නුඹ තරම් ප්‍රේමයක් – 10

දහවන නෙත් සේයාව

අයියාව සොයා නොගෙන එන්නේම නැතැයි  පොරොන්දු වී  කපිල නිවසින් නික්ම ගියද, සිහිනිගේ සිතට දැනෙන කලබලය නිමක් නැත. අම්මා දැන් සුවෙන් වීම සහනයකි. එහෙත් ඕ නොනවත්වාම හඬන්නීය. ඒ එකිනෙකට නොගැලපෙන දේ කියමිනි. අප්පච්චීද සාලයේ එහෙ මෙහෙ ඇවිදිමින් සිටින්නේ කිසිවක් නොපවසමිනි.

කපිල අයත්මාගේ නිවස දෙසින් මෝටර් රිය ධාවනය කලේය. එහි කලබලයක් ඇති වගක් පෙනෙන්නට නැත. ඔහු ඉන් පසුව ප්‍රධාන මාර්ගය දිගේ තිස්ස දෙසට මෝටර් රතය ධාවනය කලේය. අලුයමට වෙමින් තිබූ නිසා වාහන තිබුනේම නැති තරම් ය. එනිසා කපිල මෝටර් රිය ධාවනය කරමින් උන්නේ යම් වේගයකිනි.

පැය භාගයක් ඉක්ම යද්දී පවා කිසිඳු සලකුනක් ලැබුනේ නැත. සිහිනිගෙන් එන ඇමතතුම් වලට කපිල පිළිතුරු දුන්නේ නැත. එවිට චත්‍ර මුන නොගැසී ඇති වග ඇය වටහා ගනීවියැයි ඔහු සිතුවේය.

“පොඩි සර් ..”

ඈතටම හඳුනානොගන්නට හේතුවක් නැත. කපිල කැබ් රියට පසුපසින් මෝටර් රිය නැවැත්වූයේය. දැනෙන කලබලය සහ තිගැස්ම පසෙක දමා වහා මෝටර් රියෙන් බැස ගත්තේය. අඩියට දෙකට කැබ් රියේ ඉදිරිපස දොර වෙත ඇවිද ගියේය.

හිතට සැනසුමක් දැනුනේ අසුනේ නිදා උන් චත්‍ර දුටු පසුය. කපිල වහා චත්‍ර උන් පසින් වීදුරුවට තට්ටු කලේය. චත්‍ර තිගැස්සි ඇහැරුනේය.  පැය භාගයක පමණ සුව නින්ද එක්වරම භයංකර සිහිනයකින් අවසන්ව ගිය වග චත්‍රට දැනුනි.

 අයත්මා සහ අවිශ්ක සිහි විය. අම්මා, අප්පච්චී, නංගී සිහි විය. ලේ විලක් මැද ඔවුන් මරා දමා තිබෙනු දුටු වග සිහි විය. ලැබ්‍රඩෝර් වර්ගයේ තම සුරතලාද පසෙක වැටී උන් බව සිහි විය. කපිලලා සිහි එලවා ගන්නට නොහැකිව ඔහේ බලා සිටියහ.

“පොඩි සර් …..”

කපිලගේ  හඬ යලි ඇසෙද්දී චත්‍ර සිහි එලවා ගන්නට උත්සාහ කලේය. පසෙක හැරී බැලුවේය. වීදුරුව අසල සිට ගෙනෙ සිටින්නේ කපිල බව ඉන්තේරුවෙන්ම වැටහෙද්දී ඔහු වහා කැබ් රියේ දොර විවෘත කලේය. කපිල සැනසුම් සුසුමක් හෙලුවේය. ඒ සැනින් සිහිනි යලි අමතමින් උන්නාය.

“පොඩි සර් හම්බුනා … මං එක්ක එන්නම් ..”

එතෙකක් පවසා කපිල ඇමතුම විසන්ධි කලේය. මෙවෙලෙහි අවශ්‍ය වන්නේ චත්‍රගේ පසින් තමා සිටින වග ඔහුට දැනවීමයැයි කපිල සිතුවේය. මෝටර් රිය අගුලු දැමූ කපිල කැබ් රිය වෙත ආවේය. එහි  අනෙක් පස අසුන වෙත මාරු වෙන්නට චත්‍රට ඇඟෙව්වේය. 

චත්‍ර ඔහු හා එකඟ වූයේ කිසිඳු විමසීමකින් පවා තොරවය. කපිල කැබ් රිය පන ගන්වා ගත්තේය. මඟදී ඇමතුමක් දී ගෙන්වා ගත් අයෙකුට මෝටර් රියේ යතුර ලබා දී එය අතුකෝරල නිවස වෙත  ගෙන එන ලෙස කීවේය.  ඒ සියල්ල සිදුවෙද්දී චත්‍ර උන්නේ නිහඬවය.

” අපි කොහෙද යන්නේ පොඩි සර් ?….”

” ගෙදර යමං .. අවිශ්කයා තව වැඩි වෙලාවක් යන්න කලින් එහෙ ඒවි .. ඒ එන වෙලාවට අප්පච්චී ඌ ඉස්සරහ අසරණ වෙන්න ඕනි නෑ …”

“ඇයි දෙයියනේ පොඩි සර් මං අච්චර කෝල් ගහද්දී  ආන්සවර්  නොකර හිටියේ හවස… මම මලීශ මහත්තයගෙනුත් ඇහුවා එහේද කියලා.. එහෙ ආවේ නෑ කිව්වම ඉන්න තැනක් හිතා ගන්න බැරි උන හින්දා මම එහෙමම කාලා ඇලර්ට් එකක් දැම්මා ….”

කපිලගේ ස්වරය පුරාම වුයේ පසුතැවීමය. චත්‍ර ඔහුට කිසිත් කීවේ නත.

“නංගී අම්මලාට මොකද්ද කිව්වේ ?…”

මව සිහි විසඟව සිටි බවත්, සිහිනිගේ හඬින්  කලබල වී සියලු දෙනා උඩුමහලට ගිය වගත් පවසද්දී  චත්‍ර භීතියෙන් බලා උන්නේය.

“මැඩම්ට දැන් අවුලක් නෑ..  පොඩි සර් මොකටද වෙච්ච දේවල් සහසුද්දෙන් සිහිනි බබාට කිව්වේ.. බබා කලබල වෙලා ඒක ඒමම මැඩම්ලාට කිව්වා….  අයත්මා මිස්ට මැඩම් කොහොමටත් අරියාදු එකේ මේ කතාව දරාගන්න ලේසි වුනේ නැහැ…”

“මොකද්ද නංගී කියලා තියෙන්නේ?…”

කපිල අතුකෝරල මහතාගේ කෝපාග්නි වචන අස්සෙන් වටහා ගත් දෙය චත්‍රට කීවේය. චත්‍ර අතින් අයත්මාට යම් බලහත්කාරකමක් සිදුව ඇති වග දැන් නිවැසියන් දන්නා වග යන්තමින් කීවේය.

“මොක වුනත් දැන් ඒක වෙලා ඉවරයි … අයත්මා මිස් ඉන්න තැනකට අපේ එකෙක් යවලා විස්තරේ බලා ගමු … අවිශ්කයා ආවොත් ඒක මම බලා ගන්නම් …”

” අප්පච්චී මොනවද කිව්වේ කපිල?..”

චත්‍රට කපිල පසුව පැවසූ කිසිවක් ඇසුනේ නැත.  දැන් අප්පච්චී සහ අම්මාද නැගණියද සිතා සිටින්නේ තමා අයත්මාව බලහත්කාරයෙන් ග්‍රහනයට ගෙන දූෂණය කලා කියා ද? එවැන්නක් කලේ නැත.

 තමා එවැන්නක් කලේ නැති වග චත්‍රට සහතිකය. චත්‍ර ට හැඬෙන්නට එන්නේය. කිසිවක් නිවැරදි කරගන්නට නොහැකි තරමට පැටලී ගොසිනි. අයත්මා අවිශ්කට කුමක් පවසාවිදැයි කියාද විශ්වාස නැත. ඇතැම්විය ඇයට දැනෙන්නේද තමා සම්පූර්ණයෙන්ම ඇය තලා පෙලා විනාශ කර දැම්මාය යන හැඟීම විය හැක.

” ඒ කිව් කතා වලින්  මෙවෙලේ තේරුමක් නෑ පොඩි සර් … මොන අප්පාටද ඔහොම දෙයක් ඉවසගන්න පුලුවන්…”

කපිල වැඩිහිටියෙකු ලෙසින් කීවේය.

” ගෙදර යමං …”

චත්‍ර දෑස් පියා ගත්තේය. කලණ .., ඔහුවද සිහි විය.

නිවෙසට ඇතුලුවන කැබ් රියේ හඬින් සියල්ලෝම ඉදිරි පෝටිකෝවට පැමිණ උන් හ. කපිල කැබ් රියෙන් බැස්සේය. ඉන් පසුව චත්‍ර  උන් පසින් දොර විවෘත කලේය. චත්‍ර කපිල දෙස බැලුවේය.  කපිල චත්‍ර ඉඟි කලේ බසින්නය.

චත්‍ර නිවස තුලට ඇවිද ගියේ කිසිවෙකුට මුහුන නොදීය. අතුකෝරල මහතා හෝ  කිසිවෙක් ඔහුට කිසිත් නොපවසා දැඩි ඉවසීමක් පුහුණු කරමින් උන් හ.

එහෙත් ඒ තත්පර කිහිපයකට පමණි. අතුකෝරල මහතා ආපසු හැරුණේය. නිවස තුලට ගියේය. ඒ වෙද්දීත් චත්‍ර සෙටියේ හිඳ උන්නේය.  සිහිනි පියා පරයා යමින් චත්‍ර අසලට වූවාය.  සන්ධ්‍යා උන්නේ සිහි එලවා ගන්නට නොහැකිවය. මාලා ඇයව නිවස තුලට කැටුව විත් අසුනකට බර කලාය. චත්‍ර කිසිවෙකු දෙස බැලුවේ  නැඨ්හ.

” කෝ දැන් ඒ ගෑණු ළමයා …”

අතුකෝරල මහතා පහත් හඬින් විමසුවේය.

” නර්සින් හෝම්….”

“තනියම ?…”

“නෑ.. අවිශ්කයි, උගේ සෙට් එකකුයි එනකල් ඉඳලා ආවේ මම ..”

” හ්ම්ම් .. අවිශ්කව ගෙන්න ගත්තේ උබද?…”

“හ්ම්ම් ..”

” මොකක් කියලද?…”

චත්‍ර අවිශ්කට පැවසූ මුලාව එලෙසින්ම කීවේය. සන්ධ්‍යා ඉකි ගසමින් හඬමින් උනාය.

“ඔයා දැන් ඔය ඇඩිල්ල නවත්තගත්තේ නැත්නම් එහෙම අපිට මේ ගොන් වස්සාව බේරගන්න බැරි වෙනවා සන්ධ්‍යා … අවිශ්ක තව වැඩි වෙලාවක් යන්න කලින් මෙතනට ඒවි .. ඒ අවහම මූ මෙන්න මේ අවිශ්කට කිව්ව කතාවම අපිත් ආයේ ආයෙම කියන්නෝනා… ඌ කොච්චර දිවුරුවත්, මූ එහෙම දෙයක් කලේ නෑම කියලා අපි කියන්නෝනා..”

අතුකෝරල මහතා දාරක ස්නේහය වෙනුවෙන් තම ප්‍රතිපත්ති පවා ක්ශය කර දමමින් උන්නේය.

” මං එහෙම කලේ නෑ අප්පච්චී ..”

චත්‍ර එසේ පවසාගන්නට සවියක් නොවූවේය.

” චූටි, අයියාව කාමරේට එක්කන් යන්න … උඹලත් ගේට්ටු වහලා නිදාගනිල්ලා… මාලා උබ නෝනව ඇඳට එක්ක යමංකෝ…”

අතුකෝරල මහතා හිඳගත්තේය. එහෙත් කිසිවෙකුත් නැගිට්ටේ නැත.

” මම පොලිසියට බාර වෙන්නම් අප්පච්චී …”

චත්‍ර එක්වරම නැගිට්ටේය සිහිනි හිඳගෙනම ඔහුගේ අතක එල්ලුනේය, සන්ධ්‍යා වහා දිව ගොස් ඔහු බඳා ගත්තේය.

” මීමෙක් වගේ හතර වටේ හාගෙන, තව හාන්නෙ නැතුව ඉන්නවා චත්‍ර.. තමුන්ට ආත්ම ගෞරවයක වටිනාකමක් නැති වෙන්න පුලුවන්.. ඒත් සිහිනි පාරේ බැහැලා යන්න ඕනි … අර යන්නේ ඉස්කෝලේ ටීචර්ව රේප් කරපු මිනිහාගේ නංගී කියන එක සිහිනිට ලේසි වෙන්නේ නෑ….”

” අප්පච්චී …”

” උබ මට අප්පච්චී කියනවා අහන එකත් මානසික වදයක් නොකර කාමරේට යනවා මිනිහෝ ..”

“මං එහෙම කරේ නෑ අප්පච්චී .. එයා .. එයා බය වෙලා … නර්වස් උනා…. මම ..මම ..”

” මිනිහෝ…”

අතුකෝරල මහතාගේ හඬින් අතුකෝරල නිවෙස දෙදරා ගියේය. සන්ධ්‍යා ඉතා තදින් පුතු බඳා අග්ත්තාය. සිහිනි වහා පියවි සිහියට එළබෙමින් අයියා කාමරයට් රැගෙන යන්නට උත්සාහ කලාය.

කපිල සන්ධ්‍යා ව කාමරයට රැගෙන යන මෙන් මාලාට ඉඟි කලේය. එහෙත් සන්ධ්‍යා චත්‍ර පසුපසින් කාමරයට ඇඳුණාය.

” අම්මේ .. මම එහෙම කලේ නෑ ..”

“මං දන්නවා මගේ රත්තරන් …  ඔක්කොම හරි …”

“අම්මා අඬන්නෙපා අම්මේ .. මට තව පවු පුරවන්නෙපා….”

” අම්මා අඬන්නේ නෑ මගේ පුතේ … අම්මා අඬන්නේ නෑ…. චුටි අයියාට බත් එකක් බෙදාගෙන එන්න …. යනන් …”

සන්ධ්‍යා කීවේ කඳුලු පිස ගනිමිනි.

” චූටි … එහෙම කරේ නෑ ඕයි මම … මං ඒකිට ආදරෙයි නේ ඕයි ..”

” හරි අයියේ හරි … හරි …”

සිහිනි හැඬුම් නවතාගෙන කාමරයෙන් පිටතට ගියාය. අයියා උමතු වන්නට යන්නේ යැයි ඇයට බයක් දැනුනි. තව වැඩි වෙලා යන්නට යලින් අයත්මාගේ අයියා මෙහි පැමිණි පසු උදාවන තත්වය සිහිවෙත්ම ඇගේ බිය දෙඟුන විය,

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles