කටට රසට අතුරුපසට අන්නාසි පුඩිමක් හදමු

අන්නාසි අපි කවුරුත් කන්න කැමැති පලතුරක්. ඒ වගේම ලංකාවේ පහසුවෙන් සොයා ගත හැකි පලතුරක්. මෙම පුඩිම අන්නාසි ඇසුරින් පහසුවෙන් සැකසිය හැකි රසවත් අතුරුපසක්..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • අන්නාසි ගෙඩි 01
  • කුඩා ටින් කිරි 01
  • ජෙලටින් තේ හැඳි 02
  • සීනි ග්‍රෑම් 200
  • වැනිලා ස්වල්පයක්
  • කපා ගත් කජු සහ වියලි මිදි අවශ්‍ය තරමට
  • සැරසීමට චෙරි ස්වල්පයක්

සාදාගන්නා අයුරු:

අන්නාසි ගෙඩිය පොතු හැර කුඩාකැබලි වලට කපාගන්න. ටින්කිරි බඳුනකට දමා එයට වතුර ටින් 2ක් එක්කර සීනිවලින් මඳක් දමා ලිප තබා උණුකරන්න. පසුව මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න. අන්නාසි කැබලිවලට ඉතිරි සීනි ටික දමා ලිප තබා මිශ්‍රණය පැණි බවට පත්වන විට ලිපෙන් ඉවතට ගන්න. ජෙලටින් උණුවතුරෙන් දිය කර එය කිරි මිශ්‍රණයට එක්කර අන්නාසි මිශ්‍රණයට දමා කලවම් කරගන්න. දැන් මිශ්‍රණයට අලංකාර බඳුනකට දමා උඩින් කජු, වියළි මිදි සහ චෙරි එක්කර සරසා ශීතකරණයේ තබා පුඩින් එක සෙට්වූ පසු පිළිගන්වන්න.

වැඩි රසයක් සඳහා වැනිලා අයිස් ක්‍රීම්, විපිං ක්‍රීම් හෝ කස්ටඩ් ස්වල්පයක් සමඟින් ද පිළිගැන්විය හැක. උත්සව අවස්තාවක් සඳහා ඔබට ඉතා පහසුවෙන්ම මෙම කදිම අතුරුපස සකසා ගත හැකියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles