Heels දාන්න කැමති අයට පුංචි tips ටිකක්

ලස්සන වුණාට අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් ලේසි නැහැ. ඒ වගේම දිනපතාම අඩි උස සපත්තු දාන්නට පුරුදු වුණොත්, කල් යාමේදී ඔබේ ශරීරයේ නොයෙක් ආබාධ ඇතිවෙන්නටත් හැකියාව තිබෙනවා. එනිසා මෙම smart ටිප්ස් ටික කරදරයක් නැතිව heels පැළඳීම කැමති ඔබ සඳහායි.

නිතර අඩි උස පාවහන් පලඳින කාන්තාවන්ට.  සිරුරේ බර නිසි පරිදි පාදවලට ව්‍යාප්ත නොවී, පාදයේ ඉදිරි කොටසට පීඩාකාරී ලෙස බලපෑම නිසා, පාද වේදනාව හා ස්නායු තෙරපීමෙන් හිරි ගතියක් පවා ඇති වීම,   දීර්ඝකාලීනව පවතින කොන්දේ වේදනාව සහ දණහිස් නහර ගැට ගැසීමේ තත්ත්වය ආදිය ඇති වෙන්න පුළුවන්

වෛද්‍ය මතය වනුයේ අඟල් 2ක් පමණ උස ඇති පාවහන් පැළඳීම සුදුසු බවයි. අඩි උස පාවහන් දවසකට පැය 4-5 කට වඩා දාගෙන ඉ සතියකට දෙතුන් වරකට වඩා ඒවා පැලඳීම කොහෙත්ම සුසුසු වන්නේ නැහැ.  තමාට දරාගත හැකි මට්ටමේ heels තෝරා ගන්න අමතක කරන්න එපා.

වෙජ් හීල්/ wedge heels වැනි සපත්තුවේ අඩිය උස්වී ඇති ආකාරයටම ඉදිරිපස ද උස්ව සැකසී ඇති අඩියක් සහිත පාවහන් භාවිතය ද ශරීරයට එතරම් අපහසුතා ඇති නොකරයි. මේවායේ අඩිය උස් වුවත් සැහැල්ලු නිසාත් පොළවට සමාන්තරව අඩිය තැබිය හැකි නිසාත් එය භාවිතයෙන් අපහසුතාවක් හෝ දැඩි හානියක් සිදු නොවේ.

උසින් අඩු අඩි සහිත සැහැල්ලු පාවහන් පාවහන් කිසිවකුට අතුරු ආබාධයක් ඇති නොකරන අතර මේවා පැලඳීමේ දී ශරීරයේ බර සමතුලිත ලෙස පාද කරා බෙදා හරියි. එසේමඇවිදීමේදී හා හිටගෙන සිටීමේදී අඩිය උස්සා නැති පැතලි පාවහන් පැළදීමෙන් කොන්දේ කැක්කුම් දුරුකැර ගත හැකි බව  කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

Heels දාගෙන යා යුතු අවස්තාවලදී පාවහන් තුලට heels පැළඳීම පහසු කරවන කුෂන් (Shoe Insoles) පළඳින්නට හැකියි. කැතරින් කුමරිය මෙලෙස heels පැළඳීම පහසු කරවන කුෂන් පළඳින්නට ඉතාමත් ප්‍රිය කරනවා. මෙයට අමතරව හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි සැහැල්ලු පාවහන් යුගලයක් නිතරම ළඟ තබා ගැනීමත් අනිවාර්යයෙන්ම පහසුවක් වේවි.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles