කහ වලින් හරි විදියටම ලස්සන වෙමු

කහ කියන්නේ ඕනෑම නිවසක අනිවාර්යයෙන්ම තියෙන කුළුබඩුවක්. කුළුබඩුවක් ලෙස හැඳින්වුවත් මෙය රූපලාවන්‍ය කටයුතු සඳහාද පරම්පරා ගණනාවක් පුරාවටම යොදා ගන්නවා.මෙයට හේතුව වන්නේ කහ වල අඩංගු වන සුවිශේෂී ගුණයන් වන අතර කහ වලින් ඔබට ලබාගත හැකි බොහොමයක් ප්‍රතිලාභ තියෙනවා. අද අපි ඔබට කියන්නේ කහ වලින් ලස්සන වෙන ආකාරය ගැනයි.

කහ වලින් සමට තියෙන ප්‍රතිලාභ මොනවද ?

  • සමට ස්වාභාවිකවම දීප්තියක් එකතු කරයි 

සම පැහැපත් කිරීම සඳහා යොදා ගත හැකි ස්වාභාවික අමුද්‍රව්‍ය අතරින් ප්‍රබලම අමුද්‍රව්‍යයක් ලෙස කහ සැලකෙනවා. එහි අඩංගු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් තම මත ඇති අඳුරු ලප ක්‍රමයෙන් ඉවත් කිරීම නිසා සමට ඒකාකාරී පැහැයක් ලබා දෙනවා.

  • කුරුලෑ සඳහා ප්‍රතිකාර කරයි 

බොහෝ දෙනෙකුට සම මත ඇතිවන පොදු ගැටලුවක් ලෙස කුරුලෑ ඇති වීම හඳුන්වන්නට පුළුවන්.කහ යනු කුරුලෑ අඩු කිරීම සඳහා යොදා ගත හැකි හොඳම අමුද්‍රව්‍යයක්.කහවල අඩංගු වන විෂබීජ නාශක ගුණ සම මත ඇති බැක්ටීරියා පැතිරීම නවත්වන අතර කුරුලෑ සඳහා ප්‍රතිකාර කරයි.

  • සම වියපත් වීම මන්දගාමී කරයි 

ඔබේ සම බොහෝවිට පරිසර දූෂණයට සහ හිරු එළියට නිරාවරණය වනවා.එය සම මත ඇති ස්වාභාවික තෙල් වල සමතුලිතතාවයට බාධා කරන අතර එමගින් සමේ නම්‍යශීලී බව අඩාළ වීමට පටන් ගන්නවා. එමගින් සම මත සිහින් රේඛා , රැළි සහ විවිධ ආකාරයේ ලප කැලැල් මතු වීම ආරම්භ වනවා. ඒ වගේම මෙහිදී ඔබේ සමේ සෛල වලටද හානි සිදුවන අතර එමගින් ඔබේ වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරනවා.

  • අඳුරු කව අඩු කරයි 

ඇස් වටා අඳුරු කව ඇතිවීම සමෙහි බහුලව දක්නට ලැබෙන ගැටලුවක් ලෙස සැලකෙනවා. ගුණාත්මක නින්දක් නොමැති කම , සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම පරිගණකය හෝ ජංගම දුරකථනය ඉදිරිපිට වැඩි වෙලාවක් ගත කිරීම මෙවැනි තත්ත්වයන් වලට හේතු වන්නට පුළුවන්.මෙම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා සැහැල්ලු කාරකයක් ලෙස කහ භාවිතා කරන්න ඔබට හැකියාව තියෙනවා.

  • වියළි සමට ප්‍රතිකාර කරයි 

සමේ බොහෝ ගැටලු වලට ප්‍රතිකාර කිරීම සඳහා කහ යනු සුවිශේෂී කුළු බඩුවක් බව ඔබ දැනටමත් දන්නවා. විවිධ කාලගුණ තත්ත්වයන් යටතේ සහ උපතින්ම වියළි සමක් හිමි අයට ප්‍රතිකාර කිරීම සඳහා කහ යොදා ගන්නට පුළුවන්. කහ සමඟ සමට තෙතමනය ලබා දෙන විවිධ අමුද්‍රව්‍ය යෙදූ මාස්ක් වර්ග භාවිතා කිරීම මගින් සමේ සෛල නැවත උත්පාදනය කිරීමට හැකිවන පරිදි මිය ගිය සමේ සෛල ඉවත් කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට කහ වලට හැකියාව තියෙනවා.

කහ වලින් ලස්සන වෙන්නේ කොහොමද ? 

Turmeric face mask 

අවශ්‍ය අමුද්‍රව්‍ය

කුඩු කරගත් අමු කහ තේ හැඳි 1

සුදු හඳුන් කුඩු මේස හැඳි 1

මී පැණි තේ හැඳි 1 

වතුර ස්වල්පයක් 

භාවිතා කරන ආකාරය 

මේ සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර පිරිසුදු කර ගත් මුහුණේ ඒකාකාරීව ආලේප කරන්න.විනාඩි දහයක් හෝ පහළොවක් එය තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඉන්පසුව මොයිස්චරයිසර් එකක් හෝ ටෝනර් එකක් ආලේප කරන්න

Turmeric cleanser 

අවශ්‍ය ද්‍රව්‍ය 

කුඩු කරගත් අමු කහ තේ හැඳි 1

කිරි ස්වල්පයක් 

කඩල පිටි ස්වල්පයක් 

භාවිතා කරන ආකාරය 

සියලුම අමුද්‍රව්‍ය හොඳින් එකතු කර පේස්ට් එකක් සකස් කර කර ගන්න. එය ඝන නොවීම සඳහා ජලය ස්වල්පයක් අවශ්‍ය නම් මිශ්‍ර කරන්න. එය ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබන්න. ඉන් පසුව නැවුම් ජලයෙන් මුහුණ තෙත් කර සෙමෙන් සහ කවාකාරව මුහුණ සම්භාහනය කර සෝදා හරින්න.

Turmeric drink 

අවශ්‍ය ද්‍රව්‍ය

කහ ස්වල්පයක් 

තලා ගත් ඉඟුරු කැබැල්ලක් 

කරදමුංගු

කුරුඳු කැබැල්ලක් 

කිරි වීදුරු එකක් 

අවශ්‍ය නම් සීනි

භාවිතා කරන ආකාරය 

සියලුම අමුද්‍රව්‍ය කිරි වලට එකතු කර හොඳින් උතුරවා ගන්න. සතියට දින කිහිපයක් මේ පානය කිරීම මගින් සම සඳහා අභ්‍යන්තර පෝෂණයක් ලබා දීම සහ අභ්‍යන්තරයෙන්ම සම පැහැපත් කිරීම සිදු කරනවා.

නීරෝගි සහ පැහැපත් සමක් සඳහා කහ භාවිතා කළ හැකි ක්‍රම ගණනාවක් තිබෙනවා. මේ ලිපියෙන් අපි ඔබට සඳහන් කළේ එවැනි ක්‍රම කිහිපයක් ගැනයි.

Related Articles

Don't Miss


Latest Articles