පොඩි බඩගින්නට මහත් නොවී කන්න රස ගුණ පිරි ස්නැක්ස්

ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගෙන හැඩැති සිරුරක් ලබාගැනීම වෙනුවෙන් නිවැරදි ලෙස ආහාර පාලනය කිරීම කියන්නේ ඉතාම වැදගත් කාරණාවක්.

නමුත් මෙහිදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි ප්‍රධාන ආහාර වේල් අතර එන පොඩි බඩගින්න. ශරීරයේ බර අඩුකරගන්න වෙහෙසෙන ඔබ මෙහිදී වඩා සැළකිලිමත් විය යුතුයි.

මොකද? බොහෝවිට අපි ආහාරයට ගන්න කෙටි ආහාර (snacks) කාබෝහයිඩ්‍රේට්, සීනි,ලුණු සහ රසකාරක වැඩිපුර අඩංගු ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි කරන වගේම සෞඛ්‍යමත් නොවන ආහාර වීම නිසයි.

ඉතිං අද අපි ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් වෙන්නෙ ආහාර පාලනය කරන ඔබට ප්‍රධාන ආහාර වේල් අතරට එකතු කරගන්න පුළුවන් සෞඛ්‍යමත් වගේම ඔබේ බර අඩු කරගන්නත් උපකාරී වෙන කෙටි ආහාර (snacks) වර්ග කීපයක් ගැනයි. 

Banana – oats cookies (කෙසෙල් ඕට්ස් බිස්කට්) 

Banana Oatmeal Cookies - Preppy Kitchen

කැලරි ප්‍රමාණය – 43

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ඉදුණු කෙසෙල් ගෙඩි 02 ක්
  • ඔට්ස් කෝප්ප 01 ක්
  • අවශ්‍ය නම්, 
  • කුරුඳු කුඩු මේස හැඳි 01 ක්
  • මුද්දරප්පලම් අහුරක්
  • කැබලි කරගත් රටකජු හෝ කජු අහුරක්
  • රෝස් කරගත් තල ස්වල්පයක් එක් කරගත හැක.

සදාගන්නා අකාරය

  • ඔබේ අවන් එක සෙල්සියස් 180/ ෆැරන්හයිට් 360 ට රත් වීමට තබාගන්න.
  • බේකින් තැටියකට තෙල් කඩදාසියක් දමා පිළියෙල කර පසෙකින් තබා ගන්න. අවශ්‍ය නම් බටර් ස්පල්පයක් ආලේප කර ගන්නත් පුළුවන්.
  • භාජනයක් ගෙන ඉදුණු කෙසෙල් ගෙඩි එයට එක් කරගෙන ඒවා හොඳින් පොඩි කරගන්න.
  • ඕට්ස් කෝප්පය සමඟ ඔබේ කැමැත්ත අනුව තෝරාගත් අනෙක් ද්‍රව්‍ය සියල්ල එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.
  • පිළියෙල කරගත් බේකින් තැටිය මතට හැන්දකින් ආසන්න වශයෙන් එකම ප්‍රමාණයකින් වෙන සේ මිශ්‍රණයෙන් ස්වල්පයක් බැඟින් දමා ගන්න.
  • විනාඩි 15 ක් 20 ක් පමණ කාලයක් බේක් කරගන්න. 
  • නිමුණු පසු ආහාරයට ගන්න ඔබට පුළුවන්. 

Roasted cinnamon –  honey chickpeas (කුරුඳු හා පැණි දැවටූ රෝස් කරගත් කඩල)

Honey Cinnamon Roasted Chickpeas | Roasted Chickpea Recipe

කැලරි ප්‍රමාණය – 125 (one can of chickpeas) 

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් කඩල ඔබට අවශ්‍ය පමණට
  • මී පැණි 
  • කුරුඳු කුඩු ස්වල්පයක් 
  • ඔබ කැමති තෙල් වර්ගයකින් මේස හැඳි 01 ක්  ( ඔලිව් තෙල් නම් වඩා හොඳයි)
  • අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක් පමණ

සාදාගන්න ආකාරය

  • ෆැරන්හයිට් අංශක 450 ක උෂ්ණත්වයට ඔබේ අවන් එක රත් කරගන්න.
  • බේකින් තැටියක් මතට තෙල් කඩදාසියක් අතුරා පසෙකින් තබන්න.
  • භාජනයක් ගෙන එයට තම්බාගත් කඩල ටික දමාගෙන එයට තෙල් ස්පල්පයක් කුරුඳු කුඩු ස්පල්පයක් සමඟ අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. 
  • මිශ්‍රණය බේකින් තැටියට දමා හොඳින් අතුරා කලින් රත් කරගත් අවන් එකේ විනාඩි 20 ක් පමණ බේක් කරගන්න.
  • නිමුනු පසු හුළං නොවැදෙන සේ භාජනයක අසුරා තබාගත හැකිය.
  • ආහාරයට ගන්නා අවස්ථාවේදී මී පැණි ස්පල්පයක් කලවම් කර ආහාරයට ගත හැකිය. 

පොප්කෝන් (pop corn)

සිරුරට ගුණ පොප් කෝන් | දිනමිණ

කැලරි ප්‍රමාණය – 143

අවශ්‍ය ද්‍රව්‍ය

  • වේලාගත් බඬ ඉරිඟු ඇට මේස හැඳි 02 ක් පමණ
  • ඔලිව් ඔයිල් හෝ ඔබ කැමති තෙල් වර්ගයකින් මේස හැඳි 01 ක් 
  • අවශ්‍ය නම් ලුණු ස්වල්පයල්

සාදාගන්නා ආකාරය

  • මුලින්ම භාජනයක් ලිප තබා එයට ඔබ කැමති තෙල් වර්ගයක් එකතු කරගන්න.
  • තෙල් රත් වූ විට එයට ලුණු ස්වල්පයක් දමා වේලාගත් බඬ ඉරිඟු ඇට එකතු කරගන්න.  
  • පියනකින් වසා ටික වේලාවක් තැබූ විට භාජනය ඇතුලින් පොප් හඬ නඟමින් බඬ ඉරිඟු ඇට පිපිරෙන හඬ ඔබට අසන්නට ලැබේවි.
  • මෙහිදී විනිවිද පෙනෙන පියනකින් වැසීම ඉතා යෝග්‍යයි. 
  • පිපිරුණු පසුව සුදුපාට වුන බඬ ඉරිඟු ඇට ඉවතට ගෙන ආහාරයට ගන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles