බාහිර අවධානය අනවශ්‍ය ලෙස බලාපොරොත්තු වීමෙන් අසතුටට පත් වන්නේ ඔබමයි

පසන් වාහනය ඉදිරියට ධාවනය කරන්න පටන් ගත්තේ ආන්‍යා දෙස නොබලමින්.අද පසන්ගේ උපන්දිනය වූ අතර ඔහුගේ නිවසේදී පැවැත්වූ උපන්දින සාදය පුරාම ආන්‍යා සිටියේ සිය මුහුණ එල්ලාගෙන.
පසන්ගේ පෙම්වතිය ලෙස ඇය වෙතට සියල්ලන්ගේම අවධානය යොමුවූ අතර නොරුස්සනා ස්වභාවයෙන් ඇය සිටීමට හේතුව පසන්ට පවා සිතා ගත නොහැකි වී තිබුණත් අතිශයින් කාරුණික පසන් සිතා මතාම එය නොසලකා හැරියේ එයට හේතුව පවා ඇයගෙන් නොවිමසින්.
ඔහුගේ එම හැසිරීමද ඇයගේ මහත් කෝපයට ලක්වූ අතර ටැක්සියක් කතා කරගත් ආන්‍යා කිසිවෙකුගෙන් හෝ සමුනොගෙන නික්මී ගියේ සියල්ලම තවත් අවුල් කරමින්.

ආන්‍යා සුන්දර යුවතියක්.කුඩා කාලයේ සිටම පවුලේ එකම දියණිය ලෙස හැදුනු වැඩුනු ඇය උසස් රැකියාවක නිරත වෙමින් ඉහළ වැටුපක් ලබා ගත්තා.
වත්කම් වලින් පිරුණු ජීවිතය ක්,මුදල් හදල් සහිත කරුණාවන්ත දෙමාපියන්,උසස් රැකියාවක නියුතු කඩවසම් පෙම්වතෙක් ආදී සෞභාග්‍යමත් ජීවිතයකට අවැසි සියල්ලම ඇය සතු වුවත් ඇය සිටියේ කිසිම සතුටකින් නොවෙයි.
ඇය නිතරම අන්‍යයන් ගේ අවධානය නිරන්තරයෙන් ම බලාපොරොත්තු වුණා.එසේ නොවුන අවස්ථාව න් දරා ගන්නට ඇයට නොහැකි වුණා.ෆේස්බුක් ස්ටේටස් එකකින් පවා ඇය විශාල ලයික්ස් ගොඩක්,හාට් ගොඩක් බලාපොරොත්තු වුණා.ඇය කළ සියල්ලම ඔස්සේ ඇයට අවශ්‍ය වුනේ වෙන කිසිවක් නෙවේ අවධානය ලබා ගැනීම.
මේ නිසා ඊර්ෂ්‍යා පරවශව,නොරිස්සුමින් වගේම පිටතට පෙන්වන ස්වීට් මුහුණ සැබැවින්ම අභ්‍යන්තරයේ නොපවත්වා ගනිමින් අසහනදායක ජීවිතයක් ගෙවන්න ට ඇයට සිදුවුණා.

මම මෙහෙම අහන්න කැමතියි.

1.ඔබ ආන්‍යාද?
2.එහෙම ත් නැත්නම් ආන්‍යා වැනී කී දෙනෙක් ඔබේ මිතුරු ලැයිස්තුවේ සිටිනවාද?

ඔබ ආන්‍යා වැනි කෙනෙක් නම් ඔබේ ඊගෝ එක පිළිබඳ ව තමාගෙන් ම ප්‍රශ්න කරගන්න.පුංචි නෝට් බුක් එකක් රැගෙන දවසේ ඔබ අපහසුවෙන් සිටින සෑම අවස්තාවක්ම,එයට හේතුව,ඔබ වටා සිටි අයගේ ප්‍රතිචාර ,අපහසුව දින කීයක් පැවතුනිද යන්න වගුවක දිනය සමග සටහන් කරගන්න.මොකද මුලින්ම තමන් අපහසුවෙන් සිටින අවස්ථාවන් හදුනා ගැනීම හරිම වැදගත් නිසා.ඒවගේම හේතුව සහ කොපමණ කාලයක් එම අපහසුවෙන් ඔබ සිටියාද කියන එකත් හරිම වැදගත්.ඒවගේම මෙන්න මේ දේ දැන ගැනීමත් හරිම වැදගත් .

සාමාන්‍යයෙන් අධික අවධානය බලාපොරොත්තු වෙන අය එහෙම නැත්නම් Attention seeking behaviour සහිත අය තමන් මේ වගේ අයද කියලා තනිවම ස්වයං අධ්‍යයනයක යෙදිලා බලන්න.

1.jealousy
2.low self esteem
3.lonliness

මෙයින් නිවැරදිව ඔබ අයත් කාණ්ඩය හඳුනාගැනීම හඳුනා ගැනීම හරිම වැදගත් .ඒ ඔස්සේ ඔබේ අපහසුව හඳුනාගන්න හඳුනා ගන්න ඔබට පුළුවන් .නමුත් සමහර අවස්ථා වලදී මෙය රෝගී තත්ත්වයක් ලෙස ද ලෙසද හඳුන්වන්නට පුළුවන් .එය Cluster B personality disorders ලෙස හඳුන්වනවා.මෙය ප්‍රතිකාර අවශ්‍ය තත්වය ක් නිසා වෘත්තීයවේදීන්ගේ පිහිට පැතීම වඩාත් සුදුසුයි.

ඉතින් ,සමහර විට අප සමාජයේ දී මෙවැනි අය හමුවූවත්
“අනේ එයා පොඩි එකෙක් වගේ ආදරේ බලාපොරොත්තු වෙනවා “
“කේන්ති ගියාට හරි ඉක්මනින් යාලු වෙනවා ,මට ආදරය හින්ද නේ ඉතිං ඔය කොයි එකත් “
“එයා හරිම sensitive “
“පවුලේ එකම ගෑනු ළමයා නේ “
“ආදරේ කරද්දි එහෙම තමයි අනිත් අය ගැන ඉරිසියා හිතෙනවා “

එවැනි මත ඉදිරිපත් කරමින් එවැනි අවස්ථා සාධාරණීකරණය කරමින් නොතකා හරින නිසා බොහෝවිට එවන් අපහසුතා ඔඩුදිවීම ප්‍රතිඵලය වන්නේ විවාහක යුවළක් නම් දික්කසාදය දක්වා ගමන් කිරීමත් ,විවාහ නොවූ යුවලක් නම් සම්බන්ධය නැවතීමත් සිදුවෙනවා.

ඉතින් අප දන්නවා ,ඔබට ආන්‍යා ලෙස හැසිරීමට අවශ්‍ය නොවන බව ,නමුත් ඔබ ඇය විය හැකිද බව .එහෙනම් මෙතනින් ඉදිරියට කළ යුතු දෙයත් ඔබ දන්නවා .

Related Articles

Don't Miss


Latest Articles