ලස්සන ලාලිත්‍යයෙන් පිරුණු සිරුරකට කවුද අකමැති. ඉතින් සුම්බා කියන්නේ ඒ සඳහා ඉතාමත්ම සුදුසු විනෝදයෙන් පිරුණු ව්‍යායාම ක්‍රමයකට. රිද්මයානුකූල සංගීතයක් සමග නර්තන ආකාරයට කණ්ඩායමක් සමග ව්‍යායාම් වල යෙදීම තමා මෙහිදී සිදු කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මේ පිළිබඳව සොයා බලමු.
- සුම්බා, සිරුරේ අනවශ්‍ය කැලරි සහ මේදය දහනය කරනවා.
- එහි ක්‍රියාකාරිත්වය තුළින් මනසටද සැහැල්ලුවක්, සුවයක් ලැබෙනවා.
- නිවැරදිව සුම්බා නර්තනයේ යෙදෙන්නෙකුට දිනකට කැලරි 600 – 1000 අතර ප්‍රමාණයක් දහනය කිරීමට හැකියාව ලැබෙනවා.
- මේ මගින් මුළු සිරුරටම ව්‍යායාම් ලැබෙනවා.
- හර්දයේ නිරෝගී බව සඳහා සුම්බා නර්තනය තුලින් විශාල රුකුලක් ලැබෙනවා.
- ශ්වසන පද්ධතියේ නිරෝගිත්වයටද ඉතාමත්ම වැදගත් වනවා.
- සුම්බා නර්තනය පිහිනුම් තටාකයේ පවා සිදු කරනු ලබනවා.
- වයස් භේදයකින් තොරව මේ සඳහා යෙදිය හැකියි.
සිරුර සැහැල්ලු වන විට මනස සැහැල්ලු වීමත් අරුමයක් නොවෙයි නේද ? මානසික පිඩාවන්ගෙන් මිදීමට එය මහත් උපකාරයක් වනවා. නිසි උපදේශකත්වයක් යටතේ සහභාගී විය යුතු වීම අනිවාර්යයෙන්ම සිදු කල යුත්තක්. නැතිනම් නිවැරදි ප්‍රතිපල නොලැබේවි.
– ඉරේෂා –