නුඹ තරම් ප්‍රේමයක් -30

තිස් වැනි නෙත් සැරිය

අයත්මා දිගින් දිගටම චත්‍ර මඟ හරිමින් උන්නාය. පාසැල අසල ඔහු කැබි රිය නවතා සිටින බව පෙනි පෙනීම ඇය ඒ බව නොදැක්කාක් මෙන් පාසැල තුලට යන්නට තරම් ධෛර්‍ය හුරු කරමින් උන්නාය. ඒ ඇවිද යන මඟ දිගට පසුවන කිස්වක් නොපෙනෙන තරමට නෙත් තෙත් වුවද ඕ ඒ වගක් නොපෙන්වා සඟවා ගත්තාය. 

මුල් දින කිහිපයේම ඕ සිහිනිටද මුහුන දුන්නේම නැත. අනෙක් අතට සිහිනිද උන්නේ අයත්මාව සම්පූර්ණයෙන්ම මඟ හරිමිනි. නාට්‍යයේ වැඩ කටයුතු වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව වැඩ කිරීමට සූදානම්ව සිටියද සිහිනි කල්ප හා එක්ව පසුතල නිර්මාන කොටස වෙනුවෙන් උදව් කරන්නට සිතා ගත්තාය. 

අයත්මා දකින වාරයක් ගානේ සිහිනිට පෙනුනේ අයියාගේ ජීවිතය විනාශ කිරීමට එන යක්ශණියකගේ රුවකි. අයියාගේ අතින් ඇයට වූ වරද වෙනුවෙන් අයියාට යම් දඬුවමක් හිමි  විය යුතු යැයි සිහිනි විශ්වාස නොකලා නොවේ. එහෙත් අයියා අයත්මාට ආදරය කරන තරම දැන දැනම ඒ ආදරයම විෂ වී ඔහු මිය යෑම සිහිනිට බලා සිටිය හැකි වූයේ නැත.අයියා ධෛර්යමත් කරමින් අයත්මා මුණ ගැසෙන සිතුවිල්ල ක්‍රියාත්මක කිරීමට උදව් කිරීම වෙනුවෙන් සිහිනි සැබැවින්ම පසු තැවෙමින් උන්නාය. 

චත්‍ර උන්නේ උමතුවකට  හෙලෙමිනි. එක් පසෙකින් නාම යෝජනා ප්‍රශ්නය පක්ශය තුළ වෙනමම කතිකාවතක් ගොඩ නවමින් තිබුණි. අනෙක් පසින් සිහිනි බලා උන්නේම ඇවිලෙන්නටය. අයත්මාගේ ප්‍රතික්ශේප කිරීම චත්‍රට කිසිලෙසකින්වත් ඉවසා සිටිය හැකි වූයේ නැත.

සිකුරාදා සවස අයත්මා පාසැල නිමවී යන්නට පාරට ආවාය. කල්ප එදින නිවෙස බලා පිටත්ව යෑමට නියමිතව තිබූ නිසා වරු නිවාඩු දම ඔහු පිටව ගොස් තිබුනි. අයත්මා සියල්ලන්ම මඟ හැර පාරට ආවාය. සති අන්තය නිවාඩු වීම ඇයට දැන් වදකාරී ලෙස දැනෙන්නේය. ගෙවුණු සති අන්තයේ සෙනසුරාදාවේ වූ වසන්තය මූසල මරණීය බවකින් වැසී ගොස් ඇති වග පෙනෙන්නේය.

චත්‍ර උන්නේ කැබ් රිය නවතාගෙනය. සිහිනි කපිල සමඟ යන්නට හැර ඔහු අතුරු පාරේ තිබූ කබ් රිය පාසැළ අසල නවතාගත්තේය. නිල් පැහැ සාරියක් ඇඳ උන් යුවතිය ඉක්මන් ගමනින් පාසැල් ගේට්ටුවෙන් පිටතට එනු ඔහු දුටුවේය. ගෙවුණු දින හතරෙම ඕ නිවෙසට ගියේ කල්ප සමඟ නිසා චත්‍ර උන්නේ තිගැස්මකය. බැරි වෙලාවත් ඔහු අද දිනයේද පැමිණියහොත් සියල්ල අතැර යලි බලා හිඳින්නට සිදු වේය.

අයත්මා පාසැල් සීමාව පසු කරනතුරුම කල්ප ආවේ නැත. චත්‍ර වහා කැබ් රිය පණ ගන්වා ගත්තේය.  ගෙවුණ සිකුරාදාවේ ලෙසම අයත්මා අසලින්ම කැබ් රිය නැවතුවේය. 

එහෙත්, එදා කෝල බැලුම් හෙලා නැවතුණු ලෙසින් අද අයත්මා නැවතුණේ නැත. ඕ කැබ් රියම දැවී යන තරමේ බැල්මක් හෙලා ඉදිරියට යන්නට තැත් කරාය. රිය පන ගන්වා තිබියදීම චත්‍ර ඉන් බැස්සේය. බලෙන්ම අයත්මාගේ බාහුවෙන් අල්ලා ඕ කැබ් රියට ගොඩ කෙරුවේය. ඕ ඔහුගෙන් මිදෙන්නට උත්සාහ නොකලා නොවේ. අත මිට මොලවා පහරක්ද ගැසුවාය. එහෙත් චත්‍රට දැණුනේවත් නැත. චත්‍ර ඇගේ ආසන පටිද පැලදුවේ ඇගේ විරෝධය ගනනකට නැතිවය. ඔහු කැබ් රිය ධාවනය කරන්නට ගත්තේය.

අයත්මා තමා ට චත්‍ර සමඟ එන්නට අවැසි නැති බවත්, නිවෙසට යා යුතු බවත් පවසමින් කෑ ගැසුවා වුවද චත්‍ර කනකට  හෝ නොගත් බවම පෙන්වමින් උන්නේය. ඔහුට අවශ්‍යව තිබුණේ ඇයට සියල්ල පැහැදිලි කරන්නටය.

” මේන් රෝඩ් එකෙන් මාව බැස්සුවේ නැත්නම් එහෙම මම 119 ගහනවා….”

අයත්මා කෑ ගසා කීවාය. චත්‍ර වහා ඇය වෙතට නැඹුරු වී ඇගේ වමතේ වූ ජංගම දුරකතන ගෙන තමා අසලින් තියා ගත්තේය. අයත්මා තත්පර කිහිපයක් කුමක් සිදු වූයේදැයි වටහා ගන්නට බැරිව මෙන් බලා උන්නාය. ඉන් පසුව ඇය ඔහුගෙන් ජංගම දුරකතනය උදුරා ගන්නට උත්සාහ කලාය.

” මේක කොහේ හරි වැදිලා නිව්ස් එකක් වදිනවට කැමති නම් තව දඟලපංකෝ …”

චත්‍ර දැඩි හඬින් පවසද්දී අයත්මා අසුනේ කොනටම වූවාය. ඔහු රළු ව නැගී සිටියි. අයත්මා දුර්වලව හැකිලෙන්නට ගෙන තිබුණි. ඕ දෑස් වසා ගත්තාය. 

වැසි තිබූ රැය වෙනුවට ගිණි ගහන අවුවක් ඇත. ඔහු සමාන රුදුරු වෙසෙසින්ම ඉන්නේය. අයත්මා වහා වතුර බෝතලය සෙව්වාය. එහි අවසන් උහුරද ඕ අවසන් කර තිබුණි. වේගවත් හුස්ම කෙටියෙන් හෙලමින් සන්සුන් වන්නට උත්සාහ කරන්නට ගත්තාය. ඇගේ නිසොල්මන් බව දෙස  චත්‍ර හැරී බැලුවේත්, ඕ පපුව මැද්දෙන් අත තබාගෙන සන්සුන් වන්නට උත්සාහ කිරීම ඇරඹුවේත් එකම මොහොතේය.

” ඕහ් ශිට් ….”

චත්‍ර වහා කැබ් රිය ප්‍රධාන මාවතට මෙපිටින් වූ තැනක නවතාගත්තේය. ඇය වහා තමා වෙතට නතු කරගත්තේය. ආසන පටි මුදා හැරියේය. ඇගේ හිස් මුදුනේ පටන්ම පිරිමැද්දේය. හිස් මුදුන සිප ගත්තේය.

” මුකුත් නෑ අයූ … මුකුත් නෑ..ඔකෝම හරි ….. ප්ලීස් ..ප්ලීස් …කර්ම් ඩව්න් …. ප්ලීස් …”

අයත්මා  සන්සුන් වන්නට උත්සාහ කරමින් හෙලූ සුසුම් වල බර චත්‍රගේ කපු කමිසය තුලින් හදවතට දැනෙමින් තිබුණි. අයත්මාගේ කලබලය වටහා ගත් චත්‍රගේ හදවතේ අසාමාන්‍ය ගැස්ම ක්‍රම ක්‍රමයෙන් අයත්මාටද දැනෙන්නට ගත්තේය.  එකිනෙකාගේ කලබලය තුලින් දෙදෙනා තම තමන්ගේ සැහැල්ලුව සොයා ගන්නට උත්සාහ කරමින් උන්නෝය.

” සොරි .. සොරි අයූ .. මම කලබල කරාට සොරි … ඔක්කොම හරි .. මං ඔයාට වීල් එකක් දාලා දෙන්නම් ගෙදර යන්න … හරිනේ … මං ..මං ..බලෙන්ම ඔයාව දාගත්තේ ඔයා මාව මඟ ඇරපු නිසයි .. ඒත් නෑ .. මෙහෙම ඕනි නෑ….”

චත්‍ර ඇගේ මුහූණ තම දෝතින්ම ගෙන ඇගේ දෑසටම එබී කීවේය. ඇයටද ඒ දෑස් වෙතින් මිදෙන්නට ඉඩ ලැබුනේ නැත. ඕ හිස සලන්නට උත්සාහ කලද කිසිවක් කරගන්නට නොහැඛි ලෙසින් ගල් ගැසී උන්නාය.

” පික් මී එකක් දාලා දෙන්නම් හොඳේ..චුට්ටක් ඉන්න … ඔයා නර්වස් නේ තාම …වතුර ටිකක් ?…”

චත්‍ර වහා වතුර බෝතලය සොයාගෙන ඇයට පෑවේය. ඕ එක හුස්මේම  බෝතලයම හිස් කලාය. ඇගේ ගෙල දිගේ වැටෙමින් තිබූ ජල බිඳු හැට්ටයේ කර තුළින් කොහෙටදෝ වැටී සැඟවී යන දසුන චත්‍රගේ  දෑසින් සැඟවුනේ නැත. එහෙත් ඔහු සැනින් ඉවත බලා ගත්තේය. ඇය තමා නිසා වේදනා විඳින්නේය යන හැඟීම ඒ හා සමඟම චත්‍රට දැනුනේය.  ඇයට කෙටි පණිවිඩයක් හෝ යවා ද දිනයේ මුන ගැසීමට අවශ්‍ය බව දන්වා තිබුනා නම් හොඳ බව ඔහුට සිතුනේය. එහෙත් මෙවරද අශ්වයා පැන ගොස් හමාරය.

අයත්මා හිස් බෝතලය චත්‍ර වෙත පෑවේය. චත්‍ර එය අතට ගෙන පිටුපස අසුනට  විසි කලේය. ඉන් පසුව අයත්මාගේ ජංගම දුරකතනයද ඇයට පෑවේය.

” අයූ … ආයේ මං මෙහෙම කරන්නේ නෑ හොඳේ…ඔයා කලබල වෙන්න ඕනි නෑ.. මම පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ.. ඔයා එකපාරටම සයිලන්ට් වුනහම මටත් කරන්න දෙයක් හිතාගන්න බැරි වුනා . අපේ නංගිත් මට සපෝර්ට් එකක් නෑ… අයිම් සොරි අයූ … මං ..මට..මට ඇත්තටම ඕනි වුනේ කතා කරන්න …”

චත්‍ර ජංගම දුරකතනය අතට ගෙන පික් මී යෙදවුම විවෘ ත  කලේය.

” ඇයි ඔයා හිතුවේ බොරු ආදරයක් පෙන්නලා මම ඔයාගෙන් පළිගන්න හදනවා කියලා?….”

තමා එතරම්  ඍ ජු  ලෙසින් විමසාවියැයි අයත්මාටද විශ්වාසයක් වූයේ නැත. චත්‍රට කොහොමටවත් ඒ ඍ ජු විමසීම පිළිගන්නට හැකි වූයේ නැත. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles