මියුරු පෙම් වසන්තේ – 21

ඉන්පස්සෙ ඉතින් මියුරු උන්නේ කුරුල්ලෙකු වගේය. නිකන්ම එකෙක් නොවේ ප්‍රේම කුරුල්ලෙකු වගේය.

වස්තු කියන්නේ නදීගේ පෙම්වතා නොවන බවත්, ඔහු නදීගේ හිත මිතුරු ත්‍රීවිල් කොල්ලෙකු බවත්, පොඩිකාලේ ඉඳල දන්න කෙනෙකු බවත් දැනගත්තයින් පසුව නදී වනාහී කාගෙවත් ගහක අත්තක පිපිච්ච මලක් නොවන බව දැනගැනීම මියුරුට සන්තෝසේ ඉපිලෙන්න හේතුවක් විය.

මියුරු ඊටපස්සෙ වෙනදාට වඩා හිනාවෙන්න ගත්තත්, සන්තෝසෙන් නලියන්න ගත්තත් ඒකට හේතුව නදී දැනගෙන උන්නේ නැත. අනිත් අතට ඒ තමන් නිසා බව නදී කිසිසේත්ම හිතා උන්නේ නැත.

එදා ඇනිවසරි පාටි එකේදි නදී නටන්න පටන් ගත්තයින් පසු ඇයව ඔෆිස් එකේ හැම ඩිවිශන් එකකම වගේ ප්‍රසිද්ධ වුණි. නදීව හම්බෙන්න වෙන ඩිවිශන් වල ඉඳ කෙල්ලන්ද කොල්ලන්ද එන්න පටන්ගත්තේ ආන් එදයින් පස්සේය. වෙනදා තනියම කෑම කන්නට ගිය නදීට ඉන්පස්සේ කාත් එක්කද කන්නෙ කියා හිතන්නත් වෙනම වෙලාවක් වෙන් කරන්න උනාය. ඒ තරමට කාර්‍යාලීය යාලුවන් සෙට් වුනත් සනුකිත් ලිඩියාත් තේමියත් උන්නේ පුදුම කේන්තියකිනි. තේමියට නම් කේන්ති ගන්නට තිබුන එකම හේතුව තමන්ටවත් තිබ්බෙ නැති අන්දමේ තැනක් නදීට හම්බෙච්ච එක ගැන සනුකි තරහෙන් ඉඳපු එකය.

“මෙච්චර දවසක් මේ එහෙම එකියක් ඉන්නවද කියල දන්නෙවත් නැතුව හිටපු උන් එනවනෙ අනේ නදී නදී ගාගෙන ඒකි හම්බෙන්න” කියා සනුකි කිව්වේ නදී කට්ටිය එක්ක හිනා වෙවී කෑම කාමරයට යනවා බලාගෙන ඉඳිමින් ය. වෙනදා ඔලුව පාත් කරගෙන කෑම කාමරයට ගිය එකියක් දැන් කට්ටිය එක්ක හිනාවෙවී කෑම කාමරයට යන එක සනුකිට ප්‍රශ්නයකි.
නදීට ලස්සන හිනාවක් තියෙන බවත්, ඇයට දෙනෙතින්ද හිනාවෙන්න පුලුවන් බවත් මියුරු දැනගත්තේත් දැක්කේත් මේ කාලයේය. මෙතෙක් දවසක් හිත අස්සේ හංගගෙන උන්නු සතුටක සේයාවන් නදී සියල්ලන් සමගම ලෝබ නැතුව බෙදාගනිමින් උන්නාය.

එළියට පෙනෙන්නට කොච්චර හිනාවෙමින් උන්නත් ඇතුලාන්තයෙන් තමන් කොච්චර බයෙන් ද උන්නේ කියා දන්නේ නදී පමණකි. තමන් මේ ඉහළ පෙලේ සමාජයේ ගැවසෙන මිනිසුන්ගෙන් හංගන්න හිතාගෙන ඉන්න කාරණා බොහොමයකි. මෙතෙක් දවසක් කිසිවෙකු සමග හිතවත්කමක් තිබුනේ නැති හන්දා ඇඳුමෙන් පැලඳුමෙන්ද කෑම බීමෙන්ද නදී හංගගෙන ඉන්නට තැබූ තමන්ගේ සැබෑ තත්ත්වය සහ සමාජ ස්තරය මේ මිතුරුදම් ඔස්සේ එලියට පනින්නට බලාගෙන ඉන්න බව නදීට අමුතුවෙන් කියන්න උවමනා නැත. ඉතින් මාසෙ පඩියේ අරපිරිමහ ගත්ත කොටසකින් නදී මුලින්ම කලේ කෑම පෙට්ටියක් ගන්න එකය. වෙනදා පත්තර කොලයේ ඔතාගෙන ආ කෑම වෙනුවට කෑම පෙට්ටියක කෑම දමාගෙන එන එක පොඩ්ඩක් විතර අප්ග්‍රේඩ් වෙන්න හේතුවක් සහ විදියක් බව නදී හිතුවාය. අනික ඉතින් දුගී පැලක ඉව්වත්, මහ මාලිගයක ඉව්වත් එදිනෙදා කෑම බීම වල මහ වෙනසක් රසයේ ඇතිවෙන්නෙ නැත. එකම වෙනස නම් උයන ජාති වල ඇති වෙනස්කම් ය.

“ආච්චිනෙ අනේ උයන්නෙ, ඒක හන්ද මම කියල තියෙන්නෙ උදේට වැඩිය කරදර වෙන්න එපා” කියලා සෝයත්, පරිප්පුත් බතුත් තව එලවලුවකුත් එක්ක රස විඳින ගමන් අනිත් අය අරගෙන එන චිකන් ඩෙවල් ආදිය ලඟ තමන්ගේ තත්ත්වය පල්ලෙහට නොදාගෙන ඉන්න පුංචි පහේ බොරුවක් කියන්න වීම ගැන නදී ලැජ්ජ උනේ නැත. මොවුන් තමන් ගැන ඇත්ත දැනගැනීම තමන් අල්විස් වත්තේ කෙල්ලෙක් බව දැනගැනීම, තමන්ගේ අම්මා තමන්ව අතැර ගොස් ඇති බවත්, තාත්තා කණමදය වගේ බොන හරිහමන් රස්සාවක් නැති මිනිහෙක් බව දැනගැනීම ඊට වඩා ලැජ්ජ වෙන්න හේතුවක් බව නදී සිතුවාය.

“ඉතින් අනේ කෑම ගේන්න එපා, මෙහෙන් ගන්න පුලුවන්නෙ ෆුඩ් කාර්ඩ් එකට” කියා කට්ටිය කියද්දී “අප්පා අපේ ආච්චි බනිනව අනේ මම ඕක කිව්වොත්, එයා කැමතිම නෑ එලියෙන් කනවට කොච්චර හොඳ කෑම දෙනව කියල කිව්වත් ඒකයි” කියා අහක බලාගෙන ඇත්ත වගේ බොරු කියන්න නදීට අමුතුවෙන් ප්‍රැක්ටිස් එකක් උවමනා උනේ නැත. විස්සෙ කණුවෙ අල්විස් වත්තෙ මිනිස්සු යනු අමුතුවෙන් බොරු කියන්න ඉගෙන ගන්න ඕන මිනිස්සු නොවේ. ජීවිත කාලය පුරාවටම දේශපාලඥයන්ගේ ද ප්‍රාදේශීය ධනවතුන්ගේද බොරුවලට අහුවෙමින් ජීවිත බොර දිගේ ගිලෙමින් මතුවෙමින් කාලය ගෙවන අල්විස් වත්තෙ මිනිස්සු වනාහී බොරුව හොඳටම දන්න සෙට් එකකි. නදීත් එයින් එකෙකි.

මේ අතරේ මිලින්ද උන්නේ නදීව ඩැහැගන්න විදියක් ගැන හිතමිනි. හොඳින් හෝ නරකින් හෝ නදීව තමන්ගේ බිරිඳ කරගන්න බලාගෙන උන්නු මිලින්ද මුලින්ම හොඳ විදියට ආයෙ වතාවක් නදීව අල්ලගන්න හිතුවේය. ඒ නදී බලාපොරොත්තු වෙන අන්දමේ මිනිහෙකු වෙලාය. හරිහමන් රස්සාවක් කරන දවසක නදීට තමන්ට පිටුපාන්නට හේතුවක් නැති බව දන්නා හන්දා මිලින්ද උත්සහ කලේ රස්සාවක් කරන්නය. ඇත්තටම කිව්වොත් රස්සාවක් කරන්න නොවේ ස්තිර ආදායම් මාර්ගයක් හොයාගන්නය. මුලින්ම මිලින්ද ඔය කතාව කිව්වෙත් අම්මාටය.

“මෙහෙම ඉඳල බෑ හරියන වැඩක් කරන්න ඕන” කියා මිලින්ද එකපාර ඇවිත් කියද්දී රෑට කඩවලට බෙදන්න ඉඳිආප්ප වක්කර වක්කර උන්නු කඩයප්පන් මාග්‍රට් ඔලුව හරවා බැලුවේ “මූට මේ එකපාර වැහිච්ච යකා කවුද?” කියලා හිතාගන්න බැරුවය.

“ඉතින් කවුරුවත් උඹට එහෙම කරන්න එපා කිව්වද? මෙච්චර දවස් උඹමනෙ මේ ගේ අස්සෙ රිංගන් උන්නෙ හරියට කොටහලු වෙච්ච කෙල්ලෙක් වගේ”

“මට සල්ලි ටිකක් ඕන අම්මේ”

“සල්ලි අර මොකටද?”

“මම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ”

“අනේ මේ උඹයි මමයි දන්න බිස්නස්. මේ ඕලෙවල් පංතිය වෙනකම් වත් ඉගෙන ගත්තෙ නැති උඹ කොහොමද බං බිස්නස් කරන්නෙ? නිකන් ඉඳහන් මේ තියෙන සොච්චමත් වියදම් කරගන්නෙ නැතුව. අනික මේ උඹ නිකන් එකපාර ඇවිල්ල සල්ලි ඉවර කරන්නෙ හරියට මායි උඹේ මහ එකායි මෙතන ගස් වලින් සල්ලි කඩනව කියලා හිතාගෙනද?”

“අනේ අම්මේ මොකද්ද අම්මට වෙන ළමයි නෑනෙ, මං විතරනෙ ඉන්නෙ, මට ගොඩයන්න උදව්වක් දෙන්න බැරිනම් වැඩක් තියෙනවද?”

“යකෝ ගොඩයන්න උදව්වක් දෙන්න තිබ්බා උඹ ඕක ටික ටික හරි ඇවිල්ල කිව්ව නම්. මෙහෙම එකපාර ගහෙන් ගෙඩිඑන්න වගේ ඇවිල්ල කියද්දි කොහෙන්ද යකෝ මං සල්ලි දෙන්නෙ? උඹ හිතුවෙ මං ඒව මේ වලදාලා තියෙනව කියලද? මං මෙතන ලිප ලඟයි අර මිනිහ අරහෙ කක්කුස්සි හෝදලයි හොයාගන්න සොච්චමක් තමයි අපිට තියෙන්නෙ”

“එතකොට මෙච්චර කල් හම්බ කරපුවට මොකද උනේ?” මිලින්දත් උන්නේ ලේසියෙන් මේ කතාව ඉවර කරගන්නවත්, ගේම අතාරිනවත් බලාපොරොත්තුවක නොවේ. මාග්‍රට් ට මල යකා නැග්ගේ ඔන්න ඔය කතාවටය.

“සතයක්වත් හම්බ කරන්නෙ නැතුව මෙතන නිකන් පිංබතා වගේ කකා බිබී ඉන්න ගමන් තෝ මගෙන් අහන්න එනවද අපි හම්බ කරපුවට මොකද උනේ කියලා? ඈ පරයො. හම්බ කරපුවා ගියේ උඹට කන්න දෙන්නයි, උඹට ඔය මාසෙන් මාසෙට කොණ්ඩ කුරුල්ලා වගේ කෙස්ස පාට කරන ඒවටයි තමයි”

මිලින්ද එවෙලේ එතනින් ඔය කතාව අහගෙන ආඳා වගේ ලෙස්ස ගෙන ගියත් තමන් ඒ වෙලාවෙ තරහ අරගෙන පුතණ්ඩියාට එහෙම කතා කර එක වරදක් බව තේරිච්ච හන්දා මාග්‍රට් රෑ සෝමේ ඇවිත් බත් කද්දී මිලින්ද ඕන් ඔහොම සල්ලි කතාවක් ගැන ඇහුව කියා සරලව කියා දැම්මාය.

“මොකද්ද දැන් ඔය පටන් ගන්න යනවය කියන බිස්නස් එක?” සෝමෙ ඉතින් කවදත් තරහ අරගන්නේ නැති නිවිච්ච මනුස්සයාය. එහෙම මිනිහෙකුට ඇරෙන්න ඉතින් වෙන කෙනෙක්ට නම් දාහක් මිනිස්සු දවස් පතා ඇවිල්ලා දහජරාව හලා යන පොදු කක්කුස්සියක් සුද්ද කරන්න බැරි බව හැමෝම දනී.

“අනේ මන්දා, තරහ ගිය හන්දා මට ඒකත් අහන්න බැරි උනා” කියමින් මාග්‍රට් කාමරය අස්සේ සද්දෙට සින්දු අහමින් උන් මිලින්දට කතා කරාය. මිලින්ද කාමරයෙන් එලියට ආවේ මූන නොරොක් කරගෙනය. අම්මා දවාලේ එහෙම කතා කර එක හන්දා මිලින්දගේ හිත තිබ්බේ පොඩ්ඩක් විතර ඉරි තැලිලාය. එහෙන් සල්ලිත් නැත. ඒකෙන් මේකෙන් වෙන්නෙ නදීව අතෑරෙන එකය. හිත රිදිච්ච එක ඉතින් අහන්න දෙයක් නොවේ.

“මොකද්ද දැන් උඹ කරන්න හිතාගෙන ඉන්න බිස්නස් එක?” සෝමේ ඇහුවේ කරවල එක්ක පරිප්පුත් බතුත් අනාගෙන කටට දාගන්න ගමන්‍ ය. මහන්සිය, ඇඟ පතේ අමාරු කියා කවදාවත් සුරා සූදුවට ගියේ නැති සෝමේ රෑට බත් කන්න ආස ඔය වගේ බැදුමක් එක්ක බව දන්න හන්දා මාග්‍රට් අඩුම තරමේ මිරිස් කරලක් හෝ බැදල තියන්න අමතක කරන්නේ නැත.

“දැන් ට්‍රෙන්ඩින් දෙයක් තමා තාත්තේ කරන්න ඕන” මිලින්ද ඔහොම කිව්වට ඔය අපබ්‍රංස සෝමේට නොතේරේ.

“ඒ කිව්වේ?” කියා සෝමේ අහද්දී “ තේරෙන්න කියහංකො බං” කියා කියන්න මාග්‍රටුත් අමතක කරේ නැත.

“මං හිතුවෙ ටැටූ ශොප් එකක් දාන්න

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles