රිදී ආභරණ වලට බොහෝ දෙනා කැමති නමුත් ඉක්මනින් අව පැහැගැන්වීම හරිම හිසරදයක් වන අවස්ථා එමටයි. ඒ ගැටලුවලින් මිදෙන්නට මෙන්න මේ පියවර අනුගමනය කරන්න.
- වියළි ස්ථානයක තබන්න.
- වියළි බව රඳවා ගැනීමට සිලිකා ජෙල් පැකට් කිහිපයක් තබන්න.
- නැත්නම් තෙතමනය නොරැඳෙන අසුරණයක බහා තබන්න.
- ආභරණ පැළඳ ආලේපන නොගල්වන්න.
- හිස කෙස් වල ආලේප කරන විවිධ ද්‍රව්‍ය ආභරණ මතට වැක්කිරීමට ඇති ඉඩකඩ නවතාගන්න.
- ආභරණ පැළඳ ගෙන අත් සේදීම, නෑම, පිහිනීම වැනි ක්‍රියාවන්හි නිරත නොවන්න.
- වරක් පැලඳු අභරණ අසුරා තැබීමට පෙර මෘදු රෙදි කඩකින් පිස දමන්න.
රිදී ආභරණ පිරිසුදු කරගන්නා අයුරු
- පළමුව ආභරණ පිරිසුදු ජලය සහිත භාජනයකට දමන්න.
- ඉන්පසුව බේකින් පවුඩර් ,ජෙල් අඩංගු නොමැති දන්තාලේපයක් ආභරණ මත හොඳින් තවරන්න.
- කුඩා ස්පොන්ජ් කැබැල්ලක් හෝ මෘදු රෙදි කඩක් යොදා ගැනීමෙන් ආභරණ සීරීම වලක්වා ගන්නට හැකියි.
- සාරි කටු ,මුදු ආදිය පිරිසුදු කිරීමේදී කුඩා බුරුසුවක් යොදාගන්නේ නම් වඩාත් සුදුසුයි.
- අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් නොවන්නේ නම් ආලේපන ගල්වා විනාඩි පහක් පමණ තබා හෝදන්න.
- ඉන්පසු පිරිසුදු ජලයෙන් හෝදන්න.
- පසුව හොඳින් වියලා අසුරා තබන්න.
– ඉරේෂා –