සති තුනක් ගෙවෙද්දී ත් චරිත් උන්නේ නිහඬවමය.
තිළිණි කොළඹ පැමිණියේ නිවෙසට යන්නට සූදානම් වගට ශයිනිට මුසාවක් පවසමිනි. තිළිණිව ඇරවන්නට ඇයට යන්නට ඉඩක් නොවූ නිසා ශයිනි එය රියැදුරෙකුට පැවරුවාය. කෙසේ නමුත් රියැදුරා ලවා මඟින් බස්සවාගත් තිලිණි පැමිනියේ ප්‍රබාත් ගේ පුවත් පත් ආයතනටය.
එහි පිළිගැනීමේ කවුන්ටරය අසලට ගොස් ප්‍රබාත් හමුවෙන්නට පැමිණි වග පැවසීමෙන් පසු ඇයට හිඳගෙන සිටින්නටයැයි එතැන සිටි යුවතිය කීවාය. තිළිණි යාබදව වූ කුඩා අසුනක හිඳ ගත්තාය. ඇයට දැන් දැනෙන්නේ සැහැල්ලුවකි. අද සවස් වන විට ජීවිතය පෙර වූ සැහැල්ලුවට යන මාවතට ඇද දමා ගන්නට හැකි වේවි යැයි ඕ සිතුවාය.
තමා හමුවන්නට තරුණියක පැමිණැ ඇතැයි ඇමතුම ලැබුණ සැනින් ප්‍රබාත් අසල වූ සීසීටීවී කරා සම්බන්ධ කර තිබූ පරිඝනකයට එබුණේය. පිළිගැනීමේ කවුන්ටරය ට පසෙකින් වූ පුටු කිහිපය වෙතකෙලින්ම එල්ල වී තිබූ කැමරාවෙන් කිසිවෙකු පෙනුනේ නැත.
ප්‍රබාත් අනෙක් කරාව වෙතට එබුණේය. ඔහුට ගත් හුස්ම හෙලන්නට අමතක වූයේ කැමරා දර්ශනයේ උන් තරුණිය පිළිබඳව වන ගැලපීමක් ක්ෂණයෙන් ලැබුණ නිසාය. එහෙත් ඇය මෙහි පැමිනෙන්නට කිසිඳු ඉඩක් නැති වගද ඔහු ඒ හා සමඟින්ම අවධාරණය කර ගත්තේය.
ප්‍රබාත් කරමින් උන් වැඩය නවතා පිටතට ඇවිද ගියේ විනාඩි කිහිපයක් ආගන්තුක තැනැත්තිය වෙනුවෙන් වෙන් කරන්නට සිතමිනි. පිළිගැනීමේ කවුන්ටරයේ යුන් හිතවතියටද සිනහවක් පා කර ප්‍රබාත් අසුන් වෙතට ඇවිද ගියේය.
තිළිණි හිස එසවූයේ කිසිවෙකු පැමිණෙන වග දැනීමෙනි. කලකට පෙර මොණරවිල හොටෙල්ස් වෙත පැමිණි ඇස් වල හුරුව තිළිණිට දැනුණි. ප්‍රබාත් පත් වූයේ දැඩි අපහසුවකටය. ඔහු ආයාසයෙන් සිනහවක් නඟා ගත්තේය. තිළිණි නැගිට්ටාය. ප්‍රබාත් ඇයට හිඳ ගන්නට සන් කලේය. එහෙත් ඕ හිඳ ගත්තේ නැත.
“හායි..”
ඕ පළමුව උරහිස් අකුල ඔහු ඇමතුවාය. ප්‍රබාත්ද පෙරලා ඇය පිළිගත්තේය.
“සොරි… කතා කරන්නේ නැතුව ආවාට..”
“ඉට්ස් ඕකේ… ඒකට කමක් නෑ.. ඉඳගන්න …”
“.. මට චුට්ටක් කතා කරන්න ඕනි…”
ප්‍රබාත් හිස සැලුවේය. හිඳගෙන කතා කරන්නට සූදානම් වග පෙන්වූයේය.
“ඉඩ තියෙනවා නම්, චුට්ටක් එළියට යන්න එනවද? මෙතන ටිකක් අපහසුයි වගේ …. එහෙම නැත්නම් මට වෙන දවසක එන්නත් පුලුවන්…”
තිලිණි ඉතා අඩු ස්වරයකින් අරඹා ඉන් පසුව වේගයෙන් කියා දැමාය. ප්‍රබාත් උන්නෙ ඒ ඉදිරිපත් වූ යෝජනාවේ දිගක්, පළලක් මැන ගන්නට නොහැකිවය.
ඔහු හිස සලා ඇයට එකඟ වූයේ වැඩිදුර සිතන්නට කල් නොගෙනමය. ඔහු පැමිනෙන තෙක් සිටින්නටයැයි පවසා කාර්‍යාලය තුලට ගියේය. ප්‍රබත් යළි පිණියේ හෙල්මට දෙකක්ද රැගෙනය.
ඔහු ඉන් එකක් ඇය වෙත පෑවාය. තිළිණි ඒ විශ්වසනීය බව ඉතා කැමැත්තෙන් පිළිගත්තාය. ප්‍රබාත් ගොස් යතුරු පැදිය නවතනතුරුම යන්නේ කොහිදැයි නොවිමසා සිටින්නට තරම් ඕ ඒ විශ්වසනීය බව උඩම උන්නාය.
දෙදෙනා හිඳ ගත්තේ කාර්‍යබහුල නොවූ පසෙක වූ ඉඩකය. තිළිණි අත් බෑගය පසෙකින් වූ අසුන මත තැබුවාය. වේටර්වරයා පැමිණි පසු ප්‍රබාත් තිළිණි දෙස බැලුවාය. ඉන් පසුව ආහාර වට්ට්ටෝරු සඳහන් කර තිබූ මෙනු පත ඇය වෙතට පෑවාය. ඇය පෙරළා එය ඔහු වෙතටම තල්ලු කලේය.
“චොක්ලට් මිල්ක් ශේක් දෙකක් මචන්…. “
තිළීණි එයට සිනාසුණාය.
වේටර්වරයා පිටව ගොස් මද වේලාවක් යන තුරුම වූයේ නිහඬ බවය. ප්‍රබාත් තිළිණිට ඉස්සර වන්නට දී මොහොතක් බලා උන්නේය. එහෙත් ඕ ඔහුගේ උරට ඉහලින් ඈතක අස් නවතා උන්නා පමණි.
“තිළිණි .. නේ ?”
ඕ තිගැස්සුණාය. ඉන් පසුව හිස සැලුවාය. ප්‍රබාත් යළි ඇයට ඉඩ දී බලා උන්නේය. තිළිණි ප්‍රබාත් දෙස බැලුවේ වේටර්වරයා පැමිණ ගියාටද පසුවය.
ප්‍රබාත් මිල් ශේක් වීදුරුව ඇය වෙත පෑවේ දෑසිනි. ඕ දෑතින්ම අල්ලා එය ළං කරගත්තාය.
“මට චුට්ටක් කතා කරන්න ඕනි වුණා…”
ප්‍රබාත් ඇයට සවන් දෙන්නට සූදානම් වග පෙන්වූයේය.
තිළිණි මුල් වචන කිහිපය තුළඳීම දෑස් කඳුලින් පුරවා ගත්තාය. ඕ පළමුව කලේ තම ජීවිතය අල්ලා ගැනීම වෙනුවෙන් ප්‍රබාත් ට ස්තුතිවන්ත වීමය. ඇය කතා කලේ ඉතා සෙමිනී.
එහෙත් කරන්නට ගිය දේ පිළිබඳව පසු තැවෙන වග ඕ කීවාය. එවෙලෙහි දරා ගන්නට නොහැකි වීම නිසා එවන් තීරණයක් ගත්තා මිසෙක එවැන්නක් වෙනුවෙන් කිසිලෙසකින්වත් උත්සාහ නොකරන බවද පැවසුවේය. ඇයට අවශ්‍යව ඇත්තේ තමා ඇය පිළිබඳව සිතා සිටින යමක් වෙනස් කිරීම බවද ප්‍රබාත් වටහා ගත්තේය.
“මට ඒක තේරෙනවා… ඔයා පැහැදිළි කරන්න උවමනා නැහැ…. ඔයාට කියන්න ඕනි දේ ගැන අපි කතා කරමු..”
තිළිණි අත් බෑගය තුළින් ටිශූ කිහිපයක් ගත්තාය. දෑස් තද කර පිසදාගෙන එය යළි බෑගයට දමා ගන්නා තුරු ප්‍රබාත් බලා උන්නේය. ඒ අතරේ ප්‍රබාත් මිල්ක් ශේක් වීදුරුව ළං කර ගත්තේය.
තිළිණි ඉන් පසුව කතාව ඇරඹුවාය. චරිත් හමුවූ දිනයේ සිට ඔහු සමඟ වූ සම්බන්ධතාවය පිළිබඳව තැනින් තැන වූ කතන්දර කීවාය. ඒ කිසිම තැනක ඕ සුසුම් ලන්නට හෝ හඬන්නට උත්සාහ නොකරන බවද ප්‍රබාත් නිරීක්ෂණය කලේය.
චරිත් රැකියාවෙහි ඉතාම කාර්‍යශුරව ක්‍රියා කල බවද, තමාගේ පෙම්වතා බව දැණ ගත් පසු ශයිනි ඔහුව තබා උන් දුර සීමාවෙන් ළඟකට ගත් වගද කීවාය. ඉන් පසුව සියළු ගිණුම් කටයුතු වල බලතල පවා ඔහු හමුවේ තබන්නට ශයිනි පැකිලුණේ නැති වග පවසද්දී නම් ඇය යම් බිඳුමකට ලක් වූ වග ප්‍රබාත් ට පෙනුනි.
ඒ අතර වාරයේ චරිත් විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඇතැම් සැලසුම් නිසා මොණරවිල හොටෙල්ස් යම් යම් ජයග්‍රහණ ලැබූ බවද, ඉන් පසුව ශයිනි චරිත් වෙත අධ්‍යක්ශ මණ්ඩල බලතල හා සමාන වගකීම් පවරන්නටද මැලි නොවූ වගද ඕ කීවාය.
හෝටලයේ අප ජල කලමණාකරණ ගැටලුව හට ගත් මොහොතේ පටන් ඔහු ක්‍රියා කල ආකාරයට එය ඔහු දැනුවත්ව සිදු වූ යමක් බව් විශ්වාස කිරීම තවමත් අපහසු වගද කීවාය.
ශයිනි විශ්වාස කලා හෝ නොකලා, ඔහු එය සිදු කලේ මුදල් ඉතිරි කර ගැනීමට ය යන්න තමා විශ්වාස නොකරන වගද ඔහු කීවේය. ඒ මුදල් ඔහු සතුව තිබී ශයිනිට දුන්නා වුවද, ඒවා ගේ ආයෝජනයන් ඔහු බුක්ති විඳින්නට ඇති වගද කීවාය.
ශයිනි තමා වෙනුවෙන් යැයි සිතමින් ඔහුට ලබා දුන් බුරුලෙන් ඔහු කදිමට ලිස්සා ගිය වග පවසද්දී ඇගේ කොපුල් තෙමෙන්නට පටන් ගෙන තිබුණි. ඕ සිහින් ඉකි බිඳුම් නැඟුවාය.
“එයා මගේ ජීවිතේ එක තැනක නවත්තල, අතරමං කරලා දාලයි ගියේ අය් යේ….. එයා පොරොන්දු වුනා කවදාවත් මාව අතරමං කරන්නේ නෑ කියලා….. එතනින් ඉස්සරහට එන්න මම කොච්චර උත්සාහ කලත් මට ඒක කරගන්න බෑ… මෙවෙලේ ඒ සිද්ඩිය මට ශයි එක්ක කියන්නත් බෑ…. එහෙම වුනොත් එයා චරිත්ට මොනවා කරාවිද හිතා ගන්නත් බෑ… මට පලි ගන්න ඕනි නෑ… මට ඕනි සන්සුන් ජීවිතේකට වෙලා සැනසීමෙන් ඉන්න..”
ප්‍රබාත් සුසුමක් හෙලුවේය.
“පුලුවන් නම් මට උදව් කරනවද?”
“මොකද්ද මම කරන්න ඕනි?”
“මට තේරෙන්නේ නෑ..”
“හරි… ඔයාට ඕනි වෙලාවක මට කතා කරන්න ඉඩ තියෙනවා… ඒ එක්කම අපි කවුන්සලර් කෙනෙක් මුන ගැහෙමු….”
තිළීණි එයට එකඟව හිස සැලුවාය.
ප්‍රබාත් ඇය වෙත මිල්ක් ශේක් වීදුරුව පෑවාය. තිළිණි එය තවත් ලං කරගත්තේ ප්‍රබාත් වෙත සිනහවක් පා කරමිනි.
දැන් හිතට යම් සැනසීමක් දැනෙන වග තිළිණි අත් වින්දාය. සියල්ල දරාගන්නට හැකි වගට විශ්වාසක් දැනෙන්නේය. චරිත් මින් පසු කුමක් කලා වුවද, ඒ ඕනෑම දෙයක් නොදැක්කා සේ සිටින්නට තරමේ හැකියාවක් ඇති වග දැනෙන්නට ගත්තේය. ප්‍රබාත් නිසාවෙන් යම් සැනසිල්ල පිරි බලාපොරොත්තුවක් පිරෙන්නේය.
“එදා හොටෙල් එකට එන්න කලින් ඔයා එහෙ ඇවිත් තියෙනවද ?”
තිළිණි එක්වරම සිහිවූවා සේ විමසද්දී, නොසන්සුන්කම සඟවමින් සිටින්නට ප්‍රබාත් ට සෑහෙන්නම වෙහෙසක් ගන්නට සිදු විය.
“
“ඉවෙන්ට්ස් වලට එහෙම එනවනේ ඉතින්… එ,තකොට එන්නත් ඇති..හරියටම නෝට් නෑ….. ඇයි ?’
තිළිණි එය විමසූවේ නිකමට වග පැවසූවද ඉන්, ප්‍රබාත් ගේ සැකය නැති වූයේ නැත.
ඇතැම් විට ඇයට පලමු හමුව මතකයේ ඇතිවාද වියහැක.
| අපේක්ෂා ගුණරත්න |