සුරංගනා කතාවක් වගේ නීටා – මුකේශ් ආදර කතාව

මේ දවස්වල අම්බානි පවුලට ලැබෙන්නෙ එසේ මෙසේ ජනප්‍රියතාවයක් නෙවෙයි. සියවසේ විවාහය කියල හැඳින්වෙන අම්බානි පවුලෙ පොඩි පුතා වෙන අනන්ත් සහ රාධිකා මර්චන්ට් අතර විවාහය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් එහෙම ජනප්‍රියතාවයක් හම්බෙලා තියෙන වෙලාවක අපි හිතුවා ඒ පවුලෙම වෙන දෙන්නෙක්ගෙ සුරංගනා කතාවක් වගේ වෙන ආදර කතාවක ලස්සන රසබර විස්තරයක් ඔයාලා එක්ක බෙදාගන්න.

මේ වෙන කාගෙවත් ආදර කතාවක් නෙවෙයි, මුකේශ් සහ නීටා අම්බානි ගෙ ආදර කතාව.

ආදරයේ පළමු හමුව

නීටා අම්බානි කියන්නෙ පුංචි කාලෙ ඉඳලම ලස්සනට නටන්න දක්ෂ ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ නටන්න පුලුවන් ලස්සන කෙල්ල වයස අවුරුදු 21 දී නර්තන උත්සවයකට සහභාගී වුණා. එතනදි ඇයට හමු වූයේ කාර්මික ශිල්පී ධීරුබායි අම්බානි සහ ඔහුගේ බිරිඳ වෙන කෝකිලාබෙන් ය. නීටාගේ විශිෂ්ට නර්තන රංගනය මේ දෙන්නගෙම අවධානය දිනාගන්න සමත්වෙලා තියෙනවා. ධීරුබායි අම්බානිට පසුව නීටාව අමතන්නට සිදු වෙලත් තියෙනව මෙන්න මේ ලස්සනට නටන්න පුලුවන්කමක් තිබුණ හන්දා. මේ දුරකථන සංවාදය නිසා නීටාගේ ජීවිතයම වෙනස් වෙලා තියෙනවා.

ඒ කොහොම වෙන්න ඇති කියලද ඔයාලා හිතන්නෙ?

ආදරයේ පළමු දුරකථන ඇමතුම

නීටා අම්බානිගේ ආදරණීය දුරකථන සංවාදය ගැන කියන කතාව, නීටා මතක් කරන්නෙ මෙන්න මේ විදියට “මම මගේ විභාග සඳහා පාඩම් කරමින් තමයි හිටියෙ. දුරකථනය නාද උනේ ඒ වෙලාවෙ. මම ඒ කෝල් එක ගත්තා. ධීරුබායි අම්බානි තමයි කෝල් කරන්නෙ කියල කිව්වම මට ඇත්තටම හිතාගන්න බැරිඋනා. මම හිතුවෙ කවුරුහරි ප්‍රෑන්ක් කෝල් එකක් අරගෙන කියලා. ආයෙම එයා කෝල් කරාම මගෙ තාත්තා තමා ආන්ස්වර් කරේ. තාත්තා තමා කිව්වෙ ඒ ඇත්තටම ධීරුබායි අම්බානි බව”

නීටා සහ මුකේෂ්ගෙ හමුවීම

ඒ කෝල් එක අනුව තමයි නීටා ධීරුබායි අම්බානිගෙ ඔෆිස් එකට යන්නෙ එයාව හමුවෙන්න. ඒ හමුවෙදි ධිරුබායි නීටට කියනව මගෙ පුතා වෙන මුකේශ්වත් මුණ ගැහිලම යන්න කියලා.  ඉතින් 1984 අවුරුද්දෙදි නීටා මුලින්ම අම්බානි ගෙදරට ගියාම නීටව පිළිගන්න ඉස්සරහට ඇවිත් තියෙන්නෙ වෙන කෙනෙක් නෙවෙයි මුකේෂ් අම්බානි.

මුකේෂ් නීටාට ප්‍රපෝස් කරල තියෙන්නෙත් ෆිල්ම් එකක වගේ

“නීටට තිබුනෙ හරිම ලස්සන, විශ්මයජනක පෙනුමක්” කියල මුකේශ් පස්සෙ කාලෙක සහභාගි උන ඉන්ටවිව් එකකදි කියල තියෙනවලු. ඒ පළමු හමුවීම ගැන මොහොත විස්තර කරමින්.මුකේශ් නීටව හමුවෙන්න තීරණය කරල තියෙන්නෙත් තමන් සහ නීටා කියන්නෙ එකට ජීවත්වෙන්න පුලුවන් දෙන්නෙක්ද කියල අඳුරගන්න කියල.

ඉතින් මේ හමුවීමෙන් පස්සෙ තදබදයෙන් පිරිච්ච මුම්බායි නගරයේ පෙද්දාර් පාරක වාහනේ ඩ්‍රයිව් කරගෙන යන ගමන් තමයි මුකේශ් නීටාගෙන් මෙන්න මෙහෙම අහල තියෙන්නෙ කියල.

“ඔයා මාව බඳිනවද? ඔව් ද නැද්ද කියල දැන්ම කියන්න, මේ කාර් එකේදිම” කියල. පොඩ්ඩක් විතර තුශ්නිම්භූත උනාට මොකෝ කැමැත්ත හිතේ හංගන් උන්න නීටා ඉතින් හීන් සැරේ “ඔව්” කියල තියෙනවා.

හැබැයි මේ මොහොත පස්සෙ මතක් කරල නීටා මුකේශ්ගෙන් අහල තියෙනවලු “මම එදා බෑ කිව්වනම් ඔයා මොකද කරන්නෙ?” කියල.

එවෙලෙ මුකේශ් කියල තියෙන්නෙ “එහෙනම් මම ඔයාව ගෙදරින් ඩ්‍රොප් කරනවා, හැබැයි මම කවදාවත් ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ හොඳ යාලුවෙක් වගේ ඇසුරු කරනවා” කියලා.

1985 මුකේශ් සහ නීටාගේ විවාහය

1985 මාර්තු 8 වෙනිදා මුකේෂ් සහ නීටා අම්බානි විවාහ උනේ ඉතාම සරල විවාහ උත්සවයකදී. නීටාගෙ ආභරණවල ඉඳලා සාරිය සහ වේශ නිරූපණය දක්වා සියල්ල ගැන හැමෝම කතා කළේ ධනවත්ම පුද්ගලයෙකුගේ බිරිඳ වන නීටා අම්බානිගේ සරල බව සහ අලංකාරය ගැනලු.

ඉතින් සමහරවෙලාවට අපි හිතනවනෙ “සල්ලි තියෙන මිනිස්සු කසාදවලදි හිතන්නෙත් පවුලට එක්කහුවෙන දේපල සහ බලය ගැන විතරයි” කියල උනාට මුකේශ් සහ නීටාගෙ ආදර කතාව නම් එහෙම එකක් නෙවෙයි කියල තමයි හැමෝම කියන්නෙ.

අදටත් ඒ දෙන්නට දෙන්න ආදරයෙන් ඉන්න එක, එකිනෙකාට ගෞරව කරන එක දකිද්දි “අනේ අපිටත් මේ වගේ ආදරයක් ලැබෙනවනම්” කියල හිතෙන එක සාමාන්‍ය දෙයක්. අම්බානි පවුලෙ දරුවන් උනත් මොන බාධක තිබුනත් විවාහවලදි ආදරේ මුල් කරගත්තෙ අම්මගෙන් සහ තාත්තගෙන් ලැබුණ ආභාශය නිසා වෙන්නත් ඇති නේද කියල හිතෙන්නෙ ඒ නිසාමයි.

ඉතින් මෙච්චර සල්ලි බලය තිබිලත් මුකේශ් සහ නීටාගෙ සම්බන්ධතාවය පදනම් වෙලා තියෙන්නෙ ආදරය සහ ගෞරවය මත. හැම ආදර කතාවක්ම පදනම් වෙන්න ඕනත් ඒ හැඟීම් දෙක මතම තමයි.

ඉතින් මේ අම්බානි ජෝඩුව ලෝකෙ ඉන්න තවත් තරුණ ආදරවන්තයින්ට අරගෙන එන්නෙ ඇත්තටම හොඳ පණිවිඩයක්. පාරෙ වාහන තදබදයක හිරවෙලා ඉන්න වෙලාවක “ඔව්” කියලා ප්‍රපෝසල් එක පිළිගත්ත තැන ඉඳල අද වෙද්දි ඉතාම ධනවත් සැපවත් ජීවිතයක් ගෙවන තැනක් වෙනකම් එන්න ඒ ආදරය හා බැඳුන විශ්වාසය සහ ගෞරවය පදනමක් වෙන්නම ඇති.

ඉතින් සුරංගනා කතා හැබෑ වෙන්නෙ ෆැන්ටසි ලෝක වල විතරක් නෙවෙයි, මුම්බායිවගේ තදබද නගරයක පාරක උනත් ආදර කතා හැබෑවෙන්න පුලුවන්.

ඉතින් ඒ ආදර කතාව ඔයා වෙත එනකම් ආදරයෙන්ම බලන් ඉන්න!

Related Articles

Don't Miss


Latest Articles