නොවිසඳුණ කෙඩී කැබින් අභිරහස

කිසිම සාක්ෂියක් ඉතුරු නොවී  සිදු කෙරිලා අන්තිමේදී නොවිසඳුණු අභිරහස් ගොඩට වැටුණ සිදුවීම් ගැන අපි ඔබ එක්ක කිහිප වතාවක්ම බෙදාගෙන තියෙනවා. අපි මේ අද කියන්නේත් එහෙම අභිරහසක් ගැන. ඒ ලෝක ප්‍රසිද්ද කෙඩී කැබින් නොවිසඳුණ අභිරහස.

1979  අවුරුද්දේදී, සූ ශාප්  සහ ඇගේ දරුවන් පස්දෙනා වුන ජෝන්, ශෙයිලා, ටීනා,රික් සහ ග්‍රේග් සූගේ හිංසාකාරී ස්වාමිපුරුෂයා ගෙන් බේරෙන්න  කනෙක්ටිකට්  නගරය වෙතින් පලා ගිහින්  ඇගේ සහෝදරයාගේ නිවසේ  ජීවත් වීමට කැලිෆෝනියාවේ Quincy වෙත පදිංචියට යනවා. එහෙදි සූ ජීවත් වීම සඳහා ආදායම හොයාගන්න රැකියාවන් කිහිපයක්ම කරනවා. එහේ මුල් කාලය ටිකක් කටුක වුනත් හිතේ සැනසීම එක්ක සූට වෙහෙසිලා වැඩ කරන්න පුලුවන්කම ලැබෙනවා. ඒ හින්දාම සූ ලා ටික කාලයකින් යම් ආදායමක් උපයා ගන්න සමත් වෙනවා. ඉන් පස්සේ සූ තමන්ගේ දරුවන් පස් දෙනා එක්ක කැබින් 28 කියන නිවාස සංකීර්ණයේ කුඩා නිවසක් මිලයට ගන්නවා. 

ඔවුන් දැන් ජීවත් වෙන්නේ කුඩා, හුදකලා නගරයක වුනත්, ඔවුන්ගේ නිවස ඔවුන් කලින් ජීවත් වුන සූ ගේ සහෝදරයාගේ කුඩා කාමරයට වඩා විශාල සහ සුව පහසුකම අතින් ඉහල එකක් වෙනවා.   ඒ හින්දාම හය දෙනා එක්ක ජීවිතේ අලුතින් පටන් ගන්න සූදානම් වෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙන් ඈත් වෙලා ගෙවන ජීවිතය ගැන සූ ඉන්නේම අප්‍රමාණ සතුටින්.

1981 අප්‍රේල් 11 වන දින හවස මේ පවුලේ  දරුවන්ගේ මිතුරන් දෙදෙනෙකු වන ඩනා වින්ගට් සහ ජස්ටින්, කැබින් 28 නිවසේ  කෙඩී පවුල සමඟ නැවතෙන්න එනවා. ඒ රැය පහන් කරන අදහසත් එක්කමයි.  ඒත් ඒ රැය පහන් කරලා පහුවෙනිදාට ඇහැරෙන්න සූ ට ඉඩ ලැබෙන්නේ නැහැ.

අසල්වැසියෙකුගේ නිවසේ රාත්‍රිය ගත කරපු  14 හැවිරිදි ශෙයිලා  පහුගිය දවසේ උදේ ගෙදර ආවාම දකින්නේ බියකරු දර්ශනයක්.  ඇගේ 36 හැවිරිදි මවගේ, ඇගේ 15 හැවිරිදි සොයුරාගේ සහ  ඔවුන්ගේ මිතුරාගේ   ලේ වැගිරීම්  එක්ක තිබුන සිරුරු දකින  ශෙයිලා ඉතාම කම්පනයට පත් වෙනවා.

බිත්තිවල, දොරවල්වල, සිවිලිමේ සහ ආලින්දයේ හරස්  පීලිවල  වගේම බිත්තිවල පිහි සලකුණු විදියට ඇදිලා තිබුන  දේවල පවා රුධිරය ගෑවිලා තියෙන බව දකින ශෙයිලා එහෙමම ආපසු හැරෙනවා.ඇයට ඔක්කාරයට පවා එනවා.

ඒ අතරේ  ලේ වැගිරෙන මිටියක් සහ ස්ටීක් පිහියක් බිම වැටිලා තියෙන බවත් ඇය දකිනවා. ඇය ඒ සියල්ල පසු කරන්නේ හිතේ ධෛර්යමත් බවින්.

මෙම බිහිසුණු සොයාගැනීමෙන් කම්පනයට පත් වෙන ශෙයිලා උදව් පතා ඇය සමඟ පෙරදා රාත්‍රිය ගත කළ පවුල වූ සීබෝල්ට්ස්ගේ නිවසට දුවගෙන යනවා.

 ජේමි සීබෝල්ට් සහ නිවසේ   වැඩිමහල් පුතා, ශෙයිලා එක්ක නැවතත් ශෙයිලාගේ ගෙදර යනවා.  ඔවුන් රික් සහ ග්‍රෙග්ගේ නිදන කාමරයේ ජනේලයයෙන් එබිලා බලනකොට පිරිමි ළමුන් ආරක්ශිතව නිදාගෙන ඉන්න බව දකිනවා.

ජේමි රික් (10), ග්‍රෙග් (5) සහ ජස්ටින් (12) ට නිදන කාමරයේ ජනේලයෙන් පිටතට නැඟීමට උදව් කරලා ඔවුන් කාමරවලින් පිටතට ගන්න ජෙමී,   ඔවුන් වහාම තමන්ගේ නිවසේ නවතනවා. මේ අතරේ කැබින් එකෙන් අතුරුදන් වුණ ටීනාගේ  ඇඳ ඇතිරිලි ලේ වලින් තැවරී තිබුනත්, 12 හැවිරිදි  ගැහැණු දරුවා පිළිබඳ කිසිදු සලකුණක් හොයාගන්න බැරි වෙනවා.
 
සාක්ෂි දෙනකොට  පිරිමි ළමයින් තිදෙනාම කියන්නේ, ඔවුන් රාත්‍රිය පුරා නිදාගෙන සිටි බවත්, කිසිදු බාධාවක් ඇසුණේ නැති බවත්. ඒත් පොලිසිය කියන්නේ ප්‍රහාරයන්ගේ ස්වරූපය අනුව එය කිසිලෙසකින්වත් විය නොහැකි බව.

සූ ගේ නිසල සිරුරේ ඉණේ සිට පහළට නිරුවත් වූ නමුත් ලිංගික අතවරයට ලක් වූ බවට කිසිදු සලකුනක් නැති බවත් හොයාගන්නවා.  මියගිය තිදෙනාගෙන් සෑම කෙනෙකුම ගෙල බැඳ විදුලි රැහැන් සහ වෛද්‍ය ටේප් වලින් බැඳලා දාලයි තියෙන්නේ.  කොහොම වුනත්  සූ ගේ  ශරීරයේ විතරයි ආරක්ශාව සඳහා සටන් කල බවට හෙලිවන සලකුණු  හමුවෙන්නේත්. සූගේ ගෙලට සහ පපුවට පිහියකින් කිහිප වතාවක්ම පහර දීලා හිසට මිටියකින් පහරදීලා තියෙන බවත් හොයාගන්නවා.

සූ ගේ අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය ඉතා ඉක්මනින් කටයුතු සූදානම් කරත් ඒකෙන් සැලකිය යුතු උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිවසට බලහත්කාරයෙන් ඇතුලු වූ බවට ඉඟියක් පොලිසියට හමුවෙන්නේත් නැහැ.

කොහොම හරි පරීක්ෂණයේ මුල්ම සැකකරුවා වෙන්නේ සූගේ  දරුවන්ගේ මිතුරෙකු වෙන ජස්ටින්ගේ සුලු පියා වෙන මාටින්. මාටින් සහ ඔහුගේ බිරිඳ මර්ලින් සූට මුණ ගැහෙන්නේ ඇය යතුරු ලියනය කිරීම ආශ්‍රිත රැකියාවක් කල ස්තානයකදී. මාටින් නිසා ඉතාම දැඩි විදියට ගෘහස්ත ප්‍රචණ්ඩතාවට මුහුන දෙමින් ඉන්න මර්ලින්ට මාටින්ගෙන් වෙන් වෙන්න කියලා සූ කිහිප වතාවක්ම කියලා තියෙන බවත් වැඩි දුර ප්‍රශ්න කිරීම් වලින් හෙලි වෙනවා.  

මාටින් සූව මරා දමන්න තීරණය කරන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති කියලා පොලිසිය සැක කරනවා. ඒ වගේම විමර්ෂණවලදී සූ සහ මාටින් අතරේ තිබුන යම් අනියම් ඇසුරක් ගැනත් තොරතුරු හෙලි වෙනවා.

නඩුව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යනවා. එතැනදී මාටින් සේවය කල ගරාජයෙන් මිටි දෙකක් අතුරුදන් වුන බවට ස්වාධීන සාක්ශියකුත් ඉදිරිපත් වෙනවා. ඊට ටික කාලෙකට පස්සේ මාටින්ගේ සුලු පුතා වෙන ජස්ටින් එදා සිදුවීම ගැන තමන්ට බයංකර සිහින පෙනෙන බව කියලා මානසික වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ගන්නවා. එතැනදී ඔහුව මෝහනය කෙරෙනවා. ඔහු විසින් හෙලි කරපු විස්තර වලට අනුව පුද්ගලයන් දෙදෙනෙකුගේ රූ සටහන් ඇන්දත් ඒවා මාටින්ගේ රුවට ගැලපෙන්නේ නැහැ.

මේ අතරේ මර්ලින් මාටින්ගෙන් වෙන් වෙනවා. මාටින් නෙවාඩෝ කියන ප්‍රදේශයට පදිංචියට යනවා. ඒ ගිය අතරේ මුණ ගැහෙන උපදේශකවරයෙකුට ඔහු පාපොච්චරනයක් කරනවා. එතැනදී ඔහු කියනවා සූ මරා දැමීම තමා කල බවත් අනෙක් පිරිමි ලමයි දෙදෙනාගේ මරණ වල වගකීම හෝ අතුරුදන් වුන ගැහැණු ළැමයාගේ මරනයේ වගකීම තමාට ගත නොහැකි බව. සිදුවීම නොවිසඳෙමින් කල් ඇදෙනවා.

ඊටත් අවුරුදු කිහිපයකට පස්සේ පොලිසියට හදිසි ඇමතුමක් එනවා. 

” ලීසාගේ කියලා සැක කරන්න පුලුවන් ඇටකටු හමුවුනා. ..”

ඇමතුම්කරු පවසන ස්ථානයට ගියාම පොලිසිය ට ඇට කටු, හිස් කබල්  කැබලි දකින්න ලැබෙනවා. ඒත් ඒ ඇමතුම දුන්නේ කවුද කියන එක මේ වෙනකොටත් අභිරහසක් විදියටයි තියෙන්නේ. ඩී එන් ඒ පරීක්ෂණය ඒ කොටස් ලීසාගේ බවම තහවුරු කරනවා.

මේ අතරේ සැකය මර්ලින් දිහාවටත් යොමු වෙන්නේ ඇය විසින් ලීසාගේ මරණය ගැන එකිනෙකට පරස්පර ප්‍රකාශ පොලිසියට නිකුත් කිරීම හින්දා. ඒත් සැකය තහවුරු කෙරෙන්නේ නැහැ. 2000 දී මාටින් මිය යනවා.

ඒ සිදුවීම ට අදාල කිසිඳු සාක්ශියක් ඉන් එපිටට ඉතිරි නොවුන බව පොලිසිය තීරනය කරනවා. ඒත් ලීසාගේ මළ සිරුර අසල තිබුණ සෙලෝටේප් පටි කැබැල්ලෙන් හමුවෙන වෙනස්ම ඩී එන් ඒ නිසා සිදුවීම ගැන දන්න එක් අයෙක් හරි ලෝකේ කොහේකම හරි ඉන්න බව පිළිගන්න පොලිසියට සිදු වෙනවා.

අවුරුදු හතලිහකට වැඩි කාලයක් ඇදුන මේ නඩුව තවම නොවිසඳුන නඩුවක් විදියට වාර්තා පොත් වල ලියැවෙලා තියෙනවා

අපේක්ෂා ගුණරත්න

Related Articles

Don't Miss


Latest Articles