අපි කවුරුත් ආසයි හැමදාම ලස්සනට තරුණ විදියට ඉන්න. ඉතින් ඒ සඳහා ඉතාමත්ම හොඳ ප්‍රතිකර්මයක් තමා තක්කාලි ආහාරයට ගැනීම. ලන්ඩනයේ නිව් කාස්ටල් සරසවියේ මහාචාර්යවරු පවසන්නේ මිල අධික ආලේපන වර්ග වලට වඩා තක්කාලි ආහාරයට ගැනීමෙන් වයසට යාම පාලනය වන බවයි.
- තක්කාලි වල අඩංගු ස්වාභාවික පැහැය සමට දිදුළන බවක් එක්කරනවා.
- හිරු රැස් වලින් සමට වන හානිය අවම කිරීමට තක්කාලි සමත්.
- සමේ පිළිකා ඇතිවීම වැළක්වීමට තක්කාලි සතු පෝෂණ ගුණය ඉවහල් වනවා.
- ඒ වගේම නිතරම තක්කාලි ආහරයට ගැනීමෙන් පියයුරු සහ ගැබ්ගෙල පිළිකා සෑදීමේ අවදානමෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා.
- තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීමෙන් වැඩි ප්‍රතිපල ලැබෙනවා.
- ඇස්වල පෙනීම වර්ධනය කිරීමට, උදරාබාධ සුව කිරීමට, අධික රුධිර පීඩනය අඩු කිරීමට, ආහාර මනාව දිරවීමට, රුධිර සංසරණය උත්තේජ කිරීමට, තක්කාලි සමත්.
- විටමින් A, C, K, B, සහ පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් තක්කාලි සතු වනවා.
– ඉරේෂා –