(අ)හිමි සිහින – 149

සුධාරකගේ මොළයට දැඩි ලෙස හානි වී ඇති බව වෛද්‍ය කණ්ඩායම් අනාවරණය කරගනු ලැබුවේ ඒ කාලයේදී.රෝහල් දැඩි සත්කාර ඒකකයක පසුවන රෝගියෙකුගේ ඥාතීන්ට ඕනෑම දෙයක් ඕනෑම මොහොතක ඇසීමට සූදානමින් හිඳින්නට වනවා.ඒ කාලයේ හදිසි උවමනාවට රෝහලෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන විට මා මහත් ගැස්මකට ලක් වෙනවා.මගේ සියලුම සිහින ද ජීවිතය ද මගේ අත්ලෙන් ගිලිහෙමින් ඇති බව මම දැන සිටියා.නමුත් කරන්නට කිසිවක් ම තිබුණේ නැහැ.එවැනි මොහොතක බලා හිඳීම මිස කිසිවක් ම කළ හැකි වන්නේ නැහැ.

“ඇත්තටම මම හිටියේ ඕනෑම ප්‍රවෘත්තියක් ඇසීමේ සූදානමින්.”

එවැනි සමහර ඇමතුම් පැමිණියේ පන්සලක පූජා කටයුතු කරමින් සිටින මොහොතක.ඇගේ ලේ වතුර වෙමින් මම ඒවාට පිළිතුරු දුන්නා.

“පොඩ්ඩක් රෝහලට එනවද අපිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ “

ප්‍රධාන වෛද්‍ය නිළධාරී තුමාගෙන් එවැනි ඇමතුම් පැමිණි පසු රෝහලට දිව යන ආකාරයවත් මට මතක නැහැ.සුදාරකගේ කනිෂ්ඨ නිලධාරීන් ද මා තරමටම කලබලයට පත්වී මා සමග රෝහලට දිව එනවා.එවැනි ඇමතුම් හය හත් වතාවක් පමණ වත් මට පැමිණ තිබෙනවා.නමුත් පවුලේ කෙනෙකු මා සමග රැඳිය යුතු නිසා මා සුධාරකගේ නැගණියට සහ ඇගේ සැමියාටද මා සමඟ යන්නට කතා කරනවා.මම ඔවුන්ව එසේ රැගෙන යාමට හේතු වූයේ වෛද්‍යවරයා පවසන සමහර කාරණා ඔවුන්ද ඔවුන්ගේ සවනින්ම ඇසිය යුතු නිසා.අනිත් කාරණය මට සුදාරක සම්බන්ධයෙන් කිසිම නීතිමය අයිතියක් නැහැ.ඒ නිසා ඔවුන් මා සමග රැඳීම ද ට ඒ මොහොතේ පහසුවක් වුණා.

නමුත් පවුලේ උදවියට ඔහුව රැක ගැනීම එතරම් වුවමනා නැති බව වෛද්‍යවරුන් වටහා ගනිමින් සිටියා.ඒ නිසා වැදගත් තීරණ මට දැනුම් දීමට ඔවුන් හැම විටම කටයුතු කළා

මොළයේ හානි වී ඇති ප්‍රමාණය දැන ගැනීම සඳහා MRI පරීක්ෂණයක් කිරීමට සැලසුම් කර තිබියදී යුද කටයුතුවලදී සුදාරකගේ ඇඟට උණ්ඩ ඇතුළු වී ඇති දැයි දැනගන්නට වෛද්‍යවරුන්ට වුවමනා වුණා.එය එසේ නොවන බව මම තහවුරු කරා.මම ඔහු සම්බන්ධ සියලුම වෛද්‍ය කාරණා දැන සිටියා.ඔහුගේ හැම රෝගී තත්ත්වයන් ද මම දැන සිටියා.නමුත් සමහර හේතු නිසයි පරීක්ෂණයට නම් ඉඩ ලැබුණේ නැහැ.ඒවාට හේතු වූයේ ඔහුගේ පවුලේ ම උදවිය බව මා මෙතන ලියා තබන්නේ ඉතාමත් කණගාටුවෙන්.

වෛද්‍යවරුන් ඒ අතර එක් තීරණයකට පැමිණ තිබුණා.සුධාරකගේ මතකය යළි ලබා ගැනීම සඳහා කළ හැකි පිළියම් කිරීමටයි.මේ සම්බන්ධ බොහෝ වෛද්‍ය කාරණා මට පහදා දීමට ඔවුන් කටයුතු කළා.

“අතීතයේ සුන්දර මතක,ඔහු සමඟ අතීතයේ රැඳුණු අයගේ කටහඬවල් ඔහුට අසන්නට දීම ඔහුගේ මතකය නැවත ඇතිවෙන්නට හේතුවක් වේවි.ඒ වගේම ඔහුට ඉතා ආදරය කරන අයව ඔහු අසල නිතරම දැවටීම සහ ඔහුට ඇමතීම ද ඔහුගෙ මතකය නැවත වර්ධනය වීමට හේතුවක් වේවි “

වෛද්‍යවරුන් එවැනි මතයකට පැමිණ සිටියා.ඒ වෙනුවෙන් කටයුතු කරන ආකාරය ගැන ඔවුන් මට පවසන්නට වුණා.එහි සම්බන්ධයෙන් කළ යුතු දේවල් කරන්නට අපි කටයුතු කරන්නට වුණා.මම සහ පවුලේ උදවිය පමණක් නෙමෙයි,මට අතහැර ගියේ සුදාරකගේ දරු තිදෙනා ගේ කටහඬ පවා ඔහුට අසන්නට දිය යුතු බව අපි තීරණය කළා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles