නිදහස සොයා එකිනෙකාව ලුහුබැඳ යන කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවක්

“New Life” කියන චිත්‍රපටය මෙන්න මේ වගේ එකක් කියල සරලව කියන්න බැරි විදියෙ, වෙනස් වෙනස් ශානර එකට එක්කහු වෙච්ච අද්විතීය චිත්‍රපටයක්. මුලින්ම නම් හිතෙන්නේ මේක නිකන් සාමාන්‍ය ඔත්තු බැලීමේ චිත්‍රපටයක් කියල හිතුනට කතාව බලාගෙන යද්දි තමයි මේකෙ ආතල් එක හොඳටම තේරෙන්නෙ.

ඉතින් මේ චිත්‍රපටයෙ කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම.

මේ කතාවෙ මුලින්ම ඉන්න එල්සා සහ ජෙසිකා කියල කාන්තාවන් දෙදෙනෙක්. මේ දෙන්න මුලින් Cat and Mouse වගේ සෙල්ලමක් කර කර ඉන්නව වගේ දෙයක් තමයි අපිට පේන්නෙ. චිත්‍රපටයෙ බාගයක් දුරට මේ කතාව ඇදීගෙන යද්දි නොහිතපු මොහොතක මේ කතාව Horror Movie එකකට Turn Around වෙනවා.

New Life චිත්‍රපටය ගොඩක්ම විශේෂ චිත්‍රපටයක් කරන්න හේතුවෙන්නෙ මෙන්න මේ Plot Twist එක තමයි. අපි හැමදාම බලල හුරුපුරුදු Horror චිත්‍රපට වලට අලුත් වෙනසක් එක්කරමින් බලන මිනිස්සුන්ට අලුත්ම Horror Movie අත්දැකීමක් ලබා දෙන්නත් මේ චිත්‍රපටයට පුලුවන් වෙලා තියෙනවා.

චිත්‍රපටයෙ පෙන්වන්නෙ මෙන්න මෙහෙම දෙයක්. ජෙසිකා බිම වැටිල ඉන්නව ලේ වලින් වැහිල ගිහින්. හරිම නිහඬ Suburban ප්‍රදේශයක. එයාගෙ මූණෙන් අපිට පේනව එයා මොකක් හරි දේකට හෝ කෙනෙකුට බයෙන් ඉන්නෙ කියල වගේම එයා නිතරම පිටිපස්ස හැරි හැරි බලනව කවුරු හරි එනවද කියල. එයා ඇත්තටම බයේ පැනල දුවල යන්නෙ ආයුධ අතේ අරන් ඉන්න මිනිස්සු කීප දෙනෙක්ගෙන් කියල අපිට මෙතන පේනව. එයාගෙ ප්ලෑන් එක වෙන්නෙ උතුරු දිසාවට ගිහිල්ල කැනේඩියන් බෝඩර් එක පැනලා අලුත් ජීවිතයක් පටන්ගන්න.

මේ අතරෙම එල්සා කියන ගෑණු ළමයාට තමයි භාරදීල තියෙන්නෙ මේ ජෙසික කියන ලමයව හොයාගන්න, බලාගන්න රාජකාරිය. එල්සා කියන්නෙ Top Field Agent කෙනෙක්, හැබැයි මෑතකදි ALS කියන රෝගයෙන් පීඩා වින්ද නිසා එයාගෙ මස් පිඬු වෙනද වගේ ශක්තිමත් නෑ. ඉස්සර වගේ වේගයෙන් දුවන්න එහෙම එයාට බෑ. ඒත් එයා තමන්ගෙ මේ අසනීපය තමන් එක්ක එකට වැඩ කරන අයගෙන් හංගගෙන තමයි ඉන්නෙ මොකද ඒක රැකියාවට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා. ඉතින් එයා බලාපොරොත්තු වෙනව ජෙසිකව අල්ලගන්න එකෙන් එයාට ඔප්පු කරන්න පුලුවන් වෙයි කියල මොන ලෙඩේ තිබුනත් තමන් තාම මේ රැකියාව කරන්න සුදුසුයි කියල.

එක්තරා විදියකින් බැලුවොත් මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙකෙන්ම කියවෙන්නෙ එයාලා දෙන්න බලාපොරොත්තු උන අලුත් ජීවිතයක්, New Life එකක් ගැන කතාවක් බව. ජෙසිකා බලාපොරොත්තු වෙන New Life එක වෙන්නෙ Survival and Support. පැනල යන මේ ගමනෙදි ජෙසිකට හමුවෙනවා අලුත් මිනිස්සු. ඒ මිනිස්සු ජෙසිකට උදව් කරනවා ආයෙ ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුවම.

ජෙසිකා එතනදි තමයි තේරුම්ගන්නෙ තමන් බලාපොරොත්තු වන New Life එක වෙන්නෙ මෙන්න මේ වගේ මිනිස්සු අතරෙ ගෙවන ජීවිතයක් කියන එක. එල්සගෙ කතාවත් ජෙසිකගෙ කතාවට වඩා ලොකු වෙනසක් තියෙන එකක් නෙවෙයි. එයත් බලාපොරොත්තු වෙන්නෙ එයාගෙ අසනීප තත්ත්වය නිසා වෙනස් ජිවිතයක්, සතුටෙන් ඉන්න පුලුවන් New Life එකක්.ඉතින් මේ කාන්තාවො දෙන්නගෙ කතාව අපිට පෙන්වන්නෙ ජීවිතයෙ බාධක දාහක් මැද්දෙ තමන් බලාපොරොත්තු වෙච්ච සතුට, අලුත් ජීවිතය අරමුණු කරගෙන, ඒ අරමුණු ඉශ්ට කරගන්න වෙහෙස මහන්සි වෙච්ච කාන්තාවන් දෙදෙනෙක්ගෙ කතාව.

මේ දෙන්නම මුහුණ දෙන්නෙ තමන්ට දරාගන්න අමාරු, තමන්ට වෙනස් කරන්න අමාරු ඉතාම අපහසු අභියෝග වලට. ඒත් සමහර වෙලාවට මේ අභියෝග වලට වඩා අපේ හීන, බලාපොරොත්තු ලොකුයි. එතකොට අපිට පුලුවන් වෙනවා බය නැතුව ඒ අභියෝග වලට එරෙහිව අභියෝග කරන්න.

මේ චිත්‍රපටයේ සාර්තකත්වය වැඩිහරියක් රැඳිල තියෙන්නෙ මේ එල්සා සහ ජෙසිකා කියන චරිත දෙක රඟපාන නිලියන් දෙදෙනා නිසා තමයි කියල ගොඩක් Film Critics ලා ලියල තියෙනවා. ඒ දෙන්න ඉන්නෙ එකිනෙකාට විරුද්ධ පාර්ශ්වවල උනත් ඒ දෙන්නගෙ ජීවිතවල, බලාපොරොත්තුවල සෑහෙන සමානකම් තියෙනවා. එයාලගෙ චරිතවලට අදාල වන අසීරු හැඟීම් ඉතාම ලස්සන, Facial Expressions සහ Body Language එකෙන් Explain කරන්න මේ නිලියන් දෙදෙනාටම හොඳටම පුලුවන් වෙලා තියෙනව වගේම මේ චිත්‍රපටයේ සාර්තකත්වයට ඒක ලොකු අත්වැලක් සපයනවා.

විශේෂයෙන්ම එල්සා, ALS කියන මස්පිඬු දුර්වල කරන රෝගය තියාගෙන ඉන්න අතරෙම Special Agent කෙනෙක් Hunter කෙනෙක් විදියට එල්සා කරන රඟපෑම විශිෂ්ටයි.

හැබැයි මේ චිත්‍රපටයෙ කිසිම තැනක අපිට පෙන්වන්නෙ නෑ ඇයි ජෙසිකා පැනල යන්නෙ කියල හෝ එල්සා ඇයි එයාව අල්ලන්න යන්නෙ කියන එක. ඒ නිසා මුලු චිත්‍රපටය පුරාවටම මිනිස්සු මේ කතාව බලන්නෙ එක එක Guesses එක්ක හරිම කුතුහලයක් හිත්වල පුරවගෙන. ඒ වගේම මේ චිත්‍රපටය තාක්ශණයේ තියෙන භයානක කමත් ලස්සනට පෙන්වනවා. ජෙසිකා ඉලෙක්ට්‍රොනික් උපාංග පාවිච්චි කරන්නෙ නෑ මොකද එයාගෙ අරමුණ හැංගිල ඉන්න එක. ඒ අතරෙම එල්සා තාක්ශණය පාවිච්චි කරල තමයි ජෙසිකව Track කරගන්න හදන්නෙ.

මේ චිත්‍රපටයේ තියෙන සුවිශේෂිත්වය වෙන්නෙ චිත්‍රපටය මැදදි වෙන Horror දේකට සම්බන්ධ Plot Twist එක. මෙන්න මේ Twist එක තමයි ජෙසික සහ එල්සාගෙ Paths Cross කරන්න හේතුවක් වෙන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටයේ තිර රචකයා ඉතාම දක්ශ වෙලා තියෙනව චිත්‍රපටයට ආවේණිය Thriller Elements පොඩ්ඩක්වත් Out of Focus යවාගන්නෙ නැතුව මේ Horror Elements චිත්‍රපටයට එකතු කරගන්න.

ඉතින් හැමදාමත් වගේ මේ අපූරු චිත්‍රපටයත් බලන්න කියල මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.

මේ චිත්‍රපටය Horror/Thriller කියන ශානරයට වැටුනට, අරමුණු, බලාපොරොත්තු, නිදහස වෙනුවෙන් මිනිස්සු නොකරන දෙයක් නෑ කියන අපූරු පාඩමත් අපිට උගන්වන චිත්‍රපටයක් කියල කියන්නම ඕන.

ඒ වගේම Spy Thriller එකක් ඇතුලට එබුව Horror Plot එකත් මේ චිත්‍රපටය බලන ප්‍රේක්ශකයන්ව මුල ඉඳලම කුතුහලයෙන් පුරවන්න වගේම මොහොතකටවත් ඇස් ඉවතට නොගන්න හේතුවක් වෙලා තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles