රස කෑම කන්න ලොකු හොටලයකටම යන්න ඕනා නැහැ. ඒ ආහාර වට්ටෝරු අප ඔබ වෙත ගෙන එන නිසා.
හර්බ් තැවරූ ටුනා මාළු සමග එළවලු සලාද සහ තක්කාලි සල්සා
අවශ්‍ය දේ:
- කොටු කපාගත් ටූනා මාළු ග්‍රෑම් 150
- ඉතා කුඩාවට කපාගත් මිශ්‍ර හර්බ් ග්‍රෑම් 20
- තල තෙල් මිලි ලීටර් 50
- ලුණු සහ ගම්මිරිස් රස පදමට
- ජුලියන් ක්‍රමයට කපාගත් කැරට් ග්‍රෑම් 10
- ජුලියන් ක්‍රමයට කපාගත් ලීක්ස් ග්‍රෑම් 10
- ජුලියන් ක්‍රමයට කපාගත් ගෝව ග්‍රෑම් 10
- ජුලියන් ක්‍රමයට කපාගත් රතු ,කොළ ,කහ බෙල් පෙපර් ග්‍රෑම් 10 බැගින්
- ඔලිව් තෙල් මිලි ලීටර් 30
- ජුලියන් ක්‍රමයට කපාගත් ලොකු ළුණු ග්‍රෑම් 10
- ඉතා කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 10
- කොටු කපාගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5
- දෙහි යුෂ මේස හැඳි 2
මාළු ග්‍රිල් කරමු
ටුනා මාළු වලට හර්බ්ස්, තල තෙල්, ලුණු සහ ගම්මිරිස් දමා පදම් කරගන්න. පසුව ග්‍රිල් හෝ පෑන් ෆ්‍රයි කරගන්න. එළවලු සලාද සහ ටෝමටෝ සල්සා සමග පිළිගන්වන්න.
එළවලු සලාද හදමු
කැරට්, ලීක්ස්, ගෝවා, බෙල් පෙපර් වර්ග සහ ලුණු, ගම්මිරිස් එකට මිශ්‍ර කර එයටම ඔලිව් තෙල්, දෙහි දමා මිශ්‍ර කරන්න.
ටෝමටෝ සල්සා හදමු
ලොකු ළුණු, තක්කාලි, කේපර්ස් සහ කොත්තමල්ලි එකට මිශ්‍ර කරගන්න. එයටම ලුණු සහ ගම්මිරිස් දමා මිශ්‍ර කරන්න.
අලංකාර ලෙස සරසා පිළිගන්වන්න.
– ඉරේෂා –