අම්බානි පවුලට පහුගිය දවස්වල ලැබුනෙ එසේ මෙසේ spotlight එකක් නෙවෙයි. සියවසේ විවාහය කියල හැඳින්වෙන සෑහෙන විය හියදම් කරල දවස් ගාණක් ලෝකෙ පුරාම ඉන්න තරු පිරිවරාගෙන පවත්වපු අනන්ත් – රාධිකා විවාහය හන්දා අම්බානි පවුල තමයි පහුගිය ටිකේම Social Media Dominant කරගෙන ඉඳියෙ.
හැබැයි අපි අද නම් කතාකරන්න යන්නෙ අනන්ත් – රාධිකා විවාහය ගැන නෙවෙයි. අනන්ත්ගෙ හීනයක් ගැන. කෙනෙක්ට නම් හිතෙන්න පුලුවන් “ඔච්චර සල්ලි තියෙන මිනිස්සුන්ට හීන දැක දැක ඉන්න ඕනය? හැබෑකරගන්න බැරි මොකෝ?” කියල. ඉතින් ඒ වගේම හෙමින් හෙමින් හැබෑ කරගනිමින් ඉන්න අනන්ත්ගෙ හීනයක් ගැන තමයි අපි අද කතාකරන්න යන්නෙ.
අනන්ත් අම්බානි කියන්නෙ Reliance Industries හි සභාපති Mukesh Ambani සහ Reliance Foundation නිර්මාතෘ සහ සභාපතිනී Nita Ambani ගේ බාල පුතා කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් මෙයාලට සල්ලිවලින් නම් අඩුවක් නෑ.
පහුගිය කාලෙම තමන්ගෙ විවාහයේ වැඩකටයුතු එක්ක අතිශයින්ම කාර්යබහුල උනත් තමන් ඉතාම ආසාවෙන් කරන, තමන්ගෙ ලොකුම ලොකු හීනයක් වෙච්ච Vantara Project (වනාන්තරයේ තාරකාව) එක ගැන CNN News එක්ක බෙදාගන්න අනන්ත් අමතක කරන්නෙ නෑ. ඉතින් මේ කතාව අහන කෙනෙක්ට නම් හිතෙන්නෙ එකම එක දෙයයි. ඒ තමයි අනන්ත් අම්බානිගෙ හිත තියෙන්නෙ Vantara ළඟ ද කියන එක?
ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න තමයි ඔන්න අපි අද හදන්නෙ.
Vantara Project එක කියන්නෙ සතුන්ව ගලවා ගැනීම, ප්‍රතිකාර කිරීම, රැකවරණය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් ආරම්භ කරපු වැඩසටහනක්. තුවාල වූ, අපයෝජනයට ලක් වූ සහ තර්ජනයට ලක් වූ සතුන් පුනරුත්ථාපනය කිරීම මේ Vantara Project එක ඔස්සේ සිදුකෙරෙනවා.
ගුජරාට් හි රිලයන්ස් හි ජම්නගර් පිරිපහදු සංකීර්ණයේ හරිත තීරය තුළ පිහිටලා තියෙන මේ Vantara ගෝලීය වශයෙන් සංරක්ෂණ ප්රයත්නයන් සඳහා ප්රමුඛ දායකත්වයක් සපයන්නෙකු වීම තමයි අරමුණු කරගන්නෙ. සත්ත්ව රැකවරණය සහ සුභසාධනය පිළිබඳ ප්රමුඛ විශේෂඥයින් සමඟ වැඩ කිරීමෙන්, Vantara විසින් ගලවා ගත් සත්ත්ව විශේෂයන්ට වර්ධනය වීමට ස්වභාවික, පොහොසත්, සහ සශ්‍රීක වාසස්ථාන අනුකරණය කරන විශාල ඉඩක් වනාන්තරයක් වැනි පරිසරයක් බවට පරිවර්තනය කරනවා.
ඉතින් CNN News වලට ආව අනන්ත් තමන්ගෙ මේ Pet Project එක ගැන අහපු ප්‍රශ්නවලට මෙන්න මේ වගේ උත්තර තමයි දීලා තියෙන්නෙ.
අනන්ත් මම කැමතියි පලවෙනි ප්‍රශ්නෙ විදියට දැනගන්න මේ අපි ඉන්නෙ කොහෙද කියලා?
දැනට, ඔයා ඉන්නෙ අපගේ විශාල සත්ව ශල්‍යාගාරයේ. මේ අපේ රෝහල. එය වර්ග අඩි ලක්ෂ එකහමාරක් පුරා පැතිරිලා තියෙනවා. ඔයාට පේනවා ඇති අපේ ගෑස් නිර්වින්දන යන්ත්‍රයක් තියෙනවා.ඒ විතරක් නෙවෙයි අපි සතුව අති නවීන මෙහෙයුම් වගුව, මෙහෙයුම් විදුලි පහන් තියෙනවා. අපට රොබෝ සැත්කම් කළ හැකි සම්පූර්ණ රොබෝ එන්ඩොස්කොපික් යන්ත්‍රයක් තියෙනවා. අපිට වාතාශ්‍රය තියෙනවා. නවීනතම සෑම දෙයක්ම අපි ලඟ තියෙනවා. මම පුද්ගලිකව මෙතරම් පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් දැකලා නැහැ. මෙතන ගොඩනගන්න කලින්, මම ලෝකෙ පුරා තියෙන පහසුකම් සහිත සත්ත්ව ශල්‍යාගාර 30 හෝ 40 කට වඩා හොයල බලලා තියෙනවා. ඒ දැනුම යොදාගෙන තමයි මම මෙතන ගොඩනැගුවෙ.
මං කැමතියි අනන්ත් දැනගන්න ඔයාගෙ මේ Vantara Project එකේ හීනෙ කොහොමද ගොඩනැගුණෙ කියල?
මගේ අම්මා තමයි මට හැමදේටම හැමදාම ලොකුම හයිය දුන්නෙ.මම පොඩි කාලෙ අම්මා එක්ක දවසක් ගමනක් යමින් ඉද්දි මම දැක්කා ඇතෙක් පාරෙ ඇවිදගෙන යනවා. ඒ ඇතා පාරෙ ටිකක් අමාරුවෙන් තමයි ඇවිදගෙන ගියේ. මට තේරුණා ඒ ඇතා මොකක් හරි අසනීපයකින් ඉන්නෙ කියල. ඒ වෙලාවෙ මම අම්මට කිව්ව අපි ඒ ඇතාව බේරගන්න ඕන කියලා. ඒ විදියට තමයි මම මේ project එක පටන්ගන්න හීනය දැක්කෙ. ඒ තමයි අපි බේරගත්ත පලවෙනිම සතා. මුල් කාලෙ අපි දන්නෙ නැහැ අපි මොනවද කරන්න ඕන, සතෙක්ට කන්න බොන්න දෙන්න ඕන මොනවද කියලවත්. කාලයක් යද්දි තමයි අපි ඒ හැමදේම Research කරලා ඉගෙන ගත්තෙ.ඒ හැමදේටම අපිට අවුරුදු දහයක් වගේ ලොකු කාලයක් ගියා. හැබැයි ඒ කැපකිරීම්වල ප්‍රතිඵලයක් විදියට අපි අද ඉහළම තාක්ශණික දැනුම සහ පහසුකම් තියෙන තැනක්.
අපි ගාව අද සේවකයන් 300-400 වගේ ඉන්නවා. ඒවගේම අපි අක්කර 2500කට වඩා වැඩි ප්‍රමාණයක පැතිරිලා තියෙනවා.
මේක පිහිටල තියෙන්නෙ ජම්නගර් වල. ජම්නගර් වලම තමා ඔයාලගෙ පිරිපහදුව පිහිටල තියෙන්නෙත්
ඔව්.මේක ඇත්තටම මගේ තාත්තගෙ සහ සීයගෙ හීනයක් කියල කියන්නම ඕන. එයාලා සෑහෙන වෙහෙස මහන්සි වෙලා වැඩ කරල තියෙනවා මේ හැමදේම ගොඩනගන්න.ලෝකෙ විශාලම පිරිපහදුව තියෙන්නෙ අපිට. ලෝකෙ ලොකුම නව බලශක්ති බලාගාරය මෙතන හදන්න තමයි අපේ ප්ලෑන් එක. අපේ තාත්තල මේ හැමදේම ගොඩනැගුවෙ පොඩිම තැනින් පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි අපේ ආයතනවල වැඩ කරන මිනිස්සුන්ට පදිංචි වෙන්න වෙනම නගරයක් පවා අපේ අම්මල හැදුවා. ඒ නගරය මුලින් නිසරු කාන්තාරයක්.මගේ දෙමව්පියන්ට තමා ඉතින් මම මුලින්ම මේ හැමදේකටම ස්තුතිවන්ත වෙන්නෙ.
පුංචි කාලෙ ඉඳල අනන්ත් දැක්ක හීනයද මේ පොඩ්ඩ පොඩ්ඩ හැබෑ වෙන්නෙ?
අපේ තාත්තා කියන්නෙ වනාන්තර පිස්සෙක්. ඒ නිසා පුංචිකාලෙ ඉඳල අපිටත් ඒ Experience එක හොඳටම ලැබුනා. පොඩිකාලෙ අපි ගියපු හැම ට්‍රිප් එකක්ම වගේ ගියේ වනාන්තර බලන්න. අප්‍රිකාව, රන්තම්බෝර් සහ කන්හා, බන්ධව්ගාර් සහ කසිරංග වනාන්තර හැර වෙන කිසිම තැනකට අපි නිවාඩුවක් ගෙවන්න ගිහින් නෑ.
තාත්තා අපිව එක්කරගෙන ගියේම මේ වගේ වනාන්තර බලන්න. ඉතින් එයාලා තමයි ඇත්තටම මගේ මේ ආශාව පිටිපස්සෙ ඉන්නෙ. වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ 50-60 කට වඩා අපි ලඟ මේ වෙද්දි ඉන්නවා.
විවිධ පසුබිම් වලින්, සර්කස් වලින්, මාර්ග අනතුරු වලින්, සත්ව-මිනිස් ගැටුමෙන්, ජනාකීර්ණ සත්වෝද්‍යාන වලින් තමයි අපි එයාලව ගලවගෙන අරගෙන ඇවිත් තිය්න්නෙ. අපි දකුණු අප්‍රිකාවේ දඩයම් ලැගුම්හල්වලින් සහ වෙනත් ස්ථානවලින් සතුන් බේරාගෙන තිබෙනවා. ඉතින් අපි ඒ අයව බේරගන්න අතරේ මට හිතුනා අපිට නවීනතම රෝහලක් ඕන කියලා. අපට නවීන පහසුකම් අවශ්‍යයි. මට උන්ව කූඩුවල තියන්න ඕන නෑ. මම ඔවුන්ව ස්වභාවික වාසස්ථානවල තබා ගැනීමට අවශ්‍යයි. ඒ නිසා අපි ගොඩක් මහන්සි වුණා. මම මගේ හැකියාවෙන් උපරිමයෙන් ස්වභාවික වාසස්ථාන වලට ගැලපෙන්න අනුකරණය කරලා තියෙනවා. ඒ වගේම මගේ කණ්ඩායම මට වඩා වැදගත්. මෙතන අපි වනජීවී අභයභූමියක් නිර්මාණය කරලා තියෙනව වගේම, සෑම තැනකම ජෛව විවිධත්වයක් තියෙනවා, ශාකවල සිට ජලය දක්වා පාෂාණ පවා. ඒවගේම ලොග් කරලා තියෙන්නේ මුලින් සත්තු ආපු තැනින්. අපි උත්සහ කරන්නේ ඉන්දියාවේ කිසිදු වන සතෙකු වහල්භාවයේ නොසිටිය යුතු අතර කිසිදු වන සතෙකුට ප්‍රතිකාර නොකර නොයා යුතු බව.
සතුන් විශාල ප්‍රමාණයකට කන්න බොන්න දෙන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒ වෙනුවෙන් මොකද කරන්නෙ?
අපි ලඟ අලියන් ඉන්නව 200කට කිට්ටු වෙන ප්‍රමාණයක්. ඉතින් ඇත්ත අපිට විශාල ආහර සංචිතයක් අවශ්‍ය වෙනවා ඒ වෙනුවෙන්. ඒ නිසා අපි අපේ බොහෝ දේ දේශීයව වගා කරනවා. ඒ නිසා අපි දේශීය ගොවීන්ට උදව් කර තිබෙනවා. ඒ නිසා අපි ඒ අයට කියනවා අපේ අලින්ගෙන් ලැබෙන කාබනික පොහොර ගොවීන්ට දෙන්න කියලා. ඒ නිසා ඔවුන්ටත් ආර්ථිකයක් තිබෙනවා. අපි ආහාර වගා කරනවා. අලියෙකුට දිනකට ආහාර කිලෝ 200ක් වගේ ඕන වෙනවා. ඉතින් අපිට අලි 200ක් ඉන්නවා. කොච්චර කෑම ප්‍රමාණයක් ඕනද කියල හිතලා බලන්නකො. ඉතින් හැම දෙයක්ම ඉන්දියාවේ හදනවා, ඉන්දියාවේ වවනවා, පුළුවන් තරම් දේශීයව වවනවා.
ඉතින් මේ සම්බන්ධයෙන් අනන්ත්ගෙ අනාගත බලාපොරොත්තු මොනවද?
Vantara කියන්නෙ සත්තුන්ට අභය භූමියක් විතරක්ම නෙවෙයි. මේක අධ්‍යාපන මධ්‍යස්ථානයක් වෙනවා. දන්නා පරිදි බේරාගත් අලි ඇතුන් 200කට වඩා අප සතුව ඉන්නවා. බේරාගත් දිවියන් 150කට වැඩි ප්‍රමාණයක් අප සතුව ඉන්නවා. මේක අධ්‍යාපන මධ්‍යස්ථානයක් වෙන්නෙ ඒ සතුන්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයක් නිසා. අපි මහජනතාවට විවෘත කිරීමට නියම වේලාව එනතුරු තමයි බලන් ඉන්නෙ. අපට කූඩු සංකල්පය අවශ්‍ය නැහැ. මිනිස්සු ඇවිත් බලනවාට අපි කැමති නැහැ. විනෝදාස්වාදය සඳහා සතුන් භාවිතා නොකළ යුතුයි කියන අදහසේ තමයි මම ඉන්නෙ.
ඉතින් මගේ බලාපොරොත්තුව මේ Vantara Project එක තව දියුණු කරලා තවත් සතුන් විශාල ප්‍රමාණයකට යහපත් ජීවිතයක් ලබා දෙන එක. ඒ ඔස්සේ අපේ මිනිස්සුන්ගෙ ජීවිතය තව තවත් නගා සිටුවන එක.