Open relationship වල වාසි අවාසි ගැන කතා කරමුද?

Open Relationships කියන සංකල්පය ලංකාව වගේ රටකට පොඩ්ඩක් අලුත් දෙයක්, අලුත් මාතෘකාවක් වුනාට ලෝකයට නම් මේ කතාබහ එච්චර අලුත් දෙයක් නෙවෙයි.  මේ Open Relationship එකක් එහෙම නැත්තම් Open Marriages කියන්නෙ සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන, අපි හරියි කියල හිතන සම්ප්‍රදායික විවාහ ක්‍රමයන්ට වඩා වෙනස්.

Open Relationships සංකීර්ණයි. ඒ නිසාම කෙනෙක් එහෙම සබඳතාවයකට යද්දි අනිවාර්‍යෙන්ම අනුගමනය කරන්න ඕන දේවල්, සබඳතාවයේ සීමාවන් හොඳින්ම වටහාගන්න සහ එකඟ වෙන්න ඕන වෙනවා.

අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වෙච්ච සීමාවන් තියෙන Open Relationship එකක් සෞඛ්‍ය සම්පන්න, ගැටලු අවම සබඳතාවයකට මුල පුරනවා.

Open Relationships සෞඛ්‍ය සම්පන්නද?

Open Relationship එකක් සාමාන්‍ය බහුතරයක් දෙනා එකඟ වන විවාහයක් වගේම සෞඛ්‍ය සම්පන්න වෙන්න පුලුවන්. සමහරු තර්ක කරනවා බොහෝ අවස්තාවල Open Relationship එකක් සාමාන්‍ය සබඳතාවයකට වඩා යහපත් කියල.

සාම්ප්‍රදායික, ඒකාග්‍ර විවාහ වලදී අපේ සහකරු හෝ සහකාරිය අපේ සියලු අවශ්‍යතා ඉටු කරන්න ඕන කියල අපි බලාපොරොත්තු වෙනවනෙ. හැබැයි ඇත්තටම ගත්තම වර්තමාන සමාජ ආර්තික තත්ත්ව යටතේදී එහෙම දේවල් කරන එක පොඩ්ඩක් අපහසු දෙයක් වෙන්න පුලුවන්.එහෙම උනාම වෙන්නෙ අපි සබඳතාවය ඇතුලෙ අසතුටු වෙනව. අපේක්ශා කල දේවල් උනේ නැති උනාම අතෘප්තියට පත්වෙනව. එහෙම උනාම සබඳතාවය අවසන් වන්නේ දික්කසාදයකින් හෝ ගැටමකින් වෙන්න පුලුවන්.

Open Relationship එකක් පවත්වාගෙන යද්දි අපි අනිවාර්‍යෙන්ම අනුගමනය කරන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා.

එකක් තමයි හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යාම. Open Relationship එකකට යන්න ඔයාගෙ අදහසක් තියෙනම් එහෙම සබඳතාවයක් පවත්වන්න හිතාගෙන ඉන්න ඔයාගෙ සහකරු එක්ක හැමදෙයක් ගැනම පැහැදිලිව අවංකව කතා කරන්න.

ඒ වගේම මේ Open Relationship එකකදි සාමාන්‍ය සබඳතාවයක් ඇතුලෙ තියෙන කාලයක් යද්දි එපා වීම, එකිනෙකා මගහැරීම වගේ දේවල් තියෙන්නෙ හරිම අඩුවෙන් කියන අන්තර්ජාලයේ සඳහන් වෙනවා. හැමදාමත් උද්‍යෝගය සහ ආශාව රැඳුණ බැඳීමක් විදියට මේ Open Relationship එකක් හඳුන්වාදෙන්න පුලුවන්.

ඒ වගේම Open Marriages ගැන කරපු Research එකකින් හොයාගෙන තියෙනව ඒ වගේ සබඳතාවයක් ගැන හිතන ජෝඩු Monogamous Relationship එකක් ඇතුලෙ ඉන්න අයට වඩා මානසිකව වගේම ශාරීරිකව සතුටු වෙනවා කියලා.

තුන්වෙනි කාරණාව තමයි Open Relationship එකක් ඇතුලෙදි අපි අපේ සහකරුව සැක කරන ප්‍රමාණය හරිම අඩුයි. මොකද මේ සබඳතාවය ඇතුලෙ අපි එකිනෙකාගෙ නිදහස අගය කරනව. ඒ නිදහසට ඇඟිලි ගැහීමක් කරන්නෙ නැති නිසා.

ඒ වගේම තමයි Open Relationship එකක ඉන්න අය එකිනෙකා ගැන ඊර්ෂ්‍යාවෙන් හිතන්නෙ නැති බවත් මෙතනදි හොයාගෙන තියෙනවා. Open Relationship එකක් ඇතුලෙ ඉන්න අය හරිම සතුටෙන් බලනවලු තමන්ගෙ සහකරු සතුටෙන් ඉන්න දිහා.

Open Relationship එකකින් ලැබෙන ප්‍රතිලාභ මොනවද?

අපි ඕනම දෙයක් කරන්නෙ යම් කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙලානෙ. ඉතින් මේ Open Relationship එකකත් අපි බලාපොරොත්තු වෙන විදියෙ ප්‍රතිලාභ තියෙනවා.

අවශ්‍යතා සැපිරීම මෙයින් එකක්. Open Relationship එකක් ඇතුලෙ අපිට සහකරුවන් එක් අයෙකුට වඩා ඇසුරු කරන්න පුලුවන්කම තියෙන නිසා අපි සතුටෙන් ඉන්න බව තමයි Research වලින් නම් හොයාගෙන තියෙන්නෙ.

තමන් කෙනෙක්ට කැමති නම් එයා එක්ක ඉන්න වගේම අකමැති නම් අයින් වෙන නිදහස තියෙන නිසා මානසිකවත් හරිම නිදහස් හැඟීමක් මේ Open Relationship කියන සබඳතාවලින් අපිට ලැබෙනවා.

ඒ වගේම තමයි සාමාන්‍ය සබඳතාවයකට වඩා මෙතනදි ඉටු කරන්න තියෙන වගකීම් සහ දරන්න වෙන බර පැන හරිම අඩුයි. මොකද කිසිම කෙනෙක්ගෙ වගකීම සම්පූණ වශයෙන්ම තව කෙනෙක් මත පමණක් වැටිල නැති හින්දා වීම.

ඒ නිසාම අපිට එකිනෙකා සමග හොඳින්, සතුටින් ඉන්න ඉඩකඩ ලැබෙනවා.

අගය කිරීම් එහෙමත් මේ Open Relationship සබඳතා ඇතුලෙ ඉහලයි කියල තමා කියන්නෙ. ඒකට හේතුව මේ Open Relationship එකක් ඇතුලෙ අපි සාමාන්‍ය සබඳතාවයකදි වගේ නිතරම එකම කෙනා එක්ක ඉන්නෙ නෑනෙ. වෙන්වෙලා ඉන්න වෙලාවකුත් තියෙනවා. ඉතින් ඒ Miss වීම නිසා අපි එකිනෙකාව අගය කරන්න වැඩි වෙලාවක් වැඩි ඉඩක් ගන්න මේ වගේ Open Relationship එකක් ඇතුලෙ.

සාර්තක Open Relationship එකක් සඳහා නීතී රීති මොනවද?

හොඳම Open Relationship වෙන්නෙ නීති රීති තියෙන ඒව කියල තමයි කියන්නෙ. ඒ කියන්නෙ එකිනෙකාව පීඩනයට පත් නොවන විදියට එකිනෙකාගෙ සීමාවන් වලට කරන ගරු කීරීම උදෙසා දාගන්න නීති රීති.

එකට ජීවත් වුණත් අපි එකිනෙකට වෙනස් මිනිස්සු නිසා අපි සබඳතාවයකින් බලන, හොයන දේවල් එකිනෙකට වෙනස්.

ඒ නිසා ඔයා Open Relationship එකකට යන්න ප්ලෑන් කරගෙන ඉන්නවනම් කිසිම වෙලාවක වැරදි හේතු මත මේ වගේ සබඳතාවයකට යන්න එපා. ඒ කිව්වෙ ඔයාල අතර සන්නිවේදනය දුර්වල නම්, විශ්වාසය ගැන ප්‍රශ්නයක් තියෙනම් කිසිසේත්ම Open Relationship එකකට යන එක සුදුසු නැහැ.

ඒ වගේම තමා Open Relationship එකක් ඇතුලෙ සහකරුවන් කොච්චර හිටියත් ඔයා ප්‍රධානම කෙනාට මුල් තැන දිය යුතු බව අමතක කරන්න එපා.මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නෙ Open Marriage එකක ඉන්න අයට. Open Marriage එකක් ඇතුලෙ ඔයාට සහකරුවන් කොච්චර හිටියත් ඔයාගෙ විවාහක සහකරුට උපරිම කාලයක්, ඉඩක් වෙන් කරන්න ඕන බව අමතක කරන්න එපා.

ඊර්ෂ්‍යාවට ගොඩ නැගෙන්න ඉඩ දෙන්න එපා කියන එක හරිම වැදගත්. ඊර්ෂ්‍යාව සමග බැඳුණු හැඟීම් තියෙන කෙනෙක්ට මේ Open Relationship කියන සංකල්පය හරියන්නෙ නෑ. ඊර්ෂ්‍යාවක් දැනෙද්දි ඔයා ඒක අඳුනගන්න, තේරුම්ගන්න සහ පිළිගන්න.ඊටපස්සෙ ඒ ගැන ඔයාගෙ සහකරු එක්ක කතාකරන්න. ඊටපස්සෙ ඔයාලගෙ සබඳතාවයේ නීති රීති සීමාවන් ආයෙමත් Adjust කරගන්න කටයුතු කරන්න.

ශාරිරික බැඳීම් ආරක්ශිත කරගන්න අමතක කරන්න එපා. Open Relationship එකක් ඇතුලෙ සහකරුවන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න නිසා ශාරීරික බැඳීම් එහෙම නැත්තම් Sexual Relationships ගැන හරිම පරිස්සම් වෙන්න වෙනවා.මෙතනදිත් ඔයාලා යන්න බලාපොරොත්තු වෙන සීමාව එකිනෙකා එක්ක පැහැදිලිව කතා කරන එක වැදගත් බව අමතකකරන්න එපා.

ඒ වගේම ඔයා ඉන්නෙ Open Relationship එකක නම් විධිමත් පරීක්ෂන වලට භාජනය වෙන්නත් අමතක කරන්න එපා.

සන්නිවේදනය විවෘතව පවත්වාගෙන යන එක ඉතාම වැදගත් බව ආයෙමත් කියන්න ඕන. ඒක තමයි ඕනම සබඳතාවයක අංක එක. මෙතනදිත් ඒක එහෙමම තමයි. මෙතනදි ඔයාලා සබඳතාවය ගැන එකිනෙකා එක්ක අවංකව කතාකරන්න.ප්‍රශ්නයක් පැන නගින වෙලාවක වුණත් ඒ ගැන බොහොම විවෘතව එකිනෙකා එක්ක කතාකරන්න.

ඒ වගේම තමයි ඔයාලගෙ මේ Open Relationship එක දිහා බාහිරින් බලන කෙනෙක් වැරදියට බලන්න පුලුවන්. ඉතින් එහෙම අයට ඔයාලා කියන්නෙ මොකද්ද කියන එක ගැන දෙන්නම එක්කහු වෙලා තීරණය කරන්න ඕන බව මතක තියාගන්න.

ලිංගික වගේම චිත්තවේගීය බැඳීම්වලත් සීමාවන් තියාගන්න ඕන බව අමතක කරන්න එපා. මොකද එහෙම දෙයක් සීමාව ඉක්මවල යන එක Open Relationship කියන සංකල්පයට බාධාවක් වෙන්න පුලුවන්.

ඉතින් මේ නීති රීති හරියට තේරුම්ගෙන එකිනෙකාගෙ සීමාවන් සහ නිදහස අගය කරමින් කරගෙන යන Open Relationship එකකින් ඔයාට වැඩි සතුටක් සහ නිදහසක් ලැබෙන්න පුලුවන්.

හැබැයි අමතක කරන්න එපා, අපි තාම ඉන්නෙ ලංකාවෙනෙ. ඉතින් මිනිස්සු කියන දේවල් වලට එකිනෙකා එක්ක රණ්ඩු වෙන්නෙ නැතුව ඔයාල දෙන්න සතුටෙන් ඉන්න කියන එක තමයි අන්තිමට කියන්න ඕන!

Related Articles

Don't Miss


Latest Articles