කෙට්ටු වීම ගැන දුක්වෙන අයට විතරයි

ඕනාවට වඩා කෙට්ටු වීම යුවතියකගේ රූමත් කමට එතරම් හිතකර දෙයක් නෙවේඉතින් මෙන්න මේ කේරල ප්‍රතිකාර එවැනි අයගේ පිහිටට ඉදිරිපත් වෙනවා.

ආයුර්වේදයට අනුව මෙවැනි අයට ආකාර තුනකට ප්‍රතිකාර සිදු කරනවා.

  • ආහාර ක්‍රමය
  • විහරණ ක්‍රමය
  • ඖෂධ

ආහාර ක්‍රමය

  • සුදුසු ආහාර නිර්දේශ කිරීම.

එළකිරිඅලුත් හාලේ බත්ගිතෙල්මුදවපු කිරිඋඳු පිටිරට ඉඳිඋක් පැණි යොදා සකසන ලද ආහාර වර්ගධාන්‍ය වර්ගමුන්කිරිබත්වැනි ආහාර ඉතා වැදගත් වේ.

  • මද උණුසුම් කිරි වීදුරුවකට ගිතෙල් හැන්දක් මිශ්‍ර කර උදෑසන පානය කිරීම.
  • සතියකට දින තුනක්වත් කොළ කැඳ පානය කිරීම.

විහරණ ක්‍රම

  • සැහැල්ලු අරමුණු තබා ගැනීම
  • හොඳින් නිදා ගැනීම
  • මනසට විවේකයක් ලබා දීම
  • ගහ කොළ සහිත පරිසරයක් ඇසුරු කිරීම
  • මනසට අපහසු සිතුවිලි වලින් ඉවත් වීම

ඖෂධ

රට ඉඳි වල ඇට ඉවත් කර එතුළට එළඟිතෙල් පුරවාමී පැණි මිශ්‍රිත බඳුනක දමා උදෑසන එම රට ඉඳි මදුළු 2, 3 ආහාරයට ගන්නදියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ.

  • හාතාවාරිය කැඳ පානය කරන්න.
  • එළකිරි පානය කරන්න.
  • නෙල්ලි ,රසකිද තම්බා පානය කරන්න.
  • අළු පුහුල් ,අළු කෙසෙල් ,කොස් වැනි දේ ආහාරයට ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles