ප්‍රේමයක් තිබිය හැකිද යුධ වැදී දිනාගන්නා …

වංශාවලි සටහන් වලින් හෙලිවුණ ප්‍රේම කතාව

කෝට්ටේ රාජධානිය පිහිටවපු හයවෙනි පරාක්‍රමභාහු   රජතුමා කියන්නේ අවසාන වතාවට ලංකාව එක්සේසත් කරපු රජතුමා. විදෙස් රටවල් සමඟ යුධ වැදිලා, ඒ යුධ  කටයුතු වලින් ජයග්‍රහණය කරලා, අවුරුදු 55 ක් තරම් දිග කාලයක් පරාක්‍රමභාහු රජතුමා ලංකාව පාලනය කලා. ඒ විතරක් නෙවෙයි එතුමාගේ පාලන සමයේ ලංකාව තුල ආර්තික, සාමාජයීය සහ සංස්කෘතික වශයෙන් විශාල පිබිදීමකුත් ඇති වුනා. වංශ කතාවල සඳහන් නොවෙන, පරාක්‍රමබාහු රජතුමා විසින් ලියපු වංශාවලි වල සඳහන් වෙන එතුමාගේ දියණියගේ ප්‍රේම කතාව  ගැනයි අද අපි ඔබට කියන්නේ.

මලය රටෙන් ලංකාවට

තමන්ගේ තරුණ වයස පෙරදිග මලය රටේ ගත කරපු හයවැනි පරාක්‍රමභාහු රජතුමා, ලංකාවට ඇවිල්ලා රජ වෙන්නේ 1410 දී. ඒ චීන ජාතිකයන්ගේ උදව්වත් එක්ක. ඒ වනවිට ලංකාවේ තිබුන දැදිගම කියන රාජ්‍යයේ රජතුමාගේ දියණිය වුන ස්වර්ණ මාණික්‍යා කියන කුමරිය තමයි පරාක්‍රමභාහු රජතුමාගේ  අග බිසව බවට පත් වුනේ. හයවැනි පරාක්‍රමබාහු රජුට ද‌ාව ස්වර්ණාමාණික්‍ය බිසවට ඉස්සෙල්ලාම  පුරන්දර කියන නම් තියපු කුමාරයෙක් තමයි ලැබුනේ. ඒත් අවාසනාවට පුරන්දර කුමාරයා පොඩි වයසෙන්ම මිය ගියා.

උලකුඩය දේවි

සැළලිහිණි සංදේශයේ උලකුඩය දේවිය ලෙසින් හඳුන්වන යුවතිය තමයි පරාක්‍රමභාහු රජතුමාගේ දෙවැනි දියණිය. අලකේශ්වර යුද්ධය කියන වංශකතාව තුළ ලෝකනාථා කියලා හැඳින්වෙන්නේත් ඇයම තමයී. රජ පවුලේ එකම උරුමක්කාරිය විදියට වැඩුණ උලකුඩය දේවිය නිසි වයසේදි විවාහ කරවලා දෙන එක එතරම් පහසු වෙලා නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ ලංකාවේ රජකම වෙනුවෙන් දැඩි තරඟයක් තිබුන එක.

පාණ්ඩ්‍ය රජ පරපුර  සහ මැලේ රජ පරපුර තමයි මේ විදියට රජකම වෙනුවෙන් ඉතා දැඩි යුද්ධයක හිටියේ. එක් රජ පරපුරකට අයත් වෙන කුමරෙකුට උලකුඩය දේවියව සරණ පවා දුන්නොත්, අනෙක් රජ පරපුරෙන් අනිවාර්‍යෙන්ම විරෝධතා සහ යුධ වැදීම් පවා එල්ල වෙන බව පරාක්‍රමභාහු රජතුමා දැනගෙන උන්නා. ඒ නිසාම පරාක්‍රමභාහු රජතුමා උත්සාහ කලේ මේ රජ පරපුර දෙකටම නෑදෑකම් කියන කුමාරයෙක් එක්කල උලකුඩය දේවියගේ සරණ මංගල්‍යය පවත්වන්න.

උලකුඩය උරුමය –  පාණ්ඩ්‍ය කුමරු

මෙහෙම  විස්තර හොය හොයා ඉන්න අතරේ තමයි, පරාක්‍රමභාහු රජතුමාට පාණ්ඩ්‍ය කුමාරයා ගැන  විස්තර හමුවෙන්නේ. සැලලිහිණි සන්දේශයේ නනුරුතනයාර් කියලා හැඳින්වෙන්නේ මේ කුමාරයා. ඉන් පස්සේ පරාක්‍රමභාහු රජතුමා තමන්ගේ සුන්දර දියණිය ගැන පාණ්ඩ්‍ය කුමාරයට දන්වලා යැව්වා. උලකුඩය දේවියගේ සුන්දරත්වයෙන් ම ඇයට වශී වුන පාණ්ඩ්‍ය කුමාරය ඇයව සරණැ පවා ගන්න ඉතාම ඉහලින් එකඟ වුනා. ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳුණා. මේ අතරවාරයේ හදිසියේම පාණ්ඩ්‍ය කුමාරයට මලය රටට යන්න සිද්ද වුනා. උලකුඩය කුමරියට ආදරෙන් සමුදුන්න පාණ්ඩ්‍ය කුමාරයා මලය රටට පිටත් වුනේ හැකි  ඉක්මනින් ආයෙම එන පොරොන්දුව දීලා.

මලය රට සුන්දරිය

මලය රටට ගිහින් ටික කාලයක් යනකොට මලය රටේ එවකට රජ කල රජතුමාගේ  දියණිය වුන සුන්දරී කියන කුමරියව පාණ්ඩ්‍ය කුමරුයට මුණ ගැහෙනවා. දෙදෙනා අතර දැඩි හිතවත්කමක් වර්ධනය වෙනවා. ඒත් එක්කම පාණ්ඩ්‍ය  කුමරුගේ හිත සුන්දරී කුමරිය ළැඟ නැවතෙනවා. ඔහු එන තුරු ලංකාවට වෙලා මඟ බලන උලකුඩය කුමරියව ඔහුට අමතක වෙනවා.

 මලය රටට වෙලා සුන්දරී කුමරිය සමඟ ප්‍රේමයෙන් ජීවත් වෙන පාණ්ඩ්‍ය කුමාරයා ගැන පරාක්‍රමභාහු රජතුමාට ආරංචි වෙන්නෙ මේ අතරේ. පරාක්‍රමභාහු රජතුමා මේ ආරංචියෙන් ඉතාම කලබලයට පත් වෙනවා. ඔහු වහාම පාණ්ඩ්‍ය කුමාරයාගේ පියාට හසුනක් යවලා මේ ගැන දැනුවත් කරනවා. හොයලා බලන්න කියලා ඉල්ලනවා. ඒත් පාණ්ඩ්‍ය  කුමරු ආයෙම ලංකාවට එන්නේ නැහැ. කල්  යනකොට මේ ගැන දැණගන්න උලකුඩය දේවිය හෙවත් ලෝකනාත කුමරිය ප්‍රේම විප්‍රයෝගයෙන් තැවෙමින් තමා ජීවත් වෙන්නේ.

මලය රටට ගිය ගමන

තමන්ගේ දියණියට විවාහ පොරොන්දු දීලා ඇයව  අමතක කරලා , තම අණට පවා අකීකරුව මලය රටට වෙලා  ඒ රටේ රජුගේ දියණිය එක්ක ප්‍රේමයෙන් වෙලී ඉන්න පාණ්ඩ්‍ය කුමාරයාට සමාවක් දෙන්න පරාක්‍රමභාහු රජතුමාට පුලුවන් වෙන්නේ නැහැ. ඔහු වහාම තමන්ගේ හමුදාවට අණ කරනවා මලය රටට යන්න සූදානම් වෙන්න කියලා. නාවික හමුදාවට අයත් නැවු සමූහයක් පිරිවරාගෙන පරාක්‍රමභාහු රජතුමා මලය රටට යන්න පිටත් වෙන්නේ උලකුඩය කුමරියවත්  ඉස්සර කරගෙන.

පරෙවි සන්දේශය

සැතපුම් ගානක මුහුදු ගමන ඉතාම අන්තරාදායක බව දැනගෙන උන්න රජතුමා කුමරියගේ ආරක්ශාව වෙනුවෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ට ආරාධනා කරනවා උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ශාව තම දියණිය වෙත ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි තොටගමුවේ හාමුදුරුවෝ පරෙවි සන්දේශය ලියන්නේ. ආරක්ශාව සහ සුදුසු ස්වාමියෙකු ජීවිතයට හොයලා දීලා  කුමරියගේ ජීවිතය සුව පහසු කරන්න කියලා පරෙවියා උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලනවා.

ආයෙමත් ආදරෙන්

තමන්ගේ නාවික  හමුදාව එක්ක මලය රටට යන පරාක්‍රමභාහු රජතුමා මලය රටේ රජතුමාට තමන් පැමිණි කාරණාව කිව්වත් , එයට සුභවාදී පිළිතුරක් නම් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ පරාක්‍රමභාහු රජතුමා සටන් කරලා මලය රජතුමාව පරාජය කරනවා. ඒ අතර වාරයේදී ආයෙමත් පාණ්ඩ්‍ය කුමරු උලකුඩය කුමරිය ගැන ප්‍රේමයෙන් පිරෙනවා. මලය රටේ සුන්දරී කුමරිය වෙනත් කුමාරයෙක් එක්ක විවාහ වෙනවා. මලය රට වගේම දියණියගේ ප්‍රේමයත් විජයග්‍රහණය කරන පරාක්‍රමභාහු රජතුමා ජය පැන් බොමින් ලංකාවට එනවා.

ඉන් පස්සේ සුබ නැකතට දෙදෙනාගේ විවාහය සිදු කරලා තියෙනවා. ඒ රුවන්මැලි සෑ එලිමහන් මළුවේදී. කෝට්ටේ රාජ්‍යම හොල්ලන්න හේතු වුන ආදර කතාවක් ඒ විදියට ඉතිහාසයේ ලියැවිලා තියෙනව

අපේක්ෂා ගුණරත්න 

Related Articles

Don't Miss


Latest Articles