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා.රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න හත්මාලුව කියන්නේ ඉතාම හොඳ ආහාරයක්.

ඒ වගේම ආහාර ජීර්ණයට සහ ආහාර අවශෝෂණය වැඩි දියුණු කරගන්නත් හත්මාලුව ආහාරයට ගැනීම වැදගත් වෙනවා.

විශේශයෙන්ම අලුත් අවුරුදු හෝ වෙනත් උත්සව කාල වලදි අධික ආහාර පරිභෝජනය හේතුවෙන් ඇතිවන ආහාර ජීර්ණ අපහසුතාවයෙන් මිදෙන්න මේ හත්මාලුව උදවු වෙනවා.

බඩ පිපුම සහ මල බද්ධය වැනි රෝග සමනය කරගැනීමටත් හත්මාලුව ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි

ඒ විතරක් නෙමෙයි , විශේශයෙන්ම හත්මාලුව රසවත්ව සකස් කරගන්න යොදාගන්නා කුලුබඩු සහ අනෙක් අමුද්‍රව්‍ය වලිනුත් විශාල සෞඛ්‍යමය වාසි අත්වෙනවා.

  • සුදුලූණු – ආහාර දිරවීම පහසු කරන අතර හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි
  • ඉගුරැ – ආහාර දිරවීම පහසු කරයි
  • කරපිංචා හා රම්පේ – කොලෙස්ටරෝල් හා සීනි ඉවත් කරයි.ආහාර මගින් ශරීරයට ඇතුල්වන අනවශ්‍ය විස කොටස් ඉවත් කරයි
  • කොත්තමල්ලි – වකුගඩුවලට හිතකරයි. මුත්‍රා පෙරීම ක්‍රමවත් කරයි. උණුසුම් කාලයට ඉතා සුදුසුයි
  • සූදුරැ හා මාදුරැ – ආහාර හොදින් දිරවා ආහාර ජීර්ණ ශක්තිය වැඩි කරයි
  • උළුහාල් – ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.
  • ගම්මිරිස් – ශරිරයේ උෂ්ණ බව අවම කරයි.
  • කුරැදු පොතු – ආහාර වල ඇති සීනි ප්‍රමාණය අවම කරයු
  • තක්කාලි, අමුමිරිස්, සියඹලා – විටමින් වර්ග ලබාදෙයි

සාම්ප්‍රදායික හත්මාලුව කියන්නේ ඉඳහිට හෝ ඔබ ඔබේ ආහාරයට එකතු කරගන්න ඕන දෙයක්.ඉතින් මෙවැනි සෞඛ්‍යමය වාසි රැසක් ලැබෙන හත්මාලුව අවුරුදු කෑම මේසයට විතරක් සීමා නොකර ඔබට ඔබේ පවුලේ අයත් එක්ක ඉඳහිට හෝ රස බලන්න කියලා අපි ඔබට මතක් කරනවා

Related Articles

Don't Miss


Latest Articles