කාන්තාවන්ටත් වැළඳෙන හර්නියා රෝගය ගැන දැනගනිමු

හර්නියා රෝගය ඉතා බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් . නමුත් හුඟ දෙනෙකුට ඒ ගැන හරි වැටහීමක් නෑ. වැඩිහිටි පිරිමින්ට පමණක් වැළඳෙන රෝගයක් විදිහට මෙය ප්‍රචලිත වෙලා තිබුණත් ඇත්තෙන්ම මෙය කාන්තාවන්ට සහ කුඩා දරුවන්ටත් සෑදෙන රෝගී තත්ත්වයක්. හර්නියාවක් කියන්නේ ශරීරයේ ඇති යම් කොටසක් ශරීරයේ සිදුවන විවිධ පීඩන තත්ත්ව නිසා එය අඩංගු කුහරයෙන් පිටතට පැමිණීම විදිහට සරලව හඳුන්වන්න පුළුවන්.නමුත් අද අපි මෙම ලිපිය හරහා හර්නියා රෝගය ගැන ගැඹුරින් කතා කරමු.

හර්නියා කියන්නේ මොකක්ද ?

හර්නියා කියන්නේ ශරීර අභ්‍යන්තරයට අයත් ඉන්ද්‍රීය කොටසක් එය වට කරනා බිත්තියෙහි ඇති යම් දුර්වලතාවක් නිසා පිටතට නෙරායෑමක්. මෙම තත්ත්වය බාහිරව දක්නට ලැබෙන අවස්ථා මෙන්ම අභ්‍යන්තරව ඇති වන අවස්ථාද පවතිනවා. නමුත් සමාජයේ වැඩිපුර දක්නට ලැබෙන්නේ බාහිර හර්නියා තත්ත්වයයි.

හර්නියා වර්ග

  • ඉකිලි ප්‍රදේශයේ දක්නට ලැබෙන (Inguinal Hernia) තත්ත්වය.
  • නාභිය ප්‍රදේශයේ මතුවන හර්නියා තත්ත්වය
  • කළින් කරන ලද ශල්‍යකර්මයක කැපුම් තුවාලයක කැළලක් දුර්වලවීම නිසා ඇතිවන හර්නියා තත්ත්වය
  • කලාතුරකින් ඉකිලියත් කලවයත් අතර ඇති කොටසින් Hmoral Hernia නම් තත්ත්වය
  • උදරයේ ඉහළ මැද කොටසේ දැක්විය හැකි හර්නියා තත්ත්වය

හර්නියා සෑදීමට බලපාන සාධක?

  1. පාලනයක් නොමැතිව බර ඉසිලීම

පාලනයක් නොමැතිව බර ඉසිලීම මගින් උදර බිත්තියේ පේශී හා පටක දුර්වලව හර්නියා තත්ත්වය ඇති වනවා.

  1. ස්ථුලභාවය

මේද ස්ථරයේ ඝනකම වැඩිවන විට බිත්තිවල පේශී දුර්වලවීම සිදුවේ. එම නිසාද හර්නියා සෑදීමේ ප්‍රවණතාවය ඒ නිසා වැඩිවේ.

  1. දීර්ඝ කාලීන වියළි කැස්ස

මෙය උදර බිත්තියට යම් පීඩනයක් ලබාදෙන නිසා හර්නියා තත්ත්වය ඇතිවේ. විශේෂයෙන් ම දුම්පානය කරන්නන්ට මේ තත්ත්වය ඇතිවෙන්නේ මේ නිසා ය.

Girl with stomach ache sitting on bed
  1. මලබද්ධය ආයාසයකින් මල පහ කිරීම නිසා උදර බිත්තියට යම් පීඩනයක් දැරීමට සිදුවේ.
  2. පුරස්ථිතික ග්‍රන්ථයේ විශාලවීම නිසා (Benign Prostatic Hyper plasia)

ආයාසයකින් මුත්‍රා කිරීම නිසා ද හර්නියා රෝගය ඇතිවීම හෝ වැඩිවීම සිදුවිය හැකිය.

හර්නියා රෝගයට ප්‍රතිකාර කිරීමට පෙර ඉහත සඳහන් රෝග සාධකවලට ප්‍රතිකාර කිරීම වැදගත් වන බවයි වෛද්‍ය මතය වන්නේ.

කාන්තාවන්ට සෑදෙන හර්නියා තත්ත්වය

ඉහත සාධකවලට අමතරව දරු ප්‍රසූතියකදී උදරයේ සිදු කරනු ලබන කැපුමකින් පසු ඒ ස්ථානයේ උදරයේ බිත්තිය දුර්වල වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඒ ආශ්‍රිතව හර්නියා තත්ත්ව හටගන්නවා.අපි එය “Incisional Hernia” යනුවෙන් හඳුන්වනවා.

දරු ප්‍රසූතියකින් පසුව කාන්තාවක් ඔවුන්ට සුදුසු ව්‍යායාමවල යෙදී උදර බිත්තියේ ඇතිවන ආතතිය පාලනය කර නොගන්නා විට ද පහසුවෙන් හර්නියාවක් ඇති වීමට ඉඩ තිබෙනවා.

රෝග ලක්ෂණ

හර්නියා රෝගය ඇති ස්ථාන ආශ්‍රිතව මඳ වශයෙන් හෝ ඉහළට එසවීමක්, ඉදිමීමක්, පිම්බීමක් හෝ දැකිය හැක.

තදබල වේදනාවක් දැනීම.

වමනය යාම.

ඇතැම් රෝගීන්ට තදබල උණද ඇතිවිය හැක.

කැස්ස ඇතිවද්දී එම ස්ථානය මඳ වශයෙන් පිම්බීම.

හර්නියා රෝගය ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද ?

බර ඉසිලිමේදී නිසි ක්‍රමවේද අනුගමනය කිරීම

දුම්පානය නොකිරීම

සමබර ආහාරවේලක් ගැනීම

දරු ප්‍රසුතියෙන් පසු උදරය ආශ්‍රිත මාංශ පේශි ශක්තිමත් වන ව්‍යායාම සිදු කිරීම

ස්ථුලතාවය ඇති නොවීමට වග බලා ගැනීම

ප්‍රතිකාර කරන ක්‍රම

  1. හර්නියා රෝගයට ප්‍රතිකාර ලෙස කරන්නේ දුර්වල වූ බිත්තිය අලුත්වැඩියා කිරීමෙන් එහි ශක්තිය වැඩි කිරීමයි. Herina Repair ඊට අමතරව හර්නියා මල්ල ඉවත් කිරීම ද සිදුකළ හැකිය
  2. විවෘත ක්‍රමයේ දී හර්නියා මල්ලට ඉහළින් කැපුම් තුවාලයක් ඇති කර එහි පටක එකිනෙක මත යන ලෙස තබා මසා දැමීමෙන් එය යථා තත්ත්වයට පත්කළ හැකියි.
  3. වර්තමානයේ දී බහුලව සිදු කරන ශල්‍ය කර්මය නම් Mesh Repair & Hernia එහිදී බිත්තියේ පටලයක් අතරට ප්‍රෝලින්වලින් සෑදූ දැලක් (Pro line Mesh) දමා එය ශක්තිමත් කිරීම සිදුවේ.

නිසි ප්‍රතිකාර නොකිරීම හරහා හර්නියා’ ඇතැම් විට මාරාන්තික රෝගයක් දක්වා වර්ධනය විය හැකියි.එබැවින් ඔබත් ඉහත රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතා වැදගත්

Related Articles

Don't Miss


Latest Articles