පහසුවෙන් සෑදිය හැකි බත් වර්ග.

හැමදාම බත් එක්ක ව්‍යාංජන කනවට වඩා විශේෂ බත් වර්ගයක් හැදුවොත් ගෙදර අය ගොඩක් කැමති වෙයි.ඒ නිසා අද අපි ඔබට කියන්න යන්නේ පහසුවෙන්ම හදා ගන්න පුලුවන් බත් වර්ග තුනක් ගැන

Garlic & Egg Rice

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

පිසගත් බත් කෝප්ප තුනක්
සුදු ලූණු බික් 10 – 15
බිත්තර දෙකක්
අමුමිරිස් කරල් දෙකක්
කොත්තමල්ලි කොල
ලුනු
ගම්මිරිස්
බටර්

හදාගන්නෙ මෙහෙමයි

  • මුලින්ම සුදු ලූනු සහ අමුමිරිස් ඉතාම හීනියට චොප් කරගන්න
  • පෑන් එකක් ලිප තබා එයට බටර් ස්වල්පයක් දමන්න
  • බටර් දියවුනු පසු එයට චොප් කරගත් සුදු ලූණු එකතු කරගන්න
  • සුදුළූණු රන්වන් පැහැ වනවිට එයට අමුමිරිස් එකතු කර විනාඩියක් පමණ මිශ්‍ර කරන්න
  • මිශ්‍රණය පෑන් එකේ පසෙකට කර එයට බිත්තර දෙක එකතු කර එය බැදීගෙන එන විට තරමක් ලොකු කැබලි සිටින ලෙස කඩාගන්න
  • ඉන්පසු සියල්ල හොඳින් මිශ්‍ර කර එයට පිසගත් බත් ද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න
  • අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් එකතු කර අවසානයට කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ එකතු කරන්න.ඔබ කැමති නම් කොත්තමල්ලි කොළ වෙනුවට ලූනු කොළ එකතු කරන්නට පුලුවන්

Lemon Rice

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • පිසගත් බත්
  • කුඩාවට කපාගත් ඉඟුරු
  • කුඩාවට කපාගත් සුදු ලූණු
  • ලෙමන් යුෂ
  • රටකජු
  • වියළි මිරිස්
  • කරපිංචා
  • අබ
  • ලුණු
  • කහ

හදාගන්නේ මෙහෙමයි

  • මුලින්ම පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමන්න
  • තෙල් රත්වීගෙන එන විට අබ තේ තේ හැඳි බාගයක් පමණ එකතු කරන්න
  • අබ පුපුරාගෙන එනවිට එයට රට කජු සහ වියලි මිරිස් එකතු කර මිශ්‍ර කරන්න
  • ඉන්පසු සුදු ලූණු, ඉඟුරු සහ හීනියට කපාගත් කරපිංචා එකතු කරන්න
  • සුදු ලූණු රන්වන් පැහැ වනවිට එයට කහ ස්වල්පයක් එකතු කර මිශ්‍ර කරන්න
  • ඉන්පසු පිසගත් බත් එකතු කර අවසානයට ලෙමන් යුශද එකතු කර හොඳින් මිශ්‍ර කර අවශ්‍ය පමණට ලුනු එකතු කරගන්න

Tomato Rice

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • හාල් කෝප්ප දෙකක්
  • කොටු කපාගත් ලොකු බීළූණු ගෙඩියක්
  • කොටු කපාගත් තක්කාලි ගෙඩි දෙකක්
  • ඉඟුරු
  • සුදු ලූණු
  • කරපිංචා
  • කුරුඳු පොතු
  • කරදමුංගු
  • කරාබු නැටි
  • ලුනු
  • කහ
  • මිරිස් කුඩු

හදාගන්නෙ මෙහෙමයි

  • පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කරන්න
  • තෙල් රත්වුනු පසු එයට කුරුදු පොතු ,කරදමුංගු ,කරාබු නැටි, කරපිංචා සහ පේස්ට් එකක් කරගත් ඉඟුරු සහ සුදු ලූණු එකතු කරන්න
  • විනාඩියකට පමණ පසු එයට බීළූණු එකතු කරන්න
  • බීළූණු රන්වන් පාට වුනු පසු එයට තක්කාලි එකතු කරන්න
  • තක්කාලි හොඳින් පිසුනු පසුව එයට කහ ස්වල්පයක් සහ ඔබට අවශ්‍ය පමණට මිරිස් කුඩු එකතු කරන්න
  • පසුව සහල් කෝප්ප දෙක එකතු කර අවශ්‍ය පමණට ලුණු එකතු කර විනාඩියක් පමණ මිශ්‍ර කරන්න
  • සහල් තැම්බීමට අවශ්‍ය පමණට වතුර දමා මද ගින්දරේ බත් එක පිසගන්න

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

Related Articles

Don't Miss


Latest Articles